හැගුමන් | Hanguman by Hirushi ft. Pasan Liyanage [2018]

ආදරයක සිත සොඳුරු
කීව කථා මට නුහුරු
දැස පුරා ඇඳි පිළිරූ
ඔබ නේද ආල සිත කැලඹු

ඔබෙ සුසුමෙ දැවටිලා
සිත ගාව මාව තනි කලා
පෙම් සිත්තම් රූ මවා
හද සෝසුසුම් නිවා

මට වැටහෙන්නෙ නෑ
සිත රවටන්න බෑ
හැඟුමන් හදවතේ
යලි හංගන් ඉන්න බැ

මට වැටහෙන්නෙ නෑ
සිත රවටන්න බෑ
මා පෙම් කල තරම්
ඔබ එය දන්නේම නෑ

නොසැලෙයි මගෙ සිත මියුරු
ආදරයක හද ඇඳි රූ
මා පෙම් කල සිත රුසිරූ
ඔබ නේද ආල සිත කැලඹු

මොහොතක් ඉවසා
තනියට ලඟ ඉන්න හිත හැදුව
සුවදක් සෙ මා හා
මුසුවි ලඟ ඉන්න ඔබ අවා

තරු පායා | Tharu Paya by Pasan Liyanage ft. Roshen Lakshitha [2021]

තරු පායා ඒ ඇත මේ රැයේ ….
දිදුලන එක තරුවක් ඇතේ ….
ඔබ ඒ තරුවද මට සිතේ….
ඔබෙ මතකය රිදවයි රැයේ….

ඔබ කී වදන් සිහිවේ..
මගේ දෙනෙතට කදුළු පිරේ..
ළඳේ ඇයි මා හැර ගියේ ..
ඒ හින්දයි මට හැඩුනේ..

මම මග බලමින් ඉන්නම් ..
ඔබ යළි මා වෙත ඒ නම්..
මේ දැන් ඔබ පැමිණේ නම් ..
ප්‍රියේ මම සැනසෙන්නම් ….

මගේ ආදරණීය ලදේ….
පාළුයි ඔබ නැති මගෙ ලොවේ….
ඔබේ මතකය පමණක් ඇතේ….
ඔබ දිදුළයි සැමදා හදේ ….

දකින තුරු ඔබ | Dakina Thuru Oba by Pasan ft. Thushadi Nethmini

පිනැති දැහැනක සමවැදී
නෙතට නොගැටුණු පෙමක් තිබුනා.
ගත්ත හුස්මක් පවා දැනෙනා
දකින තුරු ඔබ බලන් හිටියා.

හීන අතරින් ඔබව දුටුදා
ඔබට නොකියා ඔබව සෙව්වා
ළඟට එන්නට වරම් නැතිදා
දුක් සුසුම් හද ගිගුම් දුන්නා.

දිනෙන් දින රැය ගනන් ගෙවුනා
ඔබ දකිනතුරු සුසුම් හෙලුවා
හද නතර වුණ ඔබම පතලා
අදත් මං මග බලන් හිටියා.

පිනැති දැහැනක සමවැදී
නෙතට නොගැටුණු පෙමක් තිබුනා.
ගත්ත හුස්මක් පවා දැනෙනා
දකින තුරු ඔබ බලන් හිටියා.

ආදරියේ | Adariye by Nadeemal Perera ft. Pasan Liyanage [2021]

මාරුතේ තනි වී උන් මා කෙරේ
ආදරේ පෑ කුමරියේ
දෙව්ලිය මගේ…
ඒ නෙතේ නිල්මිණි වන් ඒ නෙතේ
ගලනා ඒ ආදරේ
රකිමී පණ ලෙසේ…

ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..
ආදරියේ.. නොමයන් කිසි දිනේ..
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..

වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ…
පෙම ගලනා ගංගාවක් කල පෙම් කුමරියේ…
වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ…
පෙම ගලනා ගංගාවක් කල පෙම් කුමරියේ…

මා හට දුන් ඔබගේ ඒ කුළුඳුල් ආදරේ
පුදමී ඔබටත් මාගේ කුළුඳුල් පෙම මෙසේ..

ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..

ආදරියේ.. නොමයන් කිසි දිනේ..
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..

සිහිනෙන් වත් නොසිතූ මේ මනරම් රාත්‍රියේ..
සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ..
සිහිනෙන් වත් නොසිතූ මේ මනරම් රාත්‍රියේ..
සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ..

