in #GoHomeGota2022, H.R.Jothipala

අපි දෙන්නා | Api Denna by H.R.Jothipala

අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ
ඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේ
ඔබගේ සිත මා නැත හඳුනන්නේ
වරදක් නැතුවයි පිටුපා යන්නේ
තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි
සුභ සැන්දෑවක් වේවා

වැලි අහුර කන්දක් කියාලා
දිය බිඳුන ගඟකැයි සිතාලා
මල් අත්තේ කටුවක් සොයාලා
ලතවෙන්න සිදුවෙයි කිපීලා

අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ
ඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේ
ඔබගේ සිත මා නැත හඳුනන්නේ
වරදක් නැතුවයි පිටුපා යන්නේ
තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි
සුභ සැන්දෑවක් වේවා

සඳ මඬලේ සා ලපය ඇතිදෝ
මද දිගට සම සමව ඇතිදෝ
මෙය ඔබට තෝරන්න බැරිදෝ
අප දෙන්නා මැද ඉන්නේ කවුදෝ

අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ
ඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේ
ඔබගේ සිත මා නැත හඳුනන්නේ
වරදක් නැතුවයි පිටුපා යන්නේ
තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි
සුභ සැන්දෑවක් වේවා

banner

Leave a Reply