සඳ වී හදේ | Sanda wee Handee by Damith Asanka

සඳ වී හදේ පායන් ඉතින්
රන් තාරුකා මල් වැල් අරන්
මුදු සීත වැල් අතරින් ඇවිත්
දෝතින් බදා… සිප ගම් සෙමින්
කඳුලින් උපන් සෙනෙහේ නමින්
දිවි ඇති තුරා… හැරදා නොයම්

මේ රාත්‍රියේ දැනෙන තනිකම් ළඟින්
ඔබෙ ආදරේ සුවඳ ගෙන එයි හෙමින්
සංසාරයේ පැතුව පැතුමක් ලෙසින්
ඔබ ළං වුණේ හදට සුළඟක් ලෙසින්
පිදු ප්‍රේමයේ සොඳුරු පිරිසිදු හදින්
දුක් වේදනා… දුරු වෙයි ඉතින්

මේ ජීවිතේ මිහිර පැතුවා සිතින්
එය හිමි වුණේ ලබැඳි ඔබගේ නමින්
රැඳුනා හදේ ඔබව සිතුවම් ලෙසින්
බැඳුනේ පෙමින් ලොවට රහසින් ඇවිත්
පෙම් ලෝකයේ කිරුළ සුරතින් අරන්
එන්නම් සොයා… සනසා නුවන්

සඳ වී හදේ පායන් ඉතින්
රන් තාරුකා මල් වැල් අරන්
මුදු සීත වැල් අතරින් ඇවිත්
දෝතින් බදා… සිප ගම් සෙමින්
කඳුලින් උපන් සෙනෙහේ නමින්
දිවි ඇති තුරා… හැරදා නොයම්

සඳ පායන්නේ නැති | Sanda Payanne Nathi by Damith Asanka

සඳ පායන්නේ නැති කලෙක මගේ ජීවිතේ
නුඹ ආලෝකේ ගෙන ආවා සඳවතිය සේ
මට පිලිගන්න බැරි තරමේ පුද දුන් සෙනේ
මම රැක ගනිමි කුමුදිනිය පණ මෙන් මගේ
සදළු …. සදළු …. සදළු …. ඒ පුර සඳ නුඹලු

සිතත් එක්ක ගිය වන්දනා ගමනේ
සොඳුරු නැවතුම නුඹයි දිවි අරණේ
රකිමි පණ මෙන් දුන්නු පෙම සඳුනේ
රැය එකළු කළ සඳවතිය නුඹනේ

පැතුම් පොදි බැඳන් මහාමෙරක් තරමේ
සංසාර පුරුද්දට මුණගැහුණේ පුදුමේ
වඳිමි නිල් නෙතු දහම මෙන් දිවියේ
මගෙම වී ළඟ ඉන්න සඳවතියේ

සදළු …. සදළු …. සදළු ….

සංසාරේ මා දුටු | Sansare Ma Dutu by Damith Asanka

සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා
සංසාරේ මා ඇසු මුදු වදනයි ඒ අම්මා
මෙතේ බුදුන් ළඟට බුදුන් වේවා මගේ අම්මා
අම්මේ ඔබ බුදු වෙන දා මා පොඩි පුතු වෙම්මා
සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා

කටුක ලොවේ සොඳුරු සුවේ මට පෙන්වූ අම්මා
කඳුළු වලින් හැම දුකක්ම දමනය කළ අම්මා
මෙතේ බුදුන් ළඟට බුදුන් වේවා මගේ අම්මා

සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා
සංසාරේ මා ඇසු මුදු වදනයි ඒ අම්මා
මෙතේ බුදුන් ළඟට බුදුන් වේවා මගේ අම්මා
අම්මේ ඔබ බුදු වෙන දා මා පොඩි පුතු වෙම්මා
සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා

කිරි බිඳුවක ණය ගෙවන්න සංසාරේම වඳිමි
අම්මා යන වදන කියා ලෝකය හැඩ කරමි
බුදු වෙනදා මගේ අතින් මා උවතැන් කරමි

සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා
සංසාරේ මා ඇසු මුදු වදනයි ඒ අම්මා
මෙතේ බුදුන් ළඟට බුදුන් වේවා මගේ අම්මා
අම්මේ ඔබ බුදු වෙන දා මා පොඩි පුතු වෙම්මා
සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා

සිතට දැනුනු ඔබේ | Sithata Danunu Obe by Damith Asanka

සිතට දැනුනු ඔබේ ආදරේ
කදුළු පිරුණු මගේ ජීවිතේ
මං තවම ආදරෙයි මං තවම ආදරෙයි
වෙනසක් නොවේ මගේ ආදරේ
සිතට දැනුනු ඔබේ ආදරේ
කදුළු පිරුණු මගේ ජීවිතේ

