සෙනෙහේ අම්මාගේ | Senehe Ammage by Nirosha ft. Kasun Kalhara

සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරී
අහසේ හිරු සේ අම්මා නිවසේ
සුව සැදූ හිරු සඳූ අප හැම ළං කෙරූ
සෙනෙහේ අම්මාගේ…
සෙනෙහේ අම්මාගේ…

රැහැනින් සිඳිලා ඇකයෙන් මිදිලා
මව්ගෙන් බෙදිලා නභිනික්මන් කළත්
නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ…

සිතැඟි හඳුනා හරි දේ පෙන්වා
වරදින් මුදවා ඔවදන් දුන්නා
නොපෙනෙනා ආදරේ පවුරකින් බැඳිලා
සෙනෙහේ අම්මාගේ…

සතුටින් ඉතිරී සෙනෙහේ මිහිරී
අහසේ හිරු සේ අම්මා නිවසේ
සුව සැදූ හිරු සඳූ අප හැම ළං කෙරූ
සෙනෙහේ අම්මාගේ…
සෙනෙහේ අම්මාගේ…

සරා සඳේ සිරියාවේ | Sara Sande Siriyawe by Kasun Kalhara

සරා සඳේ සිරියාවේ
නිවී දිලී මායාවේ
මගේ හිතේ නුඹ ඇඳුණා…
මිළාන වූ මේ දෑසේ
පිපී සැලේවී ප්‍රේමේ
රැඳී ඉමී මා සදා…

සඳ පායන ගනඳුරු යාමේ
ඔබෙ ආදර දෙඅදර රාවෙන්
සඳ සීතේ පිනි වෑහුණා…
සඳ සාවී ඔබමද මාගේ
සැතපී හිඳ සිතුවිළි යහනේ
මගෙ ආදර හිත පාරනා…

මිළාන වූ මේ දෑසේ…
සරා සඳේ සිරියාවේ…
පියඹා එන සමනළ රෑනේ
තටු දහසක මදහස වාගේ
නෙතු මානේ සිත පා වුණා…
පියඹා එන සමනළ සීනේ
සිරිපා වැඳ සැනහෙනු වාගේ
නෙතු මානේ ඒ හිත යා වුණා…

සරා සඳේ සිරියාවේ
නිවී දිලී මායාවේ
මගේ හිතේ නුඹ ඇඳුණා…
මිළාන වූ මේ දෑසේ
පිපී සැලේවී ප්‍රේමේ
රැඳී ඉමී මා සදා…

සඳ සඳ වගේ | Sanda Sanda Wage by Kasun Kalhara

සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ…

සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ…

ඔබ මා නොවන තුරු
මම ඔබ නොවන තුරු
ඔබ ඔබම දැයි
මම මමම දැයි…

සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ…

ඔබ මා නොවන තුරු
මම ඔබ නොවන තුරු
ඔබ ඔබම දැයි
මම මමම දැයි

සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ…

ලිහිනියේ කියන්න | Lihiniye Kiyanna by Kasun Kalhara

ලිහිණියේ කියන්න
පාර වැරදුනි ද කියන්න
ගැබ්බරයි නවෝ ගැබ
සීතල හිරිකඩ හමයි

ලිහිණියේ කියන්න..

හිරිකඩට නොතෙමෙන්න
සීතලට ගුලි වෙන්න
යනගමන් නවතින්න
ආවාදෝ හිත පිරට

ලිහිණියේ කියන්න..
මම බයයි තනිකමට

ඇහෙනකොට හඩ
කවුලුවට එහාවෙන්
ඉවසන්න බෑ තවත්
ලිහිණියේ නවතින්න //

නුඹ ආයේ ගිලෙයි ද
මට බයයි තනිකමට
නෑ කමක් නෑ ලිහිණියේ
දවසකට නවතින්න
ලිහිණියේ නවතින්න…

written by Charitha Disanayake

kasun kalhara new songs,kasun kalhara all songs,kasun kalhara,kasun kalhara live,kasun kalhara song collection,kasun kalhara acoustic,kasun kalhara songs collection,kasun kalhara the voice,kasun kalhara sanda mithuri,songs kasun kalhara,sanda mithuri kasun kalhara,best of kasun kalhara,ananthayata yana para dige,sinhala relaxing music,kasun kalhara songs

ලිහිනියෙකු සේ | Lihiniyeku Se by Kasun Kalhara

ලිහිනියෙකු සේ සිඳු මතින් පාවී…..
අහසට නැගී ඉහල ඉගිලෙමි….
දුර පාවෙනා වලාවේ…. කිමිදිලා….
ඉගිලී යමි ආකාසේ හිමතුරා….
ඔබ නිසා…….සුළග වී……..
ඔබ මගේ ලග නිසා……..

නිම්හිම් නැති සිහිනයක් දකිමි
රෑ සඳ පහන් මන්සලේ නැවතී
තරු මාවතේ දිගන්තේ සැරි සරා…….
ඉගිලී යමි ආකාසේ හිමතුරා……..
ඔබ නිසා…….සුළග වී
ඔබ මගෙ ලග නිසා…..

