සුදෝ සුදු | Sudo Sudu by Kasun Kalhara

සුදෝ සුදු දෙතොල මධූ
සුදෝ සුදු දෙනෙත මධූ
මධූ මධූ මධූ මධුර මධූ
සූදෝ සුදු සුදු සූදෝ සුදු

පවන් සලන්න වරල මොණර පිල් කළඹින්
ලවන් දොවන්න සිසිල් සුරත් තොල් සඟලින්
ගිමන් නිවන්න සිහිල් සුසුම් මඳ පවනින්
සවන් සදන්න මියුරු තෙපුුල් රන් ස්වරයෙන්

කැලූම් මුදන්න නීල නුවන් මිණි පහනින්
තැවුල් දවන්න ළමැද හංස තුඩු පහසින්
උදාව එන්න ඉන්ද්‍ර දිගින් හිරු විලසින්
සදා රැඳෙන්න හද දෙවොලේ පුද ලබමින්

සුදෝ සුදු දෙතොල මධූ
සුදෝ සුදු දෙනෙත මධූ
මධූ මධූ මධූ මධුර මධූ
සූදෝ සුදු සුදු සූදෝ සුදු

සොඳුරු සිතුවම් | Sonduru Sithuwam by Kasun Kalhara

සොඳුරු සිතුවම් – කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් – සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී…
ඔබේ හි‍‍‍තේ ඉහිරමි…

සොඳුරු සිතුවම් – කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් – සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී…
ඔබේ හි‍‍‍තේ ඉහිරමි…

මේ දාහයේ දාඩියරේ
හිරුගේ මඟ අවුරා…
සද ගෙනැත් තබමින්
සද එලිය නාමින්…

සොඳුසොඳුරු සිතුවම් – කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් – සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී…
ඔබේ හි‍‍‍තේ ඉහිරමි…රු සිතුවම්…

රතු පාට හැන්දෑවේ
දෑ‍ස දෙස නොබලා…
වෙන්වෙලා අවුදින්
සිහින සිතුමිනකින්…

සොඳුරු සිතුවම් – කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් – සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී…
ඔබේ හි‍‍‍තේ ඉහිරමි…

සිල්ගත්තු හඳ වාගේ | Silgaththu Handa Wage by Kasun Kalhara

සිල්ගත්තු හඳ වාගේ
හුස්මකට ඉඩ නෑනේ
තනි හිත හති අරින හැන්දෑවේ
මල්බර හීනයද මේ
සුලි සුළඟ වගේ එන්නේ…
නොනිදා හිතේ දැල්වී
මල්මී රෑගෙන මලවී
දවසක දුනු හී රැගෙන ඒවී
දවසක නුඹ සිඹිමි
මගේ චිත්ත කන්‍යාවී…

සිත නෑ වැලපෙන්නේ
මා සැනසන්නේ
රූ දැල්වෙන්නේ
නෙත නෑ නිදියන්නේ…
නොනිදා හිතේ දැල්වී
මල්මී රෑගෙන මලවී
දවසක දුනු හී රැගෙන ඒවී
දවසක නුඹ සිඹිමි
මගේ චිත්ත කන්‍යාවී…

දෙව්දූ දේදුන්නේ
මා කැඳවන්නේ
නෑ සිත යන්නේ
සිත දෙන්න සමනළියේ
සිල්ගත්තු හඳ වාගේ
හුස්මකට ඉඩ නෑනේ
තනි හිත හති අරින හැන්දෑවේ
මල්බර හීනයද මේ
සුලි සුළඟ වගේ එන්නේ…

සිහිනයට තරම් | Sihinayata Tharam by Kasun Kalhara

සිහිනයට තරම් තටු නෑ මට නම්
පියබන්න අරන් නුබ අහසේ…
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ

කදු හිස් මුදුන් කර – තරු ලකුනු වැටෙනා… අතර
සිත නුබම සොයා – වලා බැම්මෙන් ඉගිල යයි
ලොව නිදනා… අතර
සයුරක් වී වැතිර – නුබ සරලි නගනා අතර
කිරි සිනා ගඟත් මියුරු – ලොකෙන් අරන් යයි
ඉන්නවාද ඇහැර…