මහදේ පහන් නිවී ආලෝකයක් නැති
අඳුරේ ගෙවෙයි ජීවිතේ
ඔබ නම් සඳක් වැනි ආලෝකයක් ඇති
ඔය රුව ඇඳෙයි මා සිතේ
දිගු කාලයක් පුරා ඔබේ ආදරේ පතා
එන්නේ ඔයා හිමි වන තුරා

සිතට දැනුනු ඔබේ ආදරේ
කදුළු පිරුණු මගේ ජීවිතේ

පෝසත්කමක් නැති අසරණකමක් ඇති
මා පෙම්වතෙක් මේ ලොවේ
මුවගේ සිනා පිරි ඔබ දෙව්දුවක් වැනි
පින්වන්තියක් දෝ ලඳේ
ඔබව මට නම් හිමි පණ මෙන් ලඟින් රැඳී
රැකගන්නෙමි සදා මියෙනා තුරා

සිතට දැනුනු ඔබේ ආදරේ
කඳුළු පිරුනු මගේ ජීවිතේ

සිතත් එක්ක | Sithath Ekka by Damith Asanka

සිතත් එක්ක යන්න යං
වන්දනා කරන්න නම්
ඔබේ සුවඳ මගේ හදවතේ
තාම රැදෙයි හඬ හඬා මෙසේ

සිතත් එක්ක යන්න යං
වන්දනා කරන්න නම්
ඔබේ සුවඳ මගේ හදවතේ
තාම රැදෙයි හඬ හඬා මෙසේ

සුසුම් වැල් සිනා කැළුම්
පූදිනා සිතුම් පැතුම්
කොතෙක් ඇද්ද මගේ ආදරේ
ඒත් රංගනාවියේ නොලැබෙනා පෙමක් දිගේ
ඇවිත් හිඳී තනිව මං මෙසේ
ඔබට ආදරෙයි පණ වගේ

සිතත් එක්ක යන්න යං
වන්දනා කරන්න නම්
ඔබේ සුවඳ මගේ හදවතේ
තාම රැදෙයි හඬ හඬා මෙසේ

හිරුත් සඳු තරුත් අරන්
ඒවි රෝස මල් ලියන්
අරන් යන්න මගෙන් ආදරේ
නින්දෙ තනිවෙලා වගේ
ඉන්නේ නෙතු පියා ඔහේ
ඔබෙන් තොරව ලොවක් මට කොහේ
සදා ඔබයි මගේ ආදරේ

සිතත් එක්ක යන්න යං
වන්දනා කරන්න නම්
ඔබේ සුවඳ මගේ හදවතේ
තාම රැදෙයි හඬ හඬා මෙසේ

සිතේ පෙම් පුරා | Sithe Pem Pura by Damith Asanka

සිතේ පෙම් පුරා මෙතරම් මොටද මහමෙරක් බරනම්
මමත් මග බලා ඉන්නම් එනතුරා මෙහේ
පෑල දොරින් හෝ එයි නම් භාර ගනිමි රන්කඳ දැන්
මන්ද බාං නුඹේ ගොරහැඩි ආලවන්තකම්
කොයි තරම් අනේ සොඳුරුද ප්‍රේමවන්තකම්

පැලේ දැල්වෙනා පහනක් මෙන් සිනාසුණේ
ඔබේ රුව තමයි තිබුණේ ලංවෙලා හදේ
දුරින් හිද බලා ඉන්නා දුරින් පෙනෙන රූ රහසින්
මන්ද බාං නුඹේ ගොරහැඩි ආලවන්තකම්
කොයි තරම් අනේ සොඳුරුද ප්‍රේමවන්තකම්

හිදියි මං මොනා කීව්වත් දන්නෙ නෑ වගේ
කතා බහ ගොළුයි නුඹගේ ඉන්න බෑ වගේ
බලෙන් හරි ලබා ගන්නම් සිහින් ඉග වනා තරහින්
මන්ද බාං නුඹේ ගොරහැඩි ආලවන්තකම්
කොයි තරම් අනේ සොඳුරුද ප්‍රේමවන්තකම්

සිතේ පෙම් පුරා මෙතරම් මොටද මහමෙරක් බරනම්
මමත් මග බලා ඉන්නම් එනතුරා මෙහේ
පෑල දොරින් හෝ එයි නම් භාර ගනිමි රන්කඳ දැන්
මන්ද බාං නුඹේ ගොරහැඩි ආලවන්තකම්
කොයි තරම් අනේ සොඳුරුද ප්‍රේමවන්තකම්