මා බලවත් කරනා | Ma Balawath Karana Samide by Kasun Kalhara

මා බලවත් කරනා සමිඳේ
ඔබ තුල මට කළ හැක සැම දේ
දුබල මසිත සැලෙනා මොහොතේ
දිරියක් වී රැඳෙන්න නිබඳේ…

දිවියේ පෙණ පොඩි හැරදා
නැගිටින්නට වෙරලන සඳ
කුරුසයේ සෙවනැලි අතරේ
පා නගන්න දිරි දෙනු මැන
සමිඳේ සමිඳේ…

මා බලවත් කරනා සමිඳේ
ඔබ තුල මට කළ හැක සැම දේ
දුබල මසිත සැලෙනා මොහොතේ
දිරියක් වී රැඳෙන්න නිබඳේ…

හිරු බැස යන අවරගිරේ
ඔබේ අතැඟිලි මත රැඳිලා
දිවියේ ජය පැරදුම හා
දුකයි සැපයි දෙකම කියමි
සමිඳේ සමිඳේ…

මා බලවත් කරනා සමිඳේ
ඔබ තුල මට කළ හැක සැම දේ
දුබල මසිත සැලෙනා මොහොතේ
දිරියක් වී රැඳෙන්න නිබඳේ…

ඔබට ඇහෙනවද | Obata Ahenawada by Kasun Kalhara

මේ.. ඔබට ඇහෙනවද… හඬන හිතක හඬ…
මේ.. ඔබට දැනෙනවද.. තැවෙන හිතක දුක….

නොතෙමෙන දෙනෙතක එක පිණි කඳුලක් නොදැනිම වැ‍ටුනා
නොතැවෙන සිත ළඟ එක සෝ සුසුමක් නොදැනී හැඬුවා…
මේ.. ඔබට දැනෙනවද.. ගැහෙන මගේ හද….

නොනිමෙන ගින්නක් අමුල් ගිනි සිළුවක් හද ලඟ දෙඩුවා..
තැවි තැවි හමුවන අපෙ හමුවීමත් නැවතී තිබුනා…
මේ ඔබට ඇහෙනවද.. හඬන මගේ හිත….

මතකය දිගේ | Mathakaya Dige by Kasun Kalhara

මතකය දිගේ ඔබ ආවා ….
කඳුලක් අරන් ඔබ ආවා…
මතකය දිගේ මම ආවා…
කඳුල ගෙනියන්න ආවා …. මම ආවා…

යෞවනේ දිවි තක්ෂිලාවේ
ප්‍රේමයේ මනකෘත කෙරූ..
සිහිනයේ මංමුලාවේ
සුවඳකි මා හිරකෙරූ ….

මතකයේ ඈතින්… මතකයේ මෑතින් ….
මතකයේ මෑතින් හිඳ… මතකයේ ඈතින් හිඳ…
මතකයේ ඈතින් හිඳ… බලා සිටිනා ජීවිතේ…
මුළු ජීවිතේ……
මතකයේ මෑතින් හිඳ…
ලියා තිබුනා හදවතේ… ගොලු හදවතේ…
ගොලු හදවතේ… මුළු ජීවිතේ…
ගොලු හදවතේ…

මදකට හෝ නුඹ | Madakata Ho Numba by Kasun Kalhara

මදකට හෝ නුඹ ඇවිත් යන්න එනවානම්
මගේ හිතට මඟ වියදම් දෙන්නම්
ඒ අපෙ පෙර මතක
මතකද දෙදෙනා එකතු කරපු මතක

මල් ලියකම් සැදි උයන තීරයේ
මා සිත ඇතුලේ මිණි බැඳි ඕවිල්ලේ
පෙම් ගිමන් හැරිය නුඹ ලමැද තලා යහනේ
මතකද මා හැර නොයනා බව කිවා

සල් සපු මල් පිපි ඉවුරු තිරයේ
මා නෙතු පතුලේ මන්මද තරංගයේ
පෙම් පවස නිවාගෙන මතකද මට කිවා
සසර පුරා නුඹ මට අයිතියි කියලා

මදකට හෝ නුඹ ඇවිත් යන්න එනවානම්
මගේ හිතට මඟ වියදම් දෙන්නම්
ඒ අපෙ පෙර මතක
මතකද දෙදෙනා එකතු කරපු මතක

කඩදාසි ඔරු | Kadadasi Oru by Kasun Kalhara

කඩදාසි ඔරූ….
තොටුපලේ දිය වෙලා…සිහිලැල් සිතුම්..
ගං දියේ..පා වෙලා..සුන්දර හැඟුම්…
ගං දොරේ නැවතිලා කඩදාසි ඔරු..
තොටුපලේ දිය වෙලා..
කඩදාසි ඔරූ….

නව යෞවනේ කාලය දිනා යයි…
හැල හොල්මනක්..ඇති ඒ ගානේ..
ඔබ කියූ කතාවෙන්..රස තැන් සොයා මං..
මා පා කලේ..කඩදහි ඔරු වගේ..
මා පා කලේ..කඩදහි ඔරු වගේ..
මා පා කලේ….
කඩදාසි ඔරූ….

සිත පිබිදුනත්..ආලය දිනා යයි..
හැල හොල්මනක්..නැති ඒ ගානේ..
මා කියූ කතාවෙන්..නී රස සොයාලා..
ඔබ පා කලේ..කඩදහි ඔරු වගේ..
ඔබ පා කලේ..කඩදහි ඔරු වගේ..
මා පා කලේ….
කඩදාසි ඔරූ…