ඔබෙ අත ගෙන අද මා දිවුරන්නේ මේ ලෙසේ..
හැම භවයේ ඔබ හා එන්නම් සංසාරයේ..

ජීවිතයේ.. කිසිදා නොපැතු සේ..
ආලෙන් මා කෙරේ.. බැඳුනේ ඇයි මෙසේ..

ආදරියේ.. නොමයන් කිසි දිනේ..
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..
ආදරියේ.. නොමයන් කිසි දිනේ..
හැරදා ආදරේ.. මාගේ කුමරියේ..

උන්මාද රූමතී | Unmaada Roomathi by Sandeep Jayalath [2020]

ගමන මන ලෝලී
නුඹද සුර නාරී
අනඟ දුනු හී දෙන්නා

බඹර සර නෑසූ
තඹර මල මේ දෝ
කුමර සිත පීදෙන්නා

සඳසේ කැල්මැති – දිලිසේ තොල්පෙති
දැහැනේ බින්ද පා සළඹ මිදුනේ කොහේ
ළමැදේ නිම්නෙහී – සැතපේ නෙත් රැඳී
රහසේ එන්න රෑ තරු ද නින්දේ හිඳී

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි

දිගටි අතැඟිල්ලේ
සිලිටි සියුමැල්ලේ
නියද පැහැ නා දල්ලේ

නිතඹ නැළවිල්ලේ
හිතම කැළඹිල්ලේ
සුරඹ නුඹ සැනසිල්ලේ

සළුවේ මල් පිපී – සුවඳේ නිම් නැති
ශ්වේත සයුරේ ද දෝවන්නෙ ඔය පා පොඩි

සුළඟේ සිල් බිඳී – වරලේ රැල් සිඹී
හංස රැඟුමේ සියුම් තාල විඳිනා වෙලී

සිත්තරී සේද හීනේ අාදරේ පාටදෝ ගෑවුනේ
මත් කෙරූ රූප නාරී මේ සුවේ නෑ රැඳී මීවිතේ

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි

උන්මාද රූමතී – ශෘන්ගාර බෝමැති
සංසාර දිගු දුර්ගේ – තව ගව්වක් තනන්නි

ආදරේ දැනුනා | Adare Danuna by Pasan ft. Kalpana Nayanamadhu

හදවත සෙනෙහසින් පිරිමැද
සීරුවට පෙම තවරනා
දයාබර නෙත් යුග නුබේ
මැවි මැවී පෙනුනා.. හිත ආයෙමත් රිදුනා..

ආදරේ දැනුනා .. හිත ආයෙමත් රිදුනා..
ආදරේ දැනුනා .. හිත ආයෙමත් රිදුනා..

ආදරේ පිටමන් කරන්
හිත හැදුවා උනත් මo හෙමි හමින්
ඈතින් හිද ඔබත් නිහඩව හොරෙන්
‍රහසින්ම අරන් ඇවිදින්.. ආයෙමත් ආදරේ..

ආදරේ දැනුනා .. හිත ආයෙමත් රිදුනා..
ආදරේ දැනුනා .. හිත ආයෙමත් රිදුනා..

දෑත දෑතෙහි පටලවා
මගේ හිතට එබිකම් කරා
ලවන් මත උණුහුමක් තවරා
නුඹ දුරක ඇදුනා හිත කීරි ගැහුනා..

ආදරේ දැනුනා .. හිත ආයෙමත් රිදුනා..
ආදරේ දැනුනා .. හිත ආයෙමත් රිදුනා..

මම නම් ගගේ පනිනව (Remix) | Mama Nam Gange Paninawa (Remix) by Nishantha ft. Killer B & Pasan Liyanage [2013]

ලෙවල් එකට පාස් වෙන්න
ඔක්කොම සම්මාන ගන්න
රුපියල් 500ක යන්තරයක් දැම්මේ
ඒකේ ප්‍රතිඵල ආවා
මගේ හදවත දුක ගාවා
වැඩ පහකින් පහම ෆේල් වෙලා අන්තිමේ