සිහිනයට තරම් තටු නෑ මට නම්
පියබන්න අරන් නුබ අහසේ…
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ

කදුලක් ලගට දුර – තව දුරස් කලේ නුබය
වැහි ඇල්ලක් වගේ – සොදුරු සිහිලක් ගෙනා මට
ජීවිතයේ කතර…
සෙනෙහස් සිහින මල් – හැම සැබෑ කෙරූ… සසර
නුබ සදකි… රුවන් කුමුදු යායක්
පුබුදු කර… මා හද කල සුවද

සිහිනයට තරම් තටු නෑ මට නම්
පියබන්න අරන් නුබ අහසේ…
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ

සුසුම් පොදක් වී | Susum Podak Wee by Kasun Kalhara

සුසුම් පොදක් වී… හදේ ‍ලැගුම් ගෙන ඔබ පෙරදා
‍ජීවිතයම ලෙස සිතූ ‍සෙනේහය… ගෙන ගියේ මට නොකියා
මගේ ස‍රා සද හදේ සුවද ගෙන… නුඹ කොයිදැයි සිතුනා….
හො හෝ හෝ හෝ……… හො හෝ හෝ හෝ………

මේ කුළු සේ විත් නිල් අහසේ බැදි
ගිම්කල නිමවා හදට රහසේ බැදී
මන කුමුදු වී පිපුනු – සුවද කුසුම නුඹ ‍සොදුරු
මටත් හොරා නුඹ තියා ගිහින් – නෙත් කදුළු…

සුසුම් පොදක් වී… හදේ ‍ලැගුම් ගෙන ඔබ පෙරදා
‍ජීවිතයම ලෙස සිතූ ‍සෙනේහය… ගෙන ගියේ මට නොකියා
මගේ ස‍රා සද හදේ සුවද ගෙන… නුඹ කොයිදැයි සිතුනා….
හො හෝ හෝ හෝ……… හො හෝ හෝ හෝ………

දිගත හමායන මද පවනක් වී
රෑකල සිහිනෙක‍ හද තුල සැඳවී
මුතු කැළුම් සලා දිගැසින්
රැය පුරා ගෙනේ සරදම්
නුඹේ අකීකරු සිතින් නොවේ – මට අස්වැසුම්…

සුසුම් පොදක් වී… හදේ ‍ලැගුම් ගෙන ඔබ පෙරදා
‍ජීවිතයම ලෙස සිතූ ‍සෙනේහය… ගෙන ගියේ මට නොකියා
මගේ ස‍රා සද හදේ සුවද ගෙන… නුඹ කොයිදැයි සිතුනා….
හො හෝ හෝ හෝ……… හො හෝ හෝ හෝ………

තරු කැටයක් වී | Tharu Katayak Wee by Kasun Kalhara

තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
ඔබ එන මඟ සරසන්නම් දිවිය වෙලා…
පිණිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
ඔබ එනවා නම් ඒ තනිකම හැරදා…
ඒ තනිකම හැරදා…

තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
ඔබ එන මඟ සරසන්නම් දිවිය වෙලා…
පිණිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
ඔබ එනවා නම් ඒ තනිකම හැරදා…
ඒ තනිකම හැරදා…

පිණිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
හිරු අවරේ ගිලෙනා තරුව වෙලා…
ඔබේ… ජීවිතේ…
ඔබේ… ජීවිතේ…

වෑහෙනා නදී | Wahena Nadi by Kasun Kalhara

වෑහෙනා නදී …. නිම් සාගරේ වෙලී
මාරුතේ ඔබෙ ගී සරේ එතී
සෝතරේ ලතැවුල් නිවා
කොහේද ස්නේහ ප්‍රාර්ථනා ගෙනා
උමතු දෙනෙතේ වෙළුණු සිහිනේ
සසල සිරි යහනේ
කෙදින එළ වී සුවඳ දෙන්නේ
අපට අහිමි අරණේ

