රෝස පෙත්ත | Rosa Peththa by Indrachapa Liyanage

රෝස පෙත්තේ ලියූ පෙම් පතක්…
නුරා උයන කැලබූ ඇරයුමක්…
නොසිතු… නොපැතූ… මේ තරම්. මත්පහසක්…
පොරොන්දුවක්. වරෙන්තුවක්.
සහිත ඡේදයක්…
ආදරයේ දේවතාවියේ…
සිහින සැපම මැව්ව ජිවිතේ.
අමුර්තේ බදුවූ මදු ගා අමුතූ…
ඔබ මැව්ව ලොවම පෙම් රසෝගයක්.
ආදරයේ මැවුම් කාරියේ…
සියුම් සිනිදු ලෙසින් ලං වුනේ…
ලැමදේ… තෙරපී… දොරගා ඇමතූ…
ඔබේ හඩද ඇඩෙනසුලු නියෝගයක්.
ඔබ මැව් මැදුර ම්… සුපිරි සිරගෙයක්.
මන්දහාස පිරුනු සුරපුරේ.
ගීත තෙපුල් පුරන සාදයේ…
සොදුරූ. කිදුරූ. සැනසූ. මදිරාවේ.
හදේ හැගුම් ඔබ හොරෙන් අරං.

පියවුණා | Piyawuna by Indrachapa Liyanage

පියවුණා දෙනෙත් නිදි මතින්
ඇවිළුණා ගිණි පුපුරු සිතිවිලි පතුළේ
ළං වුණා අඳුර සෙවණැලි මකා දමා
පියවුණා සුසුම ආ
බොහෝ
කළකට කලින්
නැවතුණු හදෙන් හදෙන් හදෙන්
නැවතුණු හදෙන් හදෙන් හදෙන්

කාළය ගෙවුණා අපි අපිට අහිමි කරමින්
මතකය තිබුණා නොමැකී මනසේ හැංගී
කළකට කලින් කලින් කලින්
නැවතුණු හදෙන් හදෙන් හදෙන්

යළිත් හමු වුණා නොගිය ගෙවුණු මොහොතක්
රූරා ගලනා වියලී නොමැති රුහිරු
කළකට කලින් කලින් කලින්
නැවතුණු හදෙන් හදෙන් හදෙන්

වළාකුලක් වී නිල් අහසේ
වළාකුලක් වී නිල් අහසේ
පාවී යන්නම් නිදහසේ සුළගේ
පාවී යන්නම් නිදහසේ සුළගේ

මධු බඳුන් පිරි ඉතිරි
ඈ රැව බොඳවී මැකී යයි
රෑ අඳුරේ
සාගරයේ වෙරළේ

පාවී යන්නම් නිදහසේ සුළගේ
වළාකුලක් වී නිල් අහසේ
වළාකුලක් වී නිල් අහසේ
පාවී යන්නම් නිදහසේ සුළගේ
පාවී යන්නම් නිදහසේ සුළගේ

තරැ ගරා වැටි දියවි
තනිකම මතුවී නිවී යයි
මේ මොහොතේ
නදී දියේ සිහිවේ

පාවී යන්නම් නිදහසේ සුළගේ
වළාකුලක් වී නිල් අහසේ
වළාකුලක් වී නිල් අහසේ
පාවී යන්නම් නිදහසේ සුළගේ
පාවී යන්නම් නිදහසේ සුළගේ

නතාෂා | Natasha by Kasun Kalhara & Indrachapa liyanage

නතාෂා ඇවිදින් ගියා
පියාඹා වෙරලින් එහා

නයිල් ගඟේ ඉවුරේ
ආදම්ගේ උයනේ
රොන් සලා ඈ ගියා
නතාෂා

කිරිල්ලී මල් මී තියා
ඉගිල්ලී රෑනේ ගියා

ආයෙත් ආයෙත් ආයෙත් එනවා
අහසෙ පොළොවෙ සුළෙඟෙ වෙලෙනවා
නිල් නිල් නිල් දැහැනේ එලෙනවා
සිත්සේ දොතොලේ පහසේ ඔබ මා
සිඹිනවා සිහිනෙන් තැවෙනවා

පමා වී ඈතට ඇදී
මීදුමේ රැහැනින් මිදී

හදවතේ ගිණි අවුලා
මා දෑසේ ගිණි අතුරා
මා දවා ඈ ගියා
නතාෂා

ළංවි වෙන්වි දුක් වී දුර ගෙවා
සයුරෙ රළසේ සිහිනේ මියැදුණා
සඳුගෙ තුරුලෙ විනිසේ ලිහුණා
උකුලේ ළමැදේ සයනේ ඔබ මා
සැනසුනා සිහිනේ මැවෙනවා

නතාෂා හුස්මක් තියා
නිදැල්ලේ සක්මන් කලා

නයිල් ගඟේ ඉවුරේ
ආදම්ගේ උයනේ
රොන් සලා ඈ ගියා
නතාෂා

කිරිල්ලී මල් මී තියා
ඉගිල්ලී රෑනේ ගියා

සද එළිය | Sanda Eliya by Kasun Kalhara & Indrachapa Liyanage

මේ රාත්‍රි යාමේ
සුසුමන් මිදෙන සීතේ
තනිවී අන්ධකාරේ
පතනා උණුහුමයි ඒ

එළියක් සඳ නිසා අඳෙනු දකිනෙමි
කළුවන් වලා පරදනා
සුළඟක් වඩින තුරු මඟබලා ඉමි
සඳවත දෙනෙත හමුවනා

