පායලා තරු නිල් | Payala Tharu Nil by Athula Adhikari

පායලා තරු නිල් ආකාස පුරා
නින්ද නොයෙන යාමේ
නින්ද නොයෙන යාමේ

පායලා තරු නිල් ආකාස පුරා
නින්ද නොයෙන යාමේ
නින්ද නොයෙන යාමේ

වන පියසේ පිනි රගනා යාමේ .. පිනි රගනා යාමේ
සුරගිනයෝ ගීත ගයන වේලේ .. ගීත ගයන වේලේ
විහගුන් සැගවීලා නිදනා තුරුලතා තුරේ
ගීත අසන යාමේ .. ගීත අසන යාමේ

පායලා තරු නිල් ආකාස පුරා
නින්ද නොයෙන යාමේ
නින්ද නොයෙන යාමේ

සයුර ඉමේ පවන නිසල යාමේ .. පවන නිසල යාමේ
කිදුරනා පෙමින් බැදෙනවාදෝ .. පෙමින් බැදෙනවාදෝ
හැගුම් සලන යාමේ .. හැගුම් සලන යාමේ

පායලා තරු නිල් ආකාස පුරා
නින්ද නොයෙන යාමේ
නින්ද නොයෙන යාමේ
නින්ද නොයෙන යාමේ
නින්ද නොයෙන යාමේ

පණ තියෙන තුරා | Pana Thiyena Thura by Athula Adhikari

පණ තියෙන තුරා කීවත්
නෑ ඉවර වෙන්නේ කවදත්
මගේ හිතේ නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන්

පණ තියෙන තුරා කීවත්
නෑ ඉවර වෙන්නේ කවදත්
මගේ හිතේ නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන්

දිය කඳුරු පවා – වැසි නැති දා ගොළු වී යාවී
දිය කඳුරු පවා – වැසි නැති දා ගොළු වී යාවී
වන නිල්ල පවා – සැඩ නිය‍ඟේ සැඟවී යාවී

පණ තියෙන තුරා කීවත්
නෑ ඉවර වෙන්නේ කවදත්
මගේ හිතේ නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන්

පුර හඳට වඩා – සිහිල දෙයක් ඇත්නම් ලෝකේ
පුර හඳට වඩා – සිහිල දෙයක් ඇත්නම් ලෝකේ
ඒ උඹේ හිතමයි – ඇදහූවද කවුරුන් කෙලෙසේ

පණ තියෙන තුරා කීවත්
නෑ ඉවර වෙන්නේ කවදත්
මගේ හිතේ නුඹ කෙරේ ඇති
ප්‍රේමණීය හැඟුමන්

ඔබෙන් පමණි | Oben Pamanai by Athula Adhikari

ඔබෙන් පමණි මා දුටුවේ මිහිර උතුරනා සිනා
නැවුම් ගීතයන් ලියන්නේ ඔබේ ආදරේ දිනා

ඔබෙන් පමණි මා දුටුවේ මිහිර උතුරනා සිනා
නැවුම් ගීතයන් ලියන්නේ ඔබේ ආදරේ දිනා

කලක් මා නෙතින් බැලූ ඒ ඔබේ කල්පනා එදා
දුකින් මිලින වී තැවෙන්නේ සිතින් තනිවෙලා මෙමා
ඉතින් නම් කතා එවන් වූ සවන් දෙනු එපා

ඔබෙන් පමණි මා දුටුවේ මිහිර උතුරනා සිනා
නැවුම් ගීතයන් ලියන්නේ ඔබේ ආදරේ දිනා

සවන් රැළි වෙලා පාවී සවන් සනසලා ගියා
නුවන් මා නිවූ දයාවී පැතුම් පුරවලා ගියා
ළඳේ මේ ලොවේ තවත් නෑ කෙනෙක් වන් ඔයා

ඔබෙන් පමණි මා දුටුවේ මිහිර උතුරනා සිනා
නැවුම් ගීතයන් ලියන්නේ ඔබේ ආදරේ දිනා

ඔබෙන් පමණි මා දුටුවේ මිහිර උතුරනා සිනා
නැවුම් ගීතයන් ලියන්නේ ඔබේ ආදරේ දිනා

ඔබ මලක් වගේ | Oba Malak Wage by Athula Adhikari

ඔබ මලක් වගේ හිනැහීලා
මට සතුට අරන් ආවා
සුවදේ වෙලිලා ඔබ හා බැදිලා
සසරේ සැමදා ආවා

ඔබ මලක් වගේ හිනැහීලා
මට සතුට අරන් ආවා
සුවදේ වෙලිලා ඔබ හා බැදිලා
සසරේ සැමදා ආවා

උදා නොවූ මධු වසන්තයයි මේ ආවේ
නිමා නොවූ පෙම් හැගුම් සදා රැදුනාවේ
ඔබගේ කතා අහලා
දිවියේ විඩා නිවිලා
රතු රෝස මල් සුදු රෝස මල් තව පාට මල් පිපුනා

ඔබ මලක් වගේ හිනැහීලා
මට සතුට අරන් ආවා
සුවදේ වෙලිලා ඔබ හා බැදිලා
සසරේ සැමදා ආවා

හඩන්නෙපා යලි කවදා හෝ ඔය දෑසින්
ළගින් හිදින්නම් මියෙන තුරා තනි රකිමින්
ඔබගේ කතා අහලා
දිවියේ විඩා නිවිලා
රතු රෝස මල් සුදු රෝස මල් තව පාට මල් පිපුනා

ඔබ මලක් වගේ හිනැහීලා
මට සතුට අරන් ආවා
සුවදේ වෙලිලා ඔබ හා බැදිලා
සසරේ සැමදා ආවා

ඔබ මලක් වගේ හිනැහීලා
මට සතුට අරන් ආවා
සුවදේ වෙලිලා ඔබ හා බැදිලා
සසරේ සැමදා ආවා

ඔබ කවුද | Oba Kawda by Athula Adhikari

ඔබ කවුද කව්රුන්ද
පිණි බිඳක් මඳ නළක්
ප්‍රිය විලක් පිණි බිඳක්
ඔබ කව්ද කව්රුන්ද

කොඳ මලක් බිඟු නදක්
රොන් පොදක්
ඔබ කවුද කව්රුන්ද

තරු රැයක් වන පෙතක්
ගිනි සිලක් තරු රැයක්
ඔබ කවුදකව්රුන්ද

නුඹ ඇවිත් යන්න | Numba Awith Yanna by Athula Adhikari

නුඹ ඇවිත් යන්න
පාළුවට ගිය හිත පුරා
හුරු පුරුදු සුවදින්
මගේ වන්නට නොහැකිනම්
ආයෙත් නුඹ ඇවිත් යන්න

නුඹ ඇවිත් යන්න
පාළුවට ගිය හිත පුරා
හුරු පුරුදු සුවදින්
මගේ වන්නට නොහැකිනම්
ආයෙත් නුඹ ඇවිත් යන්න

එකෝමත් එක දුරාතීතෙක
එකම එක දවසක් හමුවුනා
නුඹ කියා නොකියා තියා ගිය
හතවතේ එක පැතුමක්

සොයා වෙහෙසුන මගේ නෙතු අග
තබා කදුළු අහුරක්
ලංවුනා මල තලා නොතලා
නෙලා ගන්නට පින් පිරූ බඹරෙක්

මගේ වන්නට නොහැකිනම්
ආයෙත් නුඹ ඇවිත් යන්න
නුඹ ඇවිත් යන්න
මගේ වන්නට නොහැකිනම්
ආයෙත් නුඹ ඇවිත් යන්න

නැලවෙන සුළගක් | Nalawena Sulangak by Athula Adhikari

නැලවෙන සුළගක් සන්සුන් සිතකට
හිරිහැරයක් වෙයි නම්
තරුමල් දෝතක් ලගින් තියා ඔබෙ
මම හිමිහිට යන්නම්
සද මල් සිපගෙන එන මද සුළගට
මමත් ආදරෙයි නම්
ලස්සන ඇස් දෙක දිහා බලාගෙන
සිතිවිලි නලවන්නම්

රෝස දෙතොල්පෙති සිනා සලනවා
මල් සුවදකට දැනෙයි
පෙම්බර මිහිර දිදී
හාදු අරන් මග බලා ඉන්නවා
එ ්මල් සුවද දිදී
මගෙ මල් කුමරියනේ

සමාවෙන් ඔය හිත රිදුනාම්
නොඉදුල් පෙම සිහිවී
චුට්ටක් පමා වැඩියි
දයාවන්ත රන්වන් සමනලායේ
කළුදුල් පෙම සදකි
සදවත මම සිඹිමි

නැලවෙන සුළගක් සන්සුන් සිතකට
හිරිහැරයක් වෙයි නම්
තරුමල් දෝතක් ලගින් තියා ඔබෙ
මම හිමිහිට යන්නම්
සද මල් සිපගෙන එන මද සුළගට
මමත් ආදරෙයි නම්
ලස්සන ඇස් දෙක දිහා බලාගෙන
සිතිවිලි නලවන්නම්

මුතුලතා සිනහා | Muthulatha Sinaha by Athula Adhikari

මුතුලතා සිනහා පොකුරු පා
මුතු මැණිකේ බලනු එපා
නෙත පැටලී සිත මා අසරණ වෙලා

මම ලදේ කෙලෙසද කියන්නේ
ආල හැගුම් මුව ගොළුවී
හිත පැටලී අද මා අසරණ වෙලා

ගෙලේ තොරොම්බොල් මාලේ පලදා
ඉහේ තැඹිලි තෙල් ගාලා පීරා
පාලොස්වක පෝදා හද ගමට වඩින ලීලෙන්
දෙවැටේ නුඹ එන්නා

මුතුලතා සිනහා පොකුරු පා
මුතු මැණිකේ බලනු එපා
නෙත පැටලී සිත මා අසරණ වෙලා

තුන්තිස් පැය රෑ නිදිනම් නැතුවා
ඉලන්දාරි මං රහසේ හැඩුවා
මුතු බිදු මුතු මැණිකේ නුඹ කරකාරෙට ගන්ටා
පූරුවෙ පිං නැතුවා

මුතුලතා සිනහා පොකුරු පා
මුතු මැණිකේ බලනු එපා
නෙත පැටලී සිත මා අසරණ වෙලා

මොනවද කීවේ | Monawada Keewe by Athula Adhikari

මොනවද කීවේ මට ඔයා
අතහැර යන්නේ නෑ කියා
අමතක වීද ඒ කතා
පිටුපා යන්නේ නෑ කියා

ඈත ඉමේ කදු මුදුනේ
සීතල දැනිලා
තුරුළුඋනු විදිය මතකයි
මගෙ හදට ඔයා
අතීතයේ පැතුව පැතුම්
අන්ධකාරයේ
පිටුවා යන්නේ ඇයි ඔයා

පිරුනු සදට සිනිදු දෙතොලේ
මුහුනත තෙරපු
ඒ සුව කොයි අතද ගියේ
ඇයි මම කරපු
වරද මොකෝ කියන්නකෝ
කනට ලංවෙලා
පිටුවා යන්නේ ඇයි ඔයා

මල් හසරැල් | Mal Hasaral by Athula Adhikari

මල් හසරැල් පීදී දුක් කදුළැල් සේදී
සොඳුරු වසන්තේ සිරි නරඹන්නට එනවාද
මිතුදම් යළි හාවී මල් දම් ලියලාවී
සිහින දනව්වේ සිරි නරඹන්නට එනවාද
සරදම් සිත් රිදවනවා
කළකම් නම් ඵල දෙනවා
මෙල්ල කරන් සිත නිල්ල නෙළන්නට එනවාද

පායන පුන් සඳ සේ සිත් පීදෙයි සොඳසේ
සීනු සිනා හඩ සවනපිනා යන්නේ
ජිවිතයේ දුක් ගින්දර පාවී යාවී
ආදරයේ නාමෙන් රත් පියුම් පිපේවී
රැඟුම් ගැයුම් මැද නැවුම් හැඟුම් විකසිත වේවී

මල් හසරැල් පීදී දුක් කදුළැල් සේදී
සොඳුරු වසන්තේ සිරි නරඹන්නට එනවාද
මිතුදම් යළි හාවී මල් දම් ලියලාවී
සිහින දනව්වේ සිරි නරඹන්නට එනවාද
සරදම් සිත් රිදවනවා
කළකම් නම් ඵල දෙනවා
මෙල්ල කරන් සිත නිල්ල නෙළන්නට එනවාද

නිම්හිම් නැති සසරේ කෙම් බිම් මැදිව මෙසේ
ආදර ලෝකෙට පාර කියා දෙන්නේ
නිම්හිම් නැති සසරේ කෙම් බිම් මතුවන සේ
ආදර ලෝකෙට පාර නියාදෙන්නේ
ජිවිතයේ දුක් ගින්දර පාවී යාවී
ආදරයේ නාමෙන් රත් පියුම් පිපේවී
රැඟුම් ගැයුම් මැද නැවුම් හැඟුම් විකසිත වේවී