කතරිනා | Katharina by Desmond De Silva

ඒයි කතරිනා ආව් මගෙ ලව් සිනා
ඒයි කතරිනා ආව් මගෙ ලව් සිනා
බයිසිකලේ රෝදෙ වගේ කැරකෙයි ජීවිතය අපේ
වයස හොඳයි කාලෙ සුපර් මොකද කියන්නේ

දොළොස් මසක් ගහපු පදේ තාම ගහන්නේ
Famous ජෝඩු කැප්ටන්ලා කවුද බඳින්නේ
Why Darling මගෙ මූණට ඔහොම කියන්නේ
Naughty Girl මගෙ හදවත fire කරන්නේ

තරහද මගෙ ලව් සිනා අයියෝ නෑ කතරිනා
බඳිමු ද අපි ලව්සිනා I’m ready කතරිනා
විහිළුවටයි බැන්නෙ ඔන්න psyco ගහන් නැතුව ඉන්න
සයිකලයේ රෝදෙ ඔබයි handle එකයි මං

මොනව උනත් ඔයා මගේ ප්‍රේම සාගරේ
ගෝරි ගියත් නැතත් ආදරේනෙ මා කෙරේ
අතරින් පතරින් ඇවිත් නිතර පෙන්නුවට බලේ
කතරින් පණේ බොහෝ කල් ඔයා වැටිල මගෙ දැලේ

මගෙ කිරි හට්ටිය ලව්සිනා පැණි හට්ටිය කතරිනා
වයමු ද අපි රවිකිඤ්ඤා ගහමුද අපි කපරිඤ්ඤා
විහිළුවටයි බැන්නෙ ඔන්න psyco ගහන් නැතුව ඉන්න
සයිකලයේ රෝදෙ ඔබයි handle එකයි මං

When you look at අනිත් කෙල්ලො සිතට වේදනා
do you want that මම ඔයාලෙ loving කතරිනා
කොල්ලො කෙල්ලො එක් වුනාම හරිම සෝභනා
when we enter lovers’ world funnyචේතනා

ඉන්න බැහැනෙ වෙන්වෙලා බයිලා කියමු ළංවෙලා
සිකුරු තරුව පායලා ප්‍රේම ලෝකෙ එළි වෙලා
විහිළුවටයි බැන්නෙ ඔන්න psyco ගහන් නැතුව ඉන්න
සයිකලයේ රෝදෙ ඔබයි handle එකයි මං

රූබර පොඩි කතරිනා සුදු රත්තරන් මගේ
ආදර ලෝකයට යමුද කුරුල්ලන් වගේ
පමා නොවී ළගදිම අපි බැන්දතොත් අනේ
ඔයයි මමයි ජාඩි වලට මූඩියක් වගේ

දොර ඇරපන් ආයා සුදා | Dora Arapan Aya Suda by Desmond De Silva

දොර ඇරපන් ආයා සුදා අපි දෙන්නගෙ කාලෙ සොඳා
baby අරන් නෝනා උදේ ගමට ගියා සොයලා වෙදා
පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා
බබා වගේ නලවන්නකෝ ඔබෙ හුරතල් නෝනා සුදා

මම එනකොට දොර වහන්නෙපා කුස්සියෙ
මගෙ ආදර බැල්මන්ට උඹ බය ද පිස්සියේ
මට වැරදිල Double Kisses දුන්නෙ taxiයේ
ඔබ මොකටද එල්ලුණෙ මගෙ ඉරුණු මැක්සියේ

රැ වෙනකොට බයිලා කැසට් තිරිකුණාමලේ
වරෙන් ආයා පිඹගෙන යමු තිරිකුණාමලේ
මම දන්නව ලොකු නෝනගෙ සෙරෙප්පුවෙ බලේ
අයියෝ බැහැ ඔළුව හප්පගන්න ඇතුගලේ

සෝඩා වගේ උතුරනවා හදවතේ පෙණේ
පැනල වරෙන් ජනේලයෙන් රත්තරන් පණේ
මෝඩ වෙන්න එපා නෝනා හරි කරච්චලේ
ඇඩෙනව මගෙ කකුලත් වැදුණ හිරමණේ

ආයා දොම්පෙ ආයා | Aya Dompe Aya by Desmond De Silva

ආයා දොම්පෙ ආයා දුකට සැපට කදිම දොම්පෙ ආයා
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා
අංගො මන්ගො ලයිසා ලුසියා සිලියා මිසියා ඇගියා මැගියා
පපිනගෙ දුව මහත ඩොලිය පුංචි බේබි කිව්වා මැණිකා
ගියා ගියා යන්ට ගියා ගමට ගිහින් එන්න ගියා
නෑ නෑ තවමත් නෑ නෑ
එහෙම යයිද අපේ දොම්පෙ ආයා
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා

පළල් උකුල ගස්ස ගස්ස ආයා යනකොට
කොළඹ හතේ බෙන්ස් කාර් එනවනෙ ලඟට
ලක්සන ආයගෙ හැඩරුව හින්ද කරුමෙට
නෝනා එනවා මහත්තයත් එක්ක යුද්දෙට
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා

දොම්පෙ ඉඳලා කොළඹ ආවේ පුංචි ආයා දැන්
හරි ලස්සන වෙලා මගේ නෝනා වාගේ පෙම්
ආදරේට අතින් ඇදල රහස කීවේ මං
කැමති නැතුව වගේ යන්නෙ මොකද රත්තරන්
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා

ආයා වරෙන් මගේ ලඟට galle face එකට යන්න
උඹේ ලස්සන රෝස පාට තොල් පෙති වල රස බලන්න
රස බල බල ice කිරිම් බාල්දියක් අරන් දෙන්න
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා..
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා..
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා..
ආයා දොම්පෙ ආයා පණ යනවා උඹ හින්දා ආයා..

දිවා රෑ දුක් විඳලා | Diwa Ra Duk Windala by Desmond De Silva

දිවා රෑ දුක් විඳලා කුසගින්නේ ඉඳලා
ඇති දැඩි කළා අපේ පියා දාඩිය මුගුරු හෙළා
නිතරම වෙහෙස වෙලා දුක මට සැපයි කිය කියා
දරුවනි මා වගේ මිනිහෙක් වෙයන් ලොවේ
නිතරම අවවාද කරන්නා ඉර හඳ තරු වාගේ
ජිවිතයට මාගේ ඔබේ ආලෝකය වේවා

වීර්යෙන් සොයා අප රක්ෂා කළ පියා
අත්මුදුන් තියා වඳිනෙමි ගුණය කියා කියා
වීර්යෙන් සොයා අප රක්ෂා කළ පියා
අත්මුදුන් තියා වඳිනෙමි ගීත ගය ගයා

පොත් පත් ගෙනදීලා දියුණුවේ
මග පෙන්නා අපේ දෑස් පාදලා දුන්නා
කන්නට බොන්න ඇති එහෙත් ඊට නෑ
කැමති කෑම සොයා අපට කවන්නා
කඩමළු ඔහු අඳිති අපි ගැන ඔහු බලති
දරුවන් දැක සැනසෙන්නා
මගේ හදවත පතුලේ ඔබේ සුවඳය ඇත්තේ
වාසනාව ඔබ මගේ පතනා

වීර්යෙන් සොයා අප රක්ෂා කළ පියා
අත්මුදුන් තියා වඳිනෙමි ගුණය කියා කියා
වීර්යෙන් සොයා අප රක්ෂා කළ පියා
අත්මුදුන් තියා වඳිනෙමි ගීත ගය ගයා