ඒ සොඳුරු සීතේ
මා පතන ලෝකේ
කෙළෙස මා සොයම්දෝ
සඳවතේ

මේ නිල් ජලාසේ
කුසුමක් සොයන දෑසේ
මිදෙනා කඳුළු අතරේ
පතනා සැනසුමයි ඒ

පර මල් විලක රොන් රස සොයා යන
මේ දිගු ගමන නිමවෙනා
මධු රොන් පිරුණු නුඹේ වත හමුවන
දින ගැන පැතුම් පීදෙනා

මේ අඳුරු යාමේ
මා සැමට රහසේ
ඇදෙමි ඒ සිත් මලේ
රොන් සොයා

දහසක් කළු වලා අතර මෙතුවක්
හද පැතු එළිය සැඟවෙනා
සුළඟක් අවැසි නුඹේ උව දකිනට
සුළඟක් මවනු කෙළෙස මා

ඉරිමා උදයේ | Irima udaye by Kasun Kalhara & Indrachapa liyanage

ඉරිමා උදයේ
සීතල මුතු පිණි මතින්
මද්දහනේ වැටෙනා
හිරුගේ කිරණ වැසි
සිත් නිම්නයට සතුටක්
ගතේ දුවනා

ආදරේ නොදී එය සඟවා
මුවගට සිනා තබා
දෑසට කඳුළු ගෙනා
ආදරේ නොදී එය සඟවා
මුවගට සිනා තබා
දෑසට කඳුළු ගෙනා

ඔබ ඇඳි සිතුවම් මතකේ රැඳුණා
එය දකිනා…
නෙත් සතුටක්දෝ
ඔබ ඇඳි සිතුවම් මතකේ රැඳුණා
එය දකිනා…
නෙත් සතුටක්දෝ

ඉරුණු අත් තටු | Irunu aththatu by Indrachapa Liyanage ft. Raj

අහස හිරු ගිනි දැවෙනා
සඳ ගිලී වත නොබලා
බිඳුණු තුරු පත් විසිරී- රුදු සුලඟේ

කෑ ගසා හඬා.
රස රිසි ලෙසේ… රිසි ලෙසේ
බිඟු රද නැති ලොවේ නැති ලොවේ
පිදු මල රහසිනේ රහසිනේ
පෙති හකුලා ගියේ. ඇයි ගියේ

රුහිරු මා උර ගලනා
හද පෙඟී ඉකි බිඳිනා
ඉරුණු අත් තටු පැටලී- මල් නටුවේ
වේදනා ගෙනේ…

බොල් පිනි පිසු නුඹේ නෙතගේ
අතැඟිලි තුඩු පවා වැලපෙතේ
සුපිපුන මල් දහස් අතරේ
නෙළු කුසුමිය ගියේ… හැර ගියේ

ආත්මාභිමානයයි | Athmabimanayai by Kasun Kalhara & Indrachapa Liyanage

නිල් තණ පලසේ ලොවක ජය ගී මැද්දේ
උරෙනුර ගැටෙනා ජවයයී
ආත්මාභිමානයයි ආත්මාභිමානයයි…
ආත්මාභිමානයයි ආත්මාභිමානයයි…

ඇවිළෙන දෙනෙත් වයිරයේ
නොසැළෙන දෛවයේ

බාධක බැමි කඩා බිද දමා
තරණය කරනා මොහොතයී
විශ්වයම ජයගන්න සහෝදරතයේ
සංග්‍රාමයයි සංග්‍රාමයයි…
සංග්‍රාමයයි සංග්‍රාමයයි…

නිල් තණ පලසේ ලොවක ජය ගී මැද්දේ
උරෙනුර ගැටෙනා ජවයයී
ආත්මාභිමානයයි ආත්මාභිමානයයි…
ආත්මාභිමානයයි ආත්මාභිමානයයි…

අහන් ඉන්න | Ahan Inna by Indrachapa Liyanage

අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා…

යාය පුරා නෙක නෙක පාටින් මුදු මල් පෙති ඇහැරෙනවා
පොද වැස්සට සීතල ඇවිදින්
හිතට එබෙනවා
කෝඩුකාර මල් රේණු අගින් සුවඳ බෙදනවා
ඒ සුවඳින් මගේ හුස්ම රටා මවනවා

අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා…

සිලි සිලියේ හමන සුළඟ කොදුරන්නේ අපටමයි
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි
අමාවකේ දුක දුරලන
දහසක් තරු කැට නුඹටයි
ඒ එළියෙන් දැල්වෙන ලෝකය
මගේමයි මටමයි….

අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා…

අහන් ඉන්න අහගෙන ඉන්න
මගෙ හිත මොනවද මුමුණනවා…

 

ආදරයේ අංශු මාත්‍රයක් | Adaraye Anshumathrayak by Indrachapa Liyanage

තාරුකා වියනට ඉහළ අහසින්
ඈත ඉඳන් හරි හදිස්සියෙන් ඔබ ආවා
ආදරයේ අංශු මාත්‍රයක් අරන්
ආදරයේ සිහින දෙව්දූ ඔබ ආවා

ව්‍යාකරණ නැති
කැඩී බිඳී විසිර ගිය
භාෂාවක හිරවී ඔබ ආවා
ආදරයේ වචන මාත්‍රයක් අරන්

ඇහිපිල්ලමකටවත් අවසරයක්
තිබුණ් නෑ හරි හදිස්සිය
ඔබ රැඳුණා
ඇසිල්ලකි

මායාවයි ඔබ අසුරු සැනින් මිය යන්නට නියමිත
මා ඔබ ඉම්බා
ආදරයේ අංශු මාත්‍රයක්
දැනුනේ නෑ