සුබ ප්‍රාර්ථනා කියමන් | Suba Prarthana Kiyamin by Gunadasa Kapuge

සුබ ප්‍රාර්ථනා කියමන් …. සුබ ප්‍රාර්ථනා කියමන්
මා වටකර සතර දෙසින් ගිලිහෙන මුත් මුවට මුවින්
ඔබේ මුවින් නැති පැතුමන් මට නැත අගනේ
සුබ ප්‍රාර්ථනා කියමන් …. සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා

මා ඈ කර මාල බඳින්නේ
ඔබේ නෙත් තරු සැලී දිලෙන්නේ
මා ඈ ගත සළු පළඳින්නේ
ඔබේ නෙත් අග කඳුළු පිරෙන්නේ
ගිඟුම් හඩින් මගුල් සිලෝ පෝරුව දෙදරයි
සුබ ප්‍රාර්ථනා කියමන් …. සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා

මධුසමයට මගට බහින්නේ
ඔබේ නෙත් පෙර මග හමුවන්නේ
රහසින් බැඳි පෙම සිහිවන්නේ
අප මින් මතු නැත හමුවන්නේ
ඔබ අන්සතු ළඳක් කියා ඇයි මට කීවේ
සුබ ප්‍රාර්ථනා කියමන් …. සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා

සුළඟ නුඹ වගේ | Sulanga Numba Wage by Gunadasa Kapuge

සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

සිත හැඳිනුවෙත් ඔබයි
පසු පසම එළව එළවාවිත් සැනසුවෙත් නුඹයි
නුඹ මගේ සිත අරන් ගියා පුදුමයක් නොවෙයි

සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

සිත තනිකලෙත් නුඹයි
මගෙ සිතේ සියුම් තැන් සොය සොය රිදවුවෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදේ පුදුමයක් තමයි

සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

සිංහල සින්දු කියන | Sinhala Sindu Kiyana by Gunadasa Kapuge

සිංහල සින්දු කියන
නළලේ තිලක තියන කිරිල්ලී
තුඩින් හදවතක්‌ අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී

දිව නුහුරු බසින් පෙම් කවි කී
කුරුල්ලාට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක්‌
අතට ගත්ත මනාලී
මධු සමේ මධුර කටු අතරේ
පිපී වැනුන සුරූපී

ගිනි අවිත් එක්‌ක පෙමින් බැඳුන
විහඟ සෙනග අඬාවී
ඒ කඳුළු සිංහලට නගන්න
නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි
රැකගනින් දේවතාවී

සිටු කුමාරියේ | Situ Kumariye by Gunadasa Kapuge

සිටු කුමාරියේ …. නුඹට සීතල අගුණයි
වේල්පටින් මිදුනු දාට වැහි පිණි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අග හිඟ නරකයි
අග හිඟ නරකයි ….
සිටු කුමාරියේ …. නුඹට සීතල අගුණයි
වේල්පටින් මිදුනු දාට වැහි පිණි අපලයි

කුලී ගෙදර වහල කැඩී සිංහල උළු බිදී
නිල් තරු එළි හීන රටෙන් ගලා හැලෙන්නේ
කුමාරියේ නුඹට කොහොම ඒක කියන්නේ ….
ඒක කියන්නේ ….

සිටු කුමාරියේ …. නුඹට සීතල අගුණයි
වේල්පටින් මිදුනු දාට වැහි පිණි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අග හිඟ නරකයි
අග හිඟ නරකයි ….
සිටු කුමාරියේ …. නුඹට සීතල අගුණයි
වේල්පටින් මිදුනු දාට වැහි පිණි අපලයි

කණකර අන් සන්තක වී ජීවිත සින්න වී
පෝරුව ලෙඩ ඇඳක් වෙලා අම්මා නින්දේ
කුමාරියේ නුඹට කොහොම ඒක කියන්නේ ….
ඒක කියන්නේ ….

සිටු කුමාරියේ …. නුඹට සීතල අගුණයි
වේල්පටින් මිදුනු දාට වැහි පිණි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අග හිඟ නරකයි
අග හිඟ නරකයි ….
සිටු කුමාරියේ …. නුඹට සීතල අගුණයි
වේල්පටින් මිදුනු දාට වැහි පිණි අපලයි

සුදු නැන්දා ඇයි | Sudu Nanda Ai by Gunadasa Kapuge

සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
මාමණ්ඩි මට ඇයි මඟහැරියේ
හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ

සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
මාමණ්ඩි මට ඇයි මඟහැරියේ
හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ

වෙනදා ඉදිකඩ අද මට හරස් වෙලා
වයිරා දොරකඩ නොබලයි ඉව අල්ලා
රිදී පොටක් හංගාගෙන ආවා
හීන් නගේ නුඹ නෑ දන්නේ

සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
මාමණ්ඩි මට ඇයි මඟහැරියේ
හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ

තටු පොරවා ගෙන සැළයා කූඩුවෙලා
කනප්පුවෙන් පැන හෙප්පුව බිම වැටිලා
පහන් පැළට අද පරමල් වැඩලා
ගලේ විහාරෙත් ගොලුවීලා

සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ
මාමණ්ඩි මට ඇයි මඟහැරියේ
හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ
හීන් නඟා ඇයි ගේ මුල්ලේ

ශාන්තිනී | Shaanthini by Gunadasa Kapuge

ශාන්තිනී තෙමා වැටේ නළල කුන්කුමම්
කුන්කමම් තෙමා අහසේ හඬන චන්දිරන්
පාං පැලට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
ශාන්තිනී අප දෙවියන් ඇති තැනකට යං

කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්
නු‍ඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වළළු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්

සියල් සිතින් දෑ කුලගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනී විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න

සීතල සඳ එළියේ | Seethala Sanda Eliye by Gunadasa Kapuge

සීතල සඳ එළියේ
පීදුන සුවඳ මලේ
නෑඹුල් සුවය පැතූ
බඹරෝ නුඹ නාඩන්
බඹරෝ නුඹ නාඩන්

සීතල සඳ එළියේ
පීදුන සුවඳ මලේ
නෑඹුල් සුවය පැතූ
බඹරෝ නුඹ නාඩන්
බඹරෝ නුඹ නාඩන්

සදළු තලාවේ මුනින් තලා වී
ඈත බලාගෙන කඳුළු සලන්නී
පරසතු මල් මකරන්ද සුවඳ මැද
බඹරෝ නුඹ නාඩන්
බඹරෝ නුඹ නාඩන්

සීතල සඳ එළියේ
පීදුන සුවඳ මලේ
නෑඹුල් සුවය පැතූ
බඹරෝ නුඹ නාඩන්
බඹරෝ නුඹ නාඩන්

සදා හරිත වන රේඛා මැද්දේ
මලානිකව ගලනා සඳ එළියේ
රෑ සිහිනෙන් මුව ගෑ අඳුනක් දැක
බඹරෝ නුඹ නාඩන්
බඹරෝ නුඹ නාඩන්

සීතල සඳ එළියේ
පීදුන සුවඳ මලේ
නෑඹුල් සුවය පැතූ
බඹරෝ නුඹ නාඩන්
බඹරෝ නුඹ නාඩන්

සෙනෙහෙ සිතින් | Senehe Sithin by Gunadasa Kapuge

සෙනෙහෙ සිතින් සැනසිල්ලෙන් සිතුවිල්ලෙන්
වෙමිනි එකම මවකගෙ දරුවන්
නුවන් පියෙන තුරා ඉඳිමු අපි හසරැල්ලෙන්

එකම අහසකිනි කාටත් සෙවණ සදන්නේ
පොළොව සැවොම සම සිතකිනි උසුලා ඉන්නේ
එවන් පොළව මැද යුද වැද උරුම සොයන්නේ
තරඟ වැදී නොමිනිස්කම් ඇයි මිනිසුන්නේ

බෙදුම් පවුරු සීමා මැද පිල් බැඳගන්නේ
තමන් සුව පතා අනුනට තැවුල් සදන්නේ
කෙනෙක් නසන මං සළසා කෙනෙක් දිනන්නේ
ජීවත් වෙන ටික ඇයි මේ සටන් වඳින්නේ

සේද සිහින සුදු | Seda Sihina Sudu by Gunadasa Kapuge

සේද සිහින සුදු දුන්හිඳ ඔබ
උස සීත නමුණුකුළ ගිරි හිස
මම මූණ බලාගෙන මේ විදියට
මතු ජාති ජාතියෙත් උපදින්නද…..

නීල නුවන් නිල් තරු එළියට
පෙම් ගීත ගයන මළ හිරුදෝ මම
පාරමිතාවෙන් යළි උපදින
බැස යන්නද ජීවිත පියගැටපෙළ……

මාළිගාව ළඟ පය පාමුල සුදු නෙළුමද
මම සඳකඩ පහනක නාද නගන
සඳ සඳළුව මත ඉමි
පාද සළඹ ගීයට පෙම් බැඳ…….

සඳ රෑ සිහිනයේ | Sanda Ra Sihinaye by Gunadasa Kapuge

සඳ රෑ සිහිනයේ
රැදෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ

කඳුළැල් පියන් වසනා වෙලේ
හඬනා යුග නෙතු
තවරා කසුන් හසකැන් දොවා
ලංවී හද පිදූ …. සරසා ආදරෙන්
තනිවී මේ රැයේ

සඳ රෑ සිහිනයේ
රැදෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ

දහවල් පැයේ යනෙනා මගේ
දකිනා සැම නෙතින්
රැකවල් හෙලා ගෙනෙනා තුරා
සුරතේ රැඳී අතින්…. සැඟවී වෙන් වෙලා
තනිවී මේ රැයේ

සඳ රෑ සිහිනයේ
රැදෙනා දිගැසියේ
කල්පනා මීවිතේ
පිරුණා ආදරේ