නුඹ නාඩන් නුඹ නාඩන්
උඹට ඕවා හොද පාඩන්
නුඹ නාඩන් නුඹ නාඩන්
උඹට ඕවා හොද පාඩන්

මම නම් ගගේ පනිනව
වතුර බීලා මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙන කොට ගොඩ පීනනවා
රේල්ලට බෙල්ල තියනවා
ජීවිතේ එපා කියනවා
හුටා කොච්චිය ලංවෙනකොට මං නැගිටිනවා

කදු නැගලා කදු බැහැලා
මාස ගනන් දුක් විදලා
මහ සයිකල් රේස් එකට පුරුදු උනා මං
හතිදාගෙන පැද්දත් මං
අන්තිමේදි තද වෙහෙසින්
දිනුම් කනුව ලගට ආවේ
හූ හඩ මැද්දෙන්

නුඹ නාඩන් නුඹ නාඩන්
උඹට ඕවා හොද පාඩන්
නුඹ නාඩන් නුඹ නාඩන්
උඹට ඕවා හොද පාඩන්

මම නම් ගගේ පනිනව
වතුර බීලා මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙන කොට ගොඩ පීනනවා
රේල්ලට බෙල්ල තියනවා
ජීවිතේ එපා කියනවා
හුටා කොච්චිය ලංවෙනකොට මං නැගිටිනවා

දවසට පැය 2 ගානේ
ජිම් එකේ මම බඩගෑවේ
ආනොල්ඩ් සුබසිංහ වගේ වෙන්න හිතං බං
අනේ ස්දු කෙල්ලෙක් ලගට ආවා
මගේ පුටුවෙන් වාඩි උනා
මටත් වඩා වේට්ස් ගහලා ඇපත් නෑනේ බං
කිරි අප්පට බල්ලෝ පැනපි
යන එන මං නැති වෙච්චී
හොයලා බලලා පැන්න ගගේ වතුර නෑනේ බං

නුඹ නාඩන් නුඹ නාඩන්
උඹට ඕවා හොද පාඩන්
නුඹ නාඩන් නුඹ නාඩන්
උඹට ඕවා හොද පාඩන්

මම නම් ගගේ පනිනව
වතුර බීලා මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙන කොට ගොඩ පීනනවා
රේල්ලට බෙල්ල තියනවා
ජීවිතේ එපා කියනවා
හුටා කොච්චිය ලංවෙනකොට මං නැගිටිනවා

චිත්තරපටි ඩිරෙක්‍ටර්ගේ බැල මෙහෙවර සේවෙ කරලා
සිනමාවට ඇන්ටර් උනේ අතින් ගෙවලා මං
හිටපු එකම සීන් එකත් එඩිටර් මල්ලීගේ කතුරට
බෙල්ල කැපුනා වගේ කැපිලා වැඩක් නෑ නේ දැන්

නුඹ නාඩන් නුඹ නාඩන්
උඹට ඕවා හොද පාඩන්
නුඹ නාඩන් නුඹ නාඩන්
උඹට ඕවා හොද පාඩන්

මම නම් ගගේ පනිනව
වතුර බීලා මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙන කොට ගොඩ පීනනවා
රේල්ලට බෙල්ල තියනවා
ජීවිතේ එපා කියනවා
හුටා කොච්චිය ලංවෙනකොට මං නැගිටිනවා

නුඹ නාඩන් නුඹ නාඩන්
නුඹ නාඩන් නුඹ නාඩන්
නුඹ නාඩන් නුඹ නාඩන්
නුඹ නාඩන් නුඹ නාඩන්

මම නම් ගගේ පනිනව
වතුර බීලා මැරෙනවා
හුස්ම ටිකක් හිරවෙන කොට ගොඩ පීනනවා
රේල්ලට බෙල්ල තියනවා
ජීවිතේ එපා කියනවා
හුටා කොච්චිය ලංවෙනකොට මං නැගිටිනවා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

දිරිය | Diriya by Pasan Liyanage ft. Piyath Rajapakse, Tehani & Hirushi [2020]

මනුසත් බවේ පහන් දැල්වේවී
ඉවසීමේ ගුණය විහිදේවී

නව නිමැවුම් ලොවට බිහිවේවී
සුව හැගුමෙන් ලොවම පිබිදේවී

බැදිලා එකට එක් වී සදා
සවියෙන් නැගෙමු පෙරටත් වඩා
ලොවම දසත පැසසුම් ලබා
දිරිය සමග යමු එක් සිත් දරා
සැමදා