කට ඇති පුතේ මගේ රූ බර දුවේ මගේ
මේ රට ඔබේ සහ මගේ
මව්පියෝ ඇති ඔබගේ එහි ඉටුදෙවියෝ වගේ
යහතින් ඔබ රැකගන්නා
මා පිය රැකවරණේ ආදර දරුවන්නේ
වේවා මතු ඔබ සරණේ
වසනා තුරු සසරේ ඔබේ ගුණ කඳ පැතිරේ
වේවා පියතුමා මගේ

වීර්යෙන් සොයා අප රක්ෂා කළ පියා
අත්මුදුන් තියා වඳිනෙමි ගුණය කියා කියා
වීර්යෙන් සොයා අප රක්ෂා කළ පියා
අත්මුදුන් තියා වඳිනෙමි ගීත ගය ගයා

චූඩා මාණිකේ | Chuda Manikee by Desmond De Silva

චූඩා මාණිකේ බලාලා යනව මේ අපි
ලෝබ නැතිව පඬුරු දාලා එනව මේ අපි

තෙල් ගාලා හිස පීරල කොණ්ඩෙ බැන්දෙ මං
තෙල් ගාලා හිස පීරල කොණ්ඩෙ බැන්දෙ මං
තෙල් ගාලා හිස පීරල කොණ්ඩෙ බැන්දෙ මං
මෙන්න බොලේ මේ ගෑනිට මං එපාලු දැන්

චූඩා මාණිකේ බලාලා යනව මේ අපි
ලෝබ නැතිව පඬුරු දාලා එනව මේ අපි

කොස් උයලා මස් උයලා කන්න දුන්නෙ මං
කොස් උයලා මස් උයාලා කන්න දුන්නෙ මං
කොස් උයලා මස් උයලා කන්න දුන්නෙ මං
මෙන්න වදේ මේ ගෑණිට මං එපාලු දැන්

චූඩා මාණිකේ බලාලා යනව මේ අපි
ලෝබ නැතිව පඬුරු දාලා එනව මේ අපි

ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි සූකිරි බටිල්ලා
අර ලකඩි පප්පගෙ වංගෙඩි සම්බෝලෙ එකට යොදාලා
ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි සූකිරි බටිල්ලා
රකින කිකිළි මාව දැකල ක්‍රෑක් ගානවා
ඒ ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි සූකිරි බටිල්ලා

චූඩා මාණිකේ බලාලා යනව මේ අපි
ලෝබ නැතිව පඬුරු දාලා එනව මේ අපි

අතුරු මිතුරු අපි ඔක්කොම බයිලා නටනවා
බයිලා වලට මුළු ලෝකෙම තැනක් තියෙනවා
කෙල්ලෝ කොල්ලෝ බයිලා වලට පණ හරි දෙනවා
ඒක නිසා ඩෙස්මන් මම අද බයිලා කියනවා

චූඩා මාණිකේ බලාලා යනව මේ අපි
ලෝබ නැතිව පඬුරු දාලා එනව මේ අපි
චූඩා මාණිකේ බලාලා යනව මේ අපි
ලෝබ නැතිව පඬුරු දාලා එනව මේ අපි

කිරිල්ලියේ රන් කිරිල්ලි | Kirilli Ran Kirilli by Desmond De Silva

කිරිල්ලියේ රන් කිරිල්ලියේ
නොකියා පියබලා
ආදරේ මට නෑ කියා
පියබලා ඔබ ගියා

කාටද ඔබ දැන් ආදරේ
නොකියා දෝ පිටු පා ගියේ
නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ
ම හදේ ආදරේ ගිලිහුනේ
නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ ම
හදේ ආදරේ ගිලිහුනේ

කිරිල්ලියේ රන් කිරිල්ලියේ
නොකියා පියබලා
ආදරේ මට නෑ කියා
පියබලා ඔබ ගියා

සොකේ ගෙනදේ ලෝකයේ
පැරදීලා අප එක් වුනේ
නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ
ම හදේ ආදරේ ගිලිහුනේ
නෑ මා ප්‍රියේ ආදරේ ඒ වගේ
ම හදේ ආදරේ ගිලිහුනේ

