නිල් දෙනෙති | Nil Denethi by Iraj ft. Kaizer Kaiz , Clewz , Romaine Willis & Tony T [2020]

නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

හිනැහෙන්නී
ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

මට පෙන්න ගත්ත දෙවේලී
හදවත පතුරු ගැහිලා ගිහින් ලෙලි
වතුර බිව්වා වගේ කෑ ගමන් නෙල්ලී
හරිම ස්වීට් කවුද අනේ මේ කෙලී

උඹ මිරිගුවක් ද මට ඇත්ත කියපන්
නිමක් නෑ මේක ටෙම්පල් රන්
නුඹ දැලේ දාගන්න පස්සේන් පන්නං
ලගින්ම එන කළු යකාද මං

ඕනෙ නෑ කෙල්ලේ සක්කර වට්ටම
නිකන් දුන්නා වගේ අවුරුදු වට්ටම
ඇවිත් ඩිංගක් උඹ තුරුල් කරගත්තම
පද්ද පද්දපං උඹට දෙයියෝ දුන්න වත්කම

නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

හිනැහෙන්නී
ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

Girl you all I need
all I need

මගේ ඇස් කොනේ පැටලිලා

දෙන්නද දෑත හදවතටම
හැමදාම අල්ලගන්නම් ඔය දෑත මම
ආස නැද්ද මාත් එක්ක යන්න
අහස ලග
එකතු කරගන්න මගේ වාසගම

නුඹ ගාවම කැරකෙන්නේ
වගේ මම බබර
පොරොන්දුවක් වෙමුද අපි අතර
අපි අතර

නුඹේ බර දාපන් මගේ කරට
මගේ ලෝකේ එළිය උනේ නුඹ මගේ හින්දද
චූටී හුරුබුහුටී අහින්සක
සීතල දවසක නුබයි මගේ ගින්දර
අපේ ආදරේ චිත්‍රයක්
ඔයයි මගේ පින්සල

නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

හිනැහෙන්නී
ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

Girl you all I need
let me love you
Girl you all I need

නපුරුයි කතා
සොදුරුයි සිනා
මාගේ හිත පාරනා

සායම් එපා
මායම් එපා
පියඹන්නේ තනියෙන් තමා

නිල් දෙනෙතී
සුව දෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

හිනැහෙන්නී
ඉගිදෙන්නී
මගේ ඇස් කොනේ පැටලිලා

Girl you all I need
Girl you all I need

මගේ ඇස් කොනේ පැටලිලා
මගේ ඇස් කොනේ පැටලිලා
මගේ ඇස් කොනේ පැටලිලා

Cleopatra by Iraj ft. Romaine Willis, Kaizer Kaiz and Izzy [2018]

සත මත පය තබා
සුර ලෝකෙට පාර සොයනා
අපායක හිරවෙලා
අඳුරේ හීන දකිනා

Cleopatra cleopatra
රැජිණක නම් ලබලා
Cleopatra cleopatra
මා වත දැවටුනා

අන්දකාරේ මේස ගානේ
යනවා හොයාගෙන තාවකාලික ආදරේ
කොට ගවුමට සාදු කියන්
පින්වත්තු කාමයේ
ලස්සනයි ප්‍රියංකරයි
හිනාව ඈගේ දුක් බරයි
ඇස් දෙකෙන් මම දැකපු කතාවෙන් තේරුනා ඇය අහින්සකයි
උබේ අඩිතාලෙට “මොණරුන්”
එලියට එයි වගේ “හිවලුන්”
මත් බදුනේ අත තිබුනට උබ ළගමයි හිත
උබ “මලක්” උන් “ඹබරුන්”
වටකරගෙන වන සත්තු
වැඩි හරියක් පිට රට්ටු
කම්මුල් දෙක ඇගේ වුනා රතු
ඇහුවම ලං වෙලා ඇගේ තතු
කෙල්ලව මිරිකල යුෂ අරන්
ලොක්කන් බොති ඇය හිරකරන්
හේතුව ඇහුවම තුරුල් කරන්
බිම බලා ගත්තා මාව තද කරන්
රැජිණක් වුනාට ජීවිතේ
දාසියක වෙලා පිරමීඩයේ
නර්ථන පිරිච්ච සටන් බිමේ
සෙබලියක් ඈ රෑ මුර පොලේ

පොඩි ළමයගේ අතින් අල්ලගෙන
සාරියකින් වෙසුත් වලාගෙන
මාව දැකලා බිමත් බලාගෙන
ඇවිදන් යන හැටි නුඹ ලැජ්ජාවට
රටක් හැදුව හංවඩුව
ඇයත් මවක් පියෙක් වුන
මමත් නැටුවා මගෙත් පව
වැරදි ලෝකයයි නුඹ වෙයන් ආඩම්බර
හදට “mitchelle” ඉරට “ලක්මිණි”
සුරඟන කොහොමද වුනේ යක්ෂණී
නටන්නේ කොහොමද එක්ක මලමිණී
මත් බදුනේ ඇය දැක්කේ ළමයට කිරි
ජිවීතේම කරන් ඉඳුල්
හොයන්නේ ළමයට රජ බොජුන්
ආශ්‍රය කරාට වන සතුන්
පුතාට නුඹ තාමත් ගෙදර බුදුන්
පිට දැක්කට රෑ නුඹේ ඇඳුමට
දැක්කේ නෑ නේ නුඹේ හිත යට දුක
මාව දැකල නුඹ වෙනතක බැලුවට
අද තමයි දැක්කේ ඇත්තම නුඹ
දරුවගේ හිනාව වටිනවා නම්
සිල් කඩන්නේ නුඹ ඒකටනම්
පවු කරන්නේ නුඹ හොදකටනම්
රැජිණක් නුඹත් ගරු කරනවා මං

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

තුරුලේ නිදන් (මනමාලී 2) | Thurule Nidan (Manamali 2) by Iraj ft. Romaine Willis [2017]

පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ
පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ

නොහඩා ඉන්නේ කොහොමා
හදකින් කොටසක් දුන්නා
ඔබ දුන් රජ කිරුල මට හිමි උනා
මෙතරම් කල් මං උන්නා
කුමරෙක් ඇවිදින් ඉන්නා
නුඹ හැර යන එකමයි දැන් වේදනා

පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ
පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ

සෙනෙහස කිරිකර මට පොවලා
පියවරු මං දුටුවේ නෑ මවු ගුණ තිබෙනා
ඈ ගැන රහසින් වත් නොකියා
අම්මලා දහසක් තරම් උණුසුමෙන් මා වෙලා

පොඩි දා ඉදන් තුරුලේ
නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි
තාත්තා ගේ අතේ
තාත්තා ගේ අතේ
පිට වෙන්න දැන්
අවසරයි නම් මනමාලි වී
මනමාලි වී
දුවනියගේ අත අල්ලන්
ඉකි බිඳිනු නම් එපා