ට්‍රිප් එක පාන්දරින් | Trip Eka Pandarin by Dinuli Damsandi [2025]

නෑදෑයෝ හා මගේ යාළුවෝ ආවා
නෑ නෑ නෑ දැන් ඉතින් විනෝදයේ සීමා
ලස්සන ලයිට් දමා බස් එක ආවා
කෝ මේ නඩේගුරා කස්තුරි මාමා
නැන්දත් එයි මාතරින්
අපි යං පාන්දරින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්
පඬුරක් දා දෙවුන්දරින්
දුම්බර පාත රටින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්

අයියගෙ ඩොල්කි රබන් පිටිපස්සේ සීට් එකේ
අක්කලා සින්දු කියයි අප්පුඩියයි ආච්චිගේ
ඇල්ලට වැල්ලවායෙ පාරට දැම්මා වාගේ
සීතල වෙනස් වෙලා ලොකු අම්මා හාන්සී
නැන්දත් එයි මාතරින්
අපි යං පාන්දරින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්
පඬුරක් දා දෙවුන්දරින්
දුම්බර පාත රටින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්

දහ අට වංගු නවං මහියංගණ පාරේ
එනවා නුවර බලන්නට උඩරට කන්දේ
කොළඹට යනවා අපී කුළුණට නගිමු අපී
බල බල නගරෙ හැටී මල්ලිට නෑ කාන්සී
නැන්දත් එයි මාතරින්
අපි යං පාන්දරින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්
පඬුරක් දා දෙවුන්දරින්
දුම්බර පාත රටින්
යං යං යං මාතරින්
ට්‍රිප් එක පාන්දරින්

written by Lasitha Jayaneththi Arachchige