මිහිමත උපන්
සුව දෙවි අනුහසින්
රණ බිම දිනූ විරුවන්ගේ බලෙන්

දුර බව උනත්
අප ලංවී සිතින්
යලි නැගිටිමු දෑ විරුවන් ලෙසින්

බැදිලා එකට එක් වී සදා
සවියෙන් නැගෙමු පෙරටත් වඩා
ලොවම දසත පැසසුම් ලබා
දිරිය සමග යමු එක් සිත් දරා
සැමදා

එකමුතු වෙමු
සැම අද එකාමෙන්
ජාති භේද දුරලමු අපි සාමයෙන්
මිනිසත් කම ලොවටම පෙන්වමින්
ජයගමු අපි අද මේ උවදුරින්
මිනිසත්කම එය තමයි වත්කම
ලොවටම පෙන්වමු ඒ සත් බව
පෙරටම එමු අපි ශ්‍රී ලාංකික
සවියෙන් නැගිටිමු පෙරටත් වැඩියම

සංවර වූ දැයක් බිහිවේවී
සුව දිවියෙන් සතුට ඉතිරේවී
මිනිසත් බවේ සුවද විහිදේවී
යළි දිරියෙන් රටම සෑරසේවී

බැදිලා එකට එක් වී සදා
සවියෙන් නැගෙමු පෙරටත් වඩා
ලොවම දසත පැසසුම් ලබා
දිරිය සමග යමු එක් සිත් දරා
සැමදා

බැදිලා එකට එක් වී සදා
සවියෙන් නැගෙමු පෙරටත් වඩා
ලොවම දසත පැසසුම් ලබා
දිරිය සමග යමු එක් සිත් දරා
සැමදා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

කිරුළ | Kirula by Hirushi Jayasena ft. Bachi Susan & Pasan Liyanage [2020]

කඳුළු හා එතී සුසුම් පාවෙතී
සිහින ඉහිරුණු එක්ටැම් ගේ පුරා
පෙමක් ඉකිබිඳී හිතින් ලතවෙවී
සොඳුරු උරුමය නිහඬව කුස දරා

නුඹේ වගක් පවසන්න බැරී
සොඳුරු රුවැති නුඹ මටයි හිමි
පෙමක් වසන් කල හැකිද සකී
ලොවට පෙමට බැමි බඳිනු බැරී

කිරුළ අපේ පෙම් රජ දහනේ
හිමියනි මා තුරුළට ආවේ
මල් පාවඩ අතුරා නෑ මාවතේ
පය පරිස්සමින් මේ දිවිගමනේ

වැටෙන හුස්ම සේ රකින් පුතු මගේ
ගමන කෙලවර දුටුවොත් හෙට මගේ
කැකුළු මල අපේ අරන් යනු මැනේ
නපුර නොපෙනෙන තැනකට හිමියනේ

මංගල තැලි පට සේල නැතී
දිළිඳු පෙමකි ලොව කියනු ඇතී
ඒ පෙමින් උපන් මිණි කිරුළ සරී
මල් කැකුලට නු⁣ඹෙ සුවඳමයි හිමී

විසේකාරී | Visekari by Bachi Susan [2017]

අනුරාගී නුවන් හිමිකාරී
උන්මාදී හැඟුම් මට දේවී
සිපගන්නටදෝ ලංවී

විසේකාරී

ශෘංගාරී දෙතොල් නලියාවී
හැඩකාරී සැනින් මත්වේවී
සුරලෝකේ ඉඳන් ආවාදෝ

විසේකාරී

ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ

මායම් රූ නාරී විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී

කවිකාරී තෙපුල් මුමුණාවී
සඳයාවී උකුල් සුවදේවි
අදහන්නට බෑ පුදුමය

විසේකාරි

මනලෝලි දසුන් ඉගිලේවි
ඳගකාරි සිතුම් උතුරාවි
ඔබ කාගේ කවුරුන්දෝ

විසේකාරි

ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ

මායම් රූ නාරී විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී

දේදුන්නයි ඇ මා මුවැත්ති
ඔව් ඈ හරි රුවැත්ති
ඔබ මා මුදු හිතැත්ති විසේකාරි
ඔබ ලඟින් ගෙවි යන වසන්තේ
පෙම් හැඟුම් ගලායයි අනන්තේ
හිත මගේ අරන් හැංගෙන්නද

විසේකාරි

ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ

මායම් රූ නාරී විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී