ආදරණීය නේරංජනා | Adaraneeya Neranjana by Priya Suriyasena

ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා

ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා

ඔබේ මුදු මදහස් රැළි මාලාවේ
වෙලී බැදුණු දින රඟ ශාලාවේ
තුන් හිතකින්වත් නොසිතූ විලසින්
යළි ඔබ දැකුමට ආ වේලාවේ

අප හමු වූ ගෙවුයන් සීමාවේ
එක මොහොතක් පමණකි තනි වූයේ
මටම ම පුදුමයි අදහන්නට බෑ
මම ම නොවේ යළි ඉන් පිට වූයේ

කවුදෝ මා පසු පස එනු දැනුණා
පාළු වීදියේ තනිකම මැකුණා
ජීවමාන කිසිවකු සිටියේ නෑ
එනමුදු කවුදෝ ඇති බව වැකුණා

නිදියහනේ මා නින්දට වැටුණා
ඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා
එනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ
මගේ සිතම මට මුමුණනු ඇසුනා

ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා

ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා
ආදරණීය නේරංජනා

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

මගේ ළමැද | Mage Lameda by Priya Suriyasena

මගේ ළමැද සුව යහනක්
ඔබට තනා දෙන්න කියා
භවෙන් භවේ පෙරුම් පුරා
බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා
බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා
දිගු ගී වැල් මුමුනනවා
සොඳුරු ලොවක අප දෙදෙනා
හෙට තනිවෙනවා

සිහින ගෙනන කුමාරියේ
ඇගේ ලොවට එන්න එපා
ඇය රවටා කැඳවාගෙන
නොයන් කුමරියේ

මගේ ළමැද සුව යහනක්
ඔබට තනා දෙන්න කියා
භවෙන් භවේ පෙරුම් පුරා
බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා
දිගු ගී වැල් මුමුනනවා
සොඳුරු ලොවක අප දෙදෙනා
හෙට තනිවෙනවා

අපට උරුම අපේ ලොවේ
හද සොම්නස් කිරුල දරා
මගේ ලඟින් සසර පුරා
ඉන්න වාසනා

මගේ ළමැද සුව යහනක්
ඔබට තනා දෙන්න කියා
භවෙන් භවේ පෙරුම් පුරා
බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා
දිගු ගී වැල් මුමුනනවා
සොඳුරු ලොවක අප දෙදෙනා
හෙට තනිවෙනවා

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

පැතුම් පිරීලා | Pathum Pirila by Priya Suriyasena

පැතුම් පිරීලා උතුරා යනවා ඇය අද එනවා හමුවේදෝ
සිතක් පිරීලා ඇගෙ රුව දැකලා ඇගෙ සිත අසලා සැනසේදෝ
වසන්තයේ දිනයක් සිහි වෙන්නේදසන්තයේ සිතුවිලි මුසු වෙන්නේ
ළමා වියේ මෙන් යොවුන් වියේදි
වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා
පැතුම් පිරීලා උතුරා යනවා ඇය අද එනවා හමුවේදෝ
සිතක් පිරීලා ඇගෙ රුව දැකලා ඇගෙ සිත අසලා සැනසේදෝ
අවන්හලේදි තනි වී දෙන්නා
රුවන් වන් පැතුම් මවමින් උන්නා
ඒ පැතුම් සැබෑ වී නව ලොවක් උදාවී
වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා
පැතුම් පිරීලා උතුරා යනවා ඇය අද එනවා හමුවේදෝ
සිතක් පිරීලා ඇගෙ රුව දැකලා ඇගෙ සිත අසලා සැනසේදෝ
සැනසේදෝ
සැනසේදෝ
සැනසේදෝ

 

https://t.me/sinhalasongs

මා වෙනුවෙන්ම නූපන් කුමාරී | Ma Wenuwenma Nupan Kumari by Priya Suriyasena

මා වෙනුවෙන්ම නූපන් කුමාරී
සිත දවනා වරම් දුන් කුමාරි
ඔබ ඔහුගේම මනමාලි වේවා
මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා

මගෙ ජීවන විලේ නිහඬ තැන්නේ
මට නොකියා ඇයි මල් පිපෙන්නේ
ඒ මල් නැතිලූ මට උරුම වෙන්නේ
එහෙනම් ඇයි අනේ මල් පිපෙන්නෙ
මට වැළපෙන්න රෑ හුදෙකලාවේ
සුදු කමලත් සුගන්දේ දෙවාවී

මා වෙනුවෙන්ම නූපන් කුමාරී
සිත දවනා වරම් දුන් කුමාරි
ඔබ ඔහුගේම මනමාලි වේවා
මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා

ඔබෙ සුදු පාද දෝවන්න මාගේ
හිත ඇත තාම කදුලැල් මහෝගේ
අන්සතු වස්තුවක් ගා බැදෙන්නෙ
හිත මෙතරම්ම කීකරු ද මාගේ
මේ මිනිසත් බවින් මා ලැබූ ඒ
අසරණ වෙන්න වරමක් නොවේදෝ

මා වෙනුවෙන්ම නූපන් කුමාරී
සිත දවනා වරම් දුන් කුමාරි
ඔබ ඔහුගේම මනමාලි වේවා
මුළු කල්පයෙහි මගෙ නෙත් හඩාවා

හදවත ඉල්ලා | Hadawatha Illa by Priya Suriyasena (Cover by Bimal Jayakody)

හදවත ඉල්ලා නොලැබුනු විටදී
දහසක් සිතුවිලි මා හද තුල තෙරපී
මිතුරිය ඔබ කෙලසක හෝඅමතක කරමී
නොපිරු පෙරුමන් පුරලා කුමටද ලතැවි

ඔය නෙතු අඟ රැඳී තිබු – නිල්මිණි ඡායා
දැක මා හදවත සසැලි – සෙනෙහස කීවා

හදවත ඉල්ලා නොලැබුනු විටදී
දහසක් සිතුවිලි මා හද තුල තෙරපී

මතු අප උපදින භවයේ – යලි හමුවෙවා
ඔය නෙතු අග සිසිල රැදී – මට ලංවෙවා

හදවත ඉල්ලා නොලැබුනු විටදී
දහසක් සිතුවිලි මා හද තුල තෙරපී
මිතුරිය ඔබ කෙලසක හෝඅමතක කරමී
නොපිරු පෙරුමන් පුරලා කුමටද ලතැවි

 

 

Download the Official Audio from Here!!