සිතින් ආදරේ කරන්නේ | Sithin Adare Karanne by Damith Asanka

සිතින් ආදරේ කරන්නේ ආදරේ නොකියා හිඳින්නේ
ඇස් දෙක කියනා කතා ඔබේ
නොදුටුව සේ මා හිඳින්නේ ඔබ මට හිමි නැති හින්දානේ
ඇස් දෙක කියනා කතා ඔබේ
ඈතින් හිඳ මා බලන්නම් ආදරේ නොකියා ඉන්නම්
ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්
ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්

නොදැක ඉන්න හැම විටදී ඔයා
සිතට දැනෙන්නේ වේදනා
මගේ නොවන ඇස් දිහා බලා
කොහොමද දෙන්නේ පෙම කියලා
ඔබ මට හිමි නැති හින්දානේ
ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්
ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්

නිදි නැති රෑ ඔබ ගැන සිතා
කඳුළැලි ගැලුවා දෑසේ මා
මගේ වෙන්නේ නැති නිසා ඔයා
තනිවම ආදරේ දුක වින්දා
ඔබ මට හිමි නැති හින්දානේ
ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්
ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්
ආදරෙයි ආදරෙයි ආදරෙයි නොකියා හිඳින්නම්

රෑ පුරා හීනයම | Ra Pura Heenayama by Damith Asanka

රෑ පුරා හීනයම බිඳ හෙලා විරාග දුක තියා
නුඹ ගියා මුසා බස් පවසලා මනාල සිත් දවා
සිත් පහනේ තරු වැලපේ ආදරේ නමින්

නුඹ කීව කාරණා වෙන සිතක වෙලීලා එදා
සඳ පවා වැලපුණා පිනි දියෙන් සිත වසා
පෙම්වතියේ මා ඉන්නම් සතුට නුඹටම පුදා

සංසාර දුර ගෙවා ලං වූවා සෙනෙහස පෙලා
හව්හරණ නුඹමයි සිතා පැතුවාට හිමි නෑ ඔයා
පෙම්වතියේ මා ඉන්නම් සතුට නුඹටම පුදා

රෑ පුරා හීනයම බිඳ හෙලා විරාග දුක තියා
නුඹ ගියා මුසා බස් පවසලා මනාල සිත් දවා
සිත් පහනේ තරු වැලපේ ආදරේ නමින්

රජ පෙළපතක | Raja Pelapathaka by Damith Asanka

රජ පෙළපතක සිටියත් මෙමා
මගේ සිහසුන ඔබේ පෙම තමා
අපේ සෙනෙහසට ආසිරි පතා
චාමර සැලුවා මාලතී පවා
චාමර සැලුවා මාලතී පවා

පිය රජු මාව සිහසුනේ තියා
රජකම දෙන්න කතිකා කළා
පිය රජු මාව සිහසුනේ තියා
රජකම දෙන්න කතිකා කළා
මේ රජ සැප සියල්ලට වඩා
මම ඔබේ සිතට ආදරේ කළා

රජ පෙළපතක සිටියත් මෙමා
මගේ සිහසුන ඔබේ පෙම තමා
අපේ සෙනෙහසට ආසිරි පතා
චාමර සැලුවා මාලතී පවා
චාමර සැලුවා මාලතී පවා

ඉපදී පැළක දිලිඳුයි කියා
නෑ ආදරයේ වෙනසක් වෙලා
කුල ගොත හදන කඳුලැල් නිවා
මගේ අගරැජිණ කරගමී ඔයා

රජ පෙළපතක සිටියත් මෙමා
මගේ සිහසුන ඔබේ පෙම තමා
අපේ සෙනෙහසට ආසිරි පතා
චාමර සැලුවා මාලතී පවා
චාමර සැලුවා මාලතී පවා

පත්තායම වී | Paththayama Wee by Damith Asanka

පත්තායම වී මනින්න ලෙන්ගතුකම් බැහැ ගනින්න
පුංචි හාමිනේ පුංචි හාමිනේ
හන්තානට මුවා වෙන්න නෑඹුල් සුසුමක් හෙලන්න
හීන් සීරුවේ හීන් සීරුවේ

රාසීන් දෙයියන්ගේ රටට
ඉර ආවත් පරිස්සමට සමාවක් නොවේ
දේවකාරියක් තරමට රාජකාරියට කැපවුණු
අපේ ජීවිතේ අපේ ජීවිතේ

ඉර ගලලා අඳුර වැටෙයි තනිකම සීතලට නතුයි
නොඉන් හාමතේ නොඉන් හාමතේ
සුසුම් අතුල වැට මායිම එපිට ඉඳන් ගෙට පායාන
සඳයි ජීවිතේ සඳයි ජීවිතේ

පත්තායම වී මනින්න ලෙන්ගතුකම් බැහැ ගනින්න
පුංචි හාමිනේ පුංචි හාමිනේ
හන්තානට මුවා වෙන්න නෑඹුල් සුසුමක් හෙලන්න
හීන් සීරුවේ හීන් සීරුවේ