සුරැකීමට හෝ නැතිවී | Surakeemata Ho Nathiwee by Milton Perera

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ
සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

මගෙ ජීවය ගල් ලෙනකි එහි පහන ඔබ තමා
එය දල්වනු මැන හිනැහී අද පෙම් ගිතෙල් දමා
වැලපීමට හෝ සැනසීමට මතු සැරින් සැරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ
පුරවා දිය හැකි ඔබටයි අඩු කොටස ජීවිතේ
පිටුපෑමට ළං වීමට භවයේ වරින් වරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

අද හෝ හෙට කරුණා කොට වියලුනු දෙතොල් තෙමා
දිව ගෑමට සැනසීමට ඔබ දිය යුතුයි අමා
ඔබගේ නෙත කඳුලැලි මත පාවෙන තරම් ප්‍රියේ
දරුණු නැත මගේ හදවත හොඳ සිහිය මට තියේ
සෙලවීමට නොහැකී වැද බාධක සුළං සැරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

සුරැකීමට හෝ නැතිවී යනු පිණිස මා කෙරේ
එක කීමට ලොව ඇත්තේ ඒ ඔබගෙ ආදරේ

written by Milton Perera

සුර ලෝකේ මං සක්කර | Sura Loke Man Sakkara Deyyo by Milton Perera

සුර ලෝකේ මං සක්කර දෙයියෝ
මෙහි පූරුවේ පිනට උපන්නේ
සන්වේගේ දුක නොදැනේ ගොයියෝ
පඬුපුල් ආසනේ මං වැජඹෙන්නේ

මුලයි මැදයි අගයි මමයි විනෝද රස සාගරේ
මට තාමත් සුර කෙල්ලන් පණ වාගේ ආදරේ
මුලයි මැදයි අගයි මමයි විනෝද රස සාගරේ
මට තාමත් සුර කෙල්ලන් පණ වාගේ ආදරේ
ඉබේ නැටෙන ගිනි දළු වැනි නිළියොයි මගේ බූදලේ
සක්කරයා – සක්කරයා මමයි
රටේ නැටුම් ගැයුම් බෝ කළේ

මගේ ලඟින් පවන් සලන් රූ රැජිණන් ඉන්නවා
සුර දැරියන් මාල ගොතා පළඳා පිළිගන්නවා
මගේ ලඟින් පවන් සලන් රූ රැජිණන් ඉන්නවා
සුර දැරියන් මාල ගොතා පළඳා පිළිගන්නවා
අමා රසය පෙරා ගෙනැත් මට පොවන්න හදනවා
සක්කරයා – සක්කරයා මම වෙමි
මට තුන් ලෝකෙම පේනවා

වළාකුලක් | Walakulak by Milton Perera

වළාකුලක් පලා අම්ඹරේ
සිනා නඟන සදේ කැන් පිරේ
ඔබේ මුහුණ දකින වරේ
හදේ අඳුර තුරන් කෙරේ
පසළොස්වක පොහොය මට අදයි
පසළොස්වක පොහොය මට අදයි

වළාකුලක් පලා අම්ඹරේ
සිනා නඟන සදේ කැන් පිරේ
ඔබේ මුහුණ දකින වරේ
හදේ අඳුර තුරන් කෙරේ
පසළොස්වක පොහොය මට අදයි
පසළොස්වක පොහොය මට අදයි

දස දහසක් සුර ළඳුන් මැද
පරසතු මල් සුවඳ විඳ විඳ
දස දහසක් සුර ළඳුන් මැද
පරසතු මල් සුවඳ විඳ විඳ
සිටියත් ඔබ ළගින් නැති සඳ
මට සක්විති පදවි කුමටද

වළාකුලක් පලා අම්ඹරේ
සිනා නඟන සදේ කැන් පිරේ
ඔබේ මුහුණ දකින වරේ
හදේ අඳුර තුරන් කෙරේ
පසළොස්වක පොහොය මට අදයි
පසළොස්වක පොහොය මට අදයි

දසන්තයේ දද නංවාලා
කසුන් අසුන් මත රැන්දීලා
දසන්තයේ දද නංවාලා
කසුන් අසුන් මත රැන්දීලා
සුව වින්දත් ඔබ නැති වීලා
මට පල නැත කිරුල දරාලා

වළාකුලක් පලා අම්ඹරේ
සිනා නඟන සදේ කැන් පිරේ
ඔබේ මුහුණ දකින වරේ
හදේ අඳුර තුරන් කෙරේ
පසළොස්වක පොහොය මට අදයි
පසළොස්වක පොහොය මට අදයි

විනෝද වෙන්න | Winoda Wenna by Milton Perera

විනෝද වෙන්න
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නැහැනේ
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ

විනෝද වෙන්න
විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න
මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
කෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ

තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ
තක්කිට තරිකිට දොමිකිට වදින රබානේ
ගැහුවලු ඒ වගෙ පදයක් ගමක පුරාණේ
මිණි කිංකිණි සළ සළ නටනව ගැහැණු පරාණේ
ගැහැණු ඔහෙල නටන කොටත් ඕනෙ පිරිමි බෙර පදේ
කපුටු කාක් කාක් කියා කපුට කිවුවා අද උදේ

විනෝද වෙන්න
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නැහැනේ
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ

විනෝද වෙන්න
විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න
මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
කෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ

සංගීතය සන්තාපය මගහරවන්නේ
සංගීතය සන්තාපය මගහරවන්නේ
(සාග සාග සරි පනි ගා රාගෙට එන්නේ
මේ ටිකෙන් තමයි ඔයයි මමයි ජීවත් වෙන්නේ
සිංදු අහලා නැටුම් බලලා ඉන්න පිරිස මත්වෙලා
සිංදු කියලා නැටුම් නටලා
දැන් අපි හෙම්බත් වෙලා

විනෝද වෙන්න
විනෝද වෙන්න මේ වගේ තැනක් හම්බවෙයිද නැහැනේ
හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ
අපෙ හිතේ තියෙන සංතෝසය කාටද ඕනේ

විනෝද වෙන්න
විනෝද වෙන්න ඇඟ මහත්වෙන්න
මොටද බෙහෙත් බොන්නේ
හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ
කෝ හිනා වෙන්න හිනා වෙන්න එතකොට තරවෙන්නේ

විනෝද වෙන්න
විනෝද වෙන්න

වැඩ කරලා ඉවර නොමැත | Wada Karala Iwara Nomatha by Milton Perera

අසරණ මව මගේ ඇස් අන්ධව ඉන්න
කොරවුණු පියා බෑ හරි හැටි ඇවිදින්න
මේ දෙන්නා සමග නංගී රැකගන්න
රක්ෂාවකට ආ මේ ගෙදරක නවතින්න

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ
මොකටද මා දුප්පත් වී ඉපදුණේ
වැරදුනාම කෝටු පාර වදිනවා
බඩු කැඩුනොත් පඩියෙන් අඩු කරනවා
වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ

දන්නේ කවුද තමන්ගේ දුක් මිස තමන්
කන්නේ බොන්නේ වැඩකට යන එන ගමන්
වෙහෙස වෙලා රෑ දොළොහට ඇලවුණා
උදේ පහට ආයෙත් මා පිබිදුනා

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ
මොකටද මා දුප්පත් වී ඉපදුණේ
වැරදුනාම කෝටු පාර වදිනවා
බඩු කැඩුනොත් පඩියෙන් අඩු කරනවා
වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ

සැපට හදයි බලු පැටියෙක් හරි සැරයි
නෝනා ඌට මට වැඩියෙන් ආදරෙයි
ඇස් රතු වී දුක් කඳුලැලි බේරුණා
රක්ෂාවේ හැටි දැන් මට තේරුණා

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ
මොකටද මා දුප්පත් වී ඉපදුණේ
වැරදුනාම කෝටු පාර වදිනවා
බඩු කැඩුනොත් පඩියෙන් අඩු කරනවා
වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ

සංසුන් රුවන් හද | Sansun Ruwan Hada Mandiraye by Milton Perera

සංසුන් රුවන් හද මන්දිරයේ
සංසුන් රුවන් හද මන්දිරයේ
ආලෝකේ අලෝකේ ඔබද ප්‍රේයේ
ආලෝකේ අලෝකේ ඔබද ප්‍රේයේ

රන්ව ඒ රන්වන් යෞවනියේ
රන්ව ඒ රන්වන් යෞවනියේ
සෙව්වන්දි පෙම් උයනේ ඔබද ප්‍රියේ ..
සෙව්වන්දි පෙම් උයනේ ඔබද ප්‍රියේ ..

ඔබගේ හදේ හැඩ මුහුනින් පෙනේ
දෙනෙතේ කැලුම් බර නිල් මල් පිලේ
තුරු හිස්‌ මුදුන් දළු සුළගින් සැලේ
සුවදක්‌ ඇවිත් පොඩි රහසක්‌ කියයි

සංසුන් රුවන් හද මන්දිරයේ
සංසුන් රුවන් හද මන්දිරයේ
ආලෝකේ අලෝකේ ඔබද ප්‍රේයේ
ආලෝකේ අලෝකේ ඔබද ප්‍රේයේ

හැලෙනා රිදි දිය ඇල්ලක්‌ වගේ
සංගීතයක්‌ අප දෙහදේ නැගේ
ගීයක්‌ ගයා හොද තනුවක්‌ හදා
හිනැහි ටිකක්‌ හොද නැටුමක්‌ නටා