ලෝකයෙන් මිදී මා නමින් බැඳී
ජීවිතෙත් බැඳී පැව එන්නෙමි
තිසර දැහැනේ පිපෙන පියුමේ
රොන් විසුල දිගතේ
බිහඟුන් සසැලී බමන මොහොතේ
ඔබද පිළිසරනේ
දෑතකින් හිරු හංගනු බොරු

සුසුම් වෙරළේ සරණ අතරේ
සිනාසර ඔබගේ
පැතුම් දියඹේ ඉමෙන් මතු වී
යදින බස නොහැගේ
කටෙවත් හිමි නෑ පැතුම්වලී
ඔබේ නමින් දිලී යළින් නැගෙන් හිමී

හැඟුම් අහසේ දෑලේ තිපිරි
උදා වෙන ඔබගේ
පබා කිරණේ වැසී යන්නේ
මතකයයි සාගේ
කාලයෙන් වැසී වසී වසත් වසී

වසීලීසා | Waseeliya by Kasun Kalhara

සීතලයි සීතලයි ජිවිතේ
ඔබ එනවදෝ
උණුහුම අරන්
වසීලීසා…වසීලීසා…

ඉම නොපෙනෙනා වනයේ
සීතලම හැන්දෑවේ
ඔබ එනවදෝ
උණුහුම අරන්
වසීලීසා…
වසීලීසා…වසීලීසා…

මනු සතුන් නැති වනයේ
රාක්ෂයින් සරනා බිමේ
ඔබ එනවදෝ
උණුහුම අරන්
වසීලීසා…
වසීලීසා…වසීලීසා…

වසන්තය එන තුරා
අයිස් කදු දිය වන තුරා
ඇවිද යමු අපි මනු සතුන් හමුවන තුරා
වසීලීසා…වසීලීසා…
වසීලීසා…වසීලීසා…

දුර ඈත අනන්තෙක | Dura Aatha Anantheka by Kasun Kalhara

දුර ඈත අනන්තෙක කඳුළු නිශාවක
ආල වඩන පිනිසර අතරින්
පිබිදුණු සඳ මල අද කොහේදෝ……

පිනි කැට ඉහිරුණු සීතල සුළඟට
පෙති ගිලිහිණිදෝ වරා මලේ
උඩු හුළඟේ ගියාදෝ ඒ පෙති හින්දදෝ
නගෝ තලේ සඳ සැඟව ගියේ…..

දුර ඈත අනන්තෙක කඳුළු නිශාවක
ආල වඩන පිනිසර අතරින්
පිබිදුණු සඳ මල අද කොහේදෝ……

ඉකි බිඳ හැඬුවට ඇහැල පිපුණු මල
නැහැ යළි කිසිදින පුදින්නේ
මාල ගිරාවෝ ඉගිල ගියාවේ
මියැදුන සඳ නෑ යළි එන්නේ……

දුර ඈත අනන්තෙක කඳුළු නිශාවක
ආල වඩන පිනිසර අතරින්
පිබිදුණු සඳ මල අද කොහේදෝ……

වස්සානේ සිනා සලයි | Wassane Sina Salai by Kasun Kalhara

වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා

පන් ගසකින් තලන්නම්
කෙහෙ රොද ඇද දුවන්නම්
දෑතේ වෙලී නටන්නම්
නෝක්කාඩු කියන්නම්
බොරු තරහක් අරගෙන මා දිහා බලනවාද
සාවියක වගේ ගුලි වී තුරුලෙ නිදන තුරුම
ගී පද කී මට මාල ගිරා

වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා

නින්දා ගිණි නිවේවි
මාල හතක් තියේවී
කිරි සුවඳින් පිරේවි
නැවුම් කවක් ගෙතේවී
සිදාදියට සිත කැන්දා යළිදු නොයනවාද
ගම් දොරකඩ මා නවතා දෙවා කඳුළු සිතට
ගී පද කී මට මාල ගිරා

වස්සානේ සිනා සලයි සිහිනයක් වගේ
ගම්මානේ මිහිර දැනේ අරුමයක් වගේ
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ඈත දුර ගෙවා ආයේ වඩිනවා
ගී පද කී මට මාල ගිරා
ගී පද කී මට මාල ගිරා