කිරිල්ලියේ රන් කිරිල්ලියේ
නොකියා පියබලා
ආදරේ මට නෑ කියා
පියබලා ඔබ ගියා

නිල්වන් මුහුදු තීරේ | Nilwan Muhudu Theere by Desmond de Silva

මා එතර ආ දා ඈ නැවට ආවා
ඒ මොහොත සිහිවේ අද වගේ

නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුණ යායේ
මා තනිවෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ

මා එතර ආ දා ඈ නැවට ආවා
ඒ මොහොත සිහිවේ අද වගේ
මා හා තුරුළු වී ලා දෑසේ කඳුළු බීලා
රහසේ සුසුම් ලෑ හඬ ඇසේ

නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුණ යායේ
මා තනිවෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ

රෑ සොඳුරු මොහොතේ මා මිදුණු යාමේ
ඈ දෙතොල මාගේ දෙකොපුලේ
ගෑ ඒ සුවඳ වීදේ මූණේ තව ම මාගේ
නෑ මා පිසින්නෑ මුව මගේ

නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුණ යායේ
මා තනිවෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ

නිල්වන් මුහුදු තීරේ
ගල් මල් පිපුණ යායේ
මා තනිවෙලා නැව් තලේ
ඈ ඇත ඇගේ යහනතේ

දොර ඇරපන් ආයා සුදා | Dora Erapan Aya Suda by Desmond de Silva ft. Indrani Perera

දොර ඇරත් ආය සුදා අපි දෙන්නගෙ කාලේ සොදා
බේබි අරන් නෝන උදේ ගමට ගියා හොයලා වෙදා

පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා
බබා වගේ නලවන්නකෝ ඔබේ හුරතල් නෝන සුදා

මම එනකොට දොර වහන්න එපා කුස්සියේ
මගෙ ආදර බැල්මට උඹ බය ද පිස්සියේ

මට වැරදිල ඩබල් කිසස් දුන්නේ ටැක්සියේ
ඔබ මොකටද එල්ලුනේ මගේ ඉරුණු මැක්සියේ

දොර ඇරත් ආය සුදා අපි දෙන්නගෙ කාලේ සොදා
බේබි අරන් නෝන උදේ ගමට ගියා හොයලා වෙදා

පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා
බබා වගේ නලවන්නකෝ ඔබේ හුරතල් නෝන සුදා

රෑ වෙනකොට බයිලා කැසට් තිරිකුණාමලේ
වරෙන් ආයා පිඹගෙන යමු මෝටසයිකලේ

මම දන්නව ඔබේ නෝනගෙ සෙරෙප්පුවේ බලේ…
අයියෝ බැහැ ඔළුව හප්පගන්න ඇතුගලේ

දොර ඇරත් ආය සුදා අපි දෙන්නගෙ කාලේ සොදා
බේබි අරන් නෝන උදේ ගමට ගියා හොයලා වෙදා

පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා
බබා වගේ නලවන්නකෝ ඔබේ හුරතල් නෝන සුදා

සෝඩා වගේ උතුරනවා හදවතේ පෙණේ..
පැනල වරෙන් ජනේලයෙන් රත්තරන් පණේ

මෝඩ වෙන්න එපා පොලොව හරි හැඩයි අනේ
ආන්ඩවනේ මගෙ කකුලත් වැදුනා හිරමණේ

දොර ඇරත් ආය සුදා අපි දෙන්නගෙ කාලේ සොදා
බේබි අරන් නෝන උදේ ගමට ගියා හොයලා වෙදා

පිස්සු නැතුව යන්න මෙයා මහත්තයෙක් නේද ඉඳා
බබා වගේ නලවන්නකෝ ඔබේ හුරතල් නෝන සුදා