රන්වන් ඒ
සෙව්වන්දි පෙම්

සඳුන් ගසේ සමන් වැලක් | Sandun Gase Saman Walak by Milton Perera

සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ

සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ
සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ
සැලී වෙලී දෙගොඩ තලා ගඟක් ගලයි සයුර බලා
මුහුදට යාවි ගඟ හාදු පුදාවී
සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ

මී අඹ දළු සිලි සිලි ගා නටන්නේ
කාටද මේ කාටද අත වනන්නේ
මී අඹ දළු සිලි සිලි ගා නටන්නේ
කාටද මේ කාටද අත වනන්නේ
මල වට කර වන බඹරිදු බමන්නේ
මදු රස දැනිලාද මෙසේ රඟන්නේ
පිල් විදහා රණ මයුරා රන් රැඟුමක් පාවි නුරා
ඒ දුටු මයුරී බලයි සතුටින් ඉපිලී
සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ

සිහින දෙව් දුවේ | Sihina Dew Duwe by Milton Perera

සිහින දෙව් දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ
ඒ නම ආදරේ
සඳෙහි ලප තියේ, මලෙහි කටු තියේ, උපමා නෑ සසඳන්නේ
ඔබෙ නම ආදරේ

චන්දන දියෙන් දොවාලා
ඔය නලලේ අත තියාලා
මම ඔබ ලඟයි කියාලා
දෙමි ලේ වලින් ලියාලා

කල්‍යාණි නමට අම පෙම්
දිවි බඳුන පුද කරන්නම්
ඉපදුනේද භවේක කිසියම්
මුලු සසරෙදිම ඔබේ මං
අවසාන මොහොත වේවා
ඔබ ලඟදී ලඟා වේවා
ගිණි නැතුව මා දැවේවා
සිහිවටන එහි මැවේවා

සඳුන් ගසක එති | Sandun Gasaka Ethi by Milton Perera

සඳුන් ගසක එති සමන් ලතාවක
මල් පරවී යනවා..
ඔබේ නමට පිදු මගෙ හදවත් මල
තවමත් පිබිදෙනවා..
මගේ හද, තවමත් බැබලෙනවා..
ආදර නදියක පැද ගිය ඔරුවක්
කුණාටුවක වැදුණා..
සමාජයේ කරදර හිරිහැර මැද
මිහිර පතුලෙ කිඳුණා..
ඔබේ නම, නොමැකෙන ලෙස ඇඳුණා….

සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි
නියම දහම විලසේ..
මිණි මුතු පැතු මට ලැබුණි ද ගල් කැට
නොලැබෙයි මා සිතු සේ..
මමයි ඔබේ හිත ඔබ මාගේ ළඟ
කියා එදා කීවා..
හිරුට පියුම ලෙස කුමුදට සඳ ලෙස
කියමින් රැවටෙව්වා..
අනේ සුදු ඔබ මා රැවටෙව්වා..


සඳුන් ගසක එති සමන් ලතාවක…

ආලය පිළිබඳ නොමැකෙන සටහන්
ඇත මගෙ සොඳුරු ළයේ..
මා ළය ඔබ වෙත පිදු සෙනෙහෙස ගැන
අටුවා මොටද ප‍්‍රියේ..
නොලැබෙන දෙයකට හඬා පලක් නැත
මම මෙහි සැනසෙන්නම්..
සුදු ඔබෙ නාමෙන් හොඳ නම රැකගෙන
මම හැම දා ඉන්නම්..
මෙසේ මා ගී ගයමින් ඉන්නම්..

සඳුන් ගසක එති සමන් ලතාවක…

ඔබේ ප්‍රේම නගරේ | Obe Prema Nagare by Milton Perera

ඔබේ ප්‍රේම නගරේ
තැනූ ප්‍රේම මැදුරේ
නවාතැන් සොයා පැමිණි මා
ගියේ ඇයිද හැරදා දමා
ඔබේ ප්‍රේම නගරේ

අමා ගීතයක් වී ඔබේ ගී පොතේ
පෙරා මිහිරි පිරවූ හදේ මී විතේ
ඔබෙන් හමු නොවේ දැන්
ප්‍රියේ ඔබ ඔබෙයි නම්
එදා මෙන් සදා මිහිරි වේ
ඔබේ ප්‍රේම නගරේ

සදේ සීතල කැල්මයි ඉරේ රස්නයයි
සමානයි ද නැහැනේ ද රසවන්තියේ
සිතා කල්පනාවෙන්
සිනාවෙන් දයාවෙන්
රැදේවා මගේ හදවතේ
ඔබේ ප්‍රේම නගරේ