සඳ ලේඛා | Sanda Lekha by Rookantha Gunathilaka

සඳ ලේඛා සඳ ගිරි හිසින් ලැඟුම් ගනියි මගේ ලෝකේ
රූ චායා සෙවනැලි දිදා පෙමින් ලඟින් හිඳී මගේ
දිනෙක කීවා මා දකින සිහිනේ
එම සඳ කීවා මනෝරම්‍ය ගීතේ
අපි දෙන්නා

විමානයෙන් ආ සඳ සේ සඳුන් කැලෙන් එහා
ගෙනා සිතක් රන් තැටියේ නොදී ගතින් එදා
හතර වටේ මල් වැහැලා සිතට කතා කලා
හිතින් ඉතින් එදා

සඳ ලේඛා සඳ ගිරි හිසින් ලැඟුම් ගනියි මගේ ලෝකේ
රූ චායා සෙවනැලි දිදා පෙමින් ලඟින් හිඳී මගේ
දිනෙක කීවා මා දකින සිහිනේ
එම සඳ කීවා මනෝරම්‍ය ගීතේ
අපි දෙන්නා

කුමාරියක් වූ දවසේ කතා පොතෙන් සිතේ
විලේ ගිහින් මල් නෙළුවේ ඔබයි නමින් මගේ
පාර දිගේ මල් ඉහිලා සුවඳ කතා කළා
රජෙක් ඇවිත් කියා

සඳ ලේඛා සඳ ගිරි හිසින් ලැඟුම් ගනියි මගේ ලෝකේ
රූ චායා සෙවනැලි දිදා පෙමින් ලඟින් හිඳී මගේ
දිනෙක කීවා මා දකින සිහිනේ
එම සඳ කීවා මනෝරම්‍ය ගීතේ
අපි දෙන්නා

සීතල සිතුවිලි | Seethala Sithuwili by Rookantha Gunathilaka

සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
සුවපත් කළ ළමැදේ
ජීවිත කතරට සිහිලැල් පිණිබිදු ඉසිමින්
පෙර මං කී නිරිඳේ

මුවරද විසිරෙන මිහිරිම සෙනේහයෙන්
මා හද සුවඳින් පිරූ හැටි
ගිනියම් සැඩහිරු දෝතින් මුවා කරන්
සුවබර සෙවනැලි හැදූ හැටි

සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
සුවපත් කළ ළමැදේ
ජීවිත කතරට සිහිලැල් පිණිබිදු ඉසිමින්
පෙර මං කී නිරිඳේ

නොසිතු මොහොතක නොමියෙන විලාසයෙන්
ඉරණම ඔබ ළඟ රැඳුණු හැටි
වැළපෙන පැළකට මල් කැන් දෝත දරන්
හෙට ගැන උරුමය ගෙනා හැටි

සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
සුවපත් කළ ළමැදේ
ජීවිත කතරට සිහිලැල් පිණිබිදු ඉසිමින්
පෙර මං කී නිරිඳේ

සඳ තුරුලට | Sanda Thurulata by Rookantha Gunathilaka

සඳ තුරුලට රෑ ජාමෙක වළාගැබක් ළඟ විලසට
ඔබ තුරුලේ සැඟවිලා ඔබේ සිහිනේ ගැවසිලා
සිත සනසන සුවය ගෙනමි මං
ගත නළවන සුවය සදමි මං
හෙට දින යලි හමු වූ විට ඔබේ හිනැහී තෙපලන්න මට
අමා සුවය ඔබ ගෙනෙයි හිත සතුට ඔබ සදා
අදත් හෙටත් මම ඔබෙයි කියා මමත් ඔබට ආදරේ නගා

ඔබේ විලවුන් සුවඳ කාමරේ පුරා විහිදිලා
ඔබේ කටහඬ තාම ඇහෙනවා සවන් කොඳුරලා
ජීවිතේට කිසිමදාක වෙන් නොවන්න ළඟින් ඉන්න
ඔබට සදා සුවය ගෙනාවා දිවි ඇති තුරා ළඟින් ඉන්නවා

දුටුව පළමු දා පටන් ඔයා සිත අරන් ගිහින්
සිහින මාළිගා සදන් ඉන්නේ ඇයිද ඔයා තව ඉතින්

සඳ තුරුලට රෑ ජාමෙක වළාගැබක් ළඟ විලසට
ඔබ තුරුලේ සැඟවිලා ඔබේ සිහිනේ ගැවසිලා
සිත සනසන සුවය ගෙනමි මං
ගත නළවන සුවය සදමි මං
හෙට දින යලි හමු වූ විට ඔබේ හිනැහී තෙපලන්න මට
අමා සුවය ඔබ ගෙනෙයි හිත සතුට ඔබ සදා
අදත් හෙටත් මම ඔබෙයි කියා මමත් ඔබට ආදරේ නගා

දිවි ඇති තුරු සුවය සදමි මං සිත සනසා සුවය ගෙනෙමි මං
ඔබේ තුරුලේ සැඟවෙන්නෙමි මං ඔබට සදා සුවය ගෙනෙමි මං
ඔබ නැති ලොව මට කුමටද පානා දා
ඔබ එනතුරු මග බලනෙමි සැමදා
වේදනාම වේවා එන්න මා සොයාලා
දිවි ඇති තුරු සුවය සදමි මං සිත සනසා සුවය ගෙනෙමි මං
ඔබේ තුරුලේ සැඟවෙන්නෙමි මං ඔබට සදා සුවය ගෙනෙමි මං

සඳ පිණි දියේ | Sanda Pini Diye by Rookantha Gunathilaka

සඳ පිණි දියේ හිම කුමරියේ
ජීවිත කැලේ පිපි මල් වැලේ
මා හා බැඳී ගිනි කාෂ්ටකේ
කඳු හෙල් දිගේ සැඩ මාරුතේ
ඔබ හමා යනවා අපි හමා යනවා

නෙතින් ගලනා කඳුළු වැල් ගංගාවෝ
සවිය දෙනවා පරදන්න මායාවෝ
මල් රොනින් මලින් පිරී දිනෙන් දිනේ ගෙවේ
ආදරේ සදා සුසුම් නොවේ

සඳ පිණි දියේ හිම කුමරියේ
ජීවිත කැලේ පිපි මල් වැලේ
මා හා බැඳී ගිනි කාෂ්ටකේ
කඳු හෙල් දිගේ සැඩ මාරුතේ
ඔබ හමා යනවා අපි හමා යනවා

මේ ලෝ වසනා තුරා ළඟ මා ඉන්නම්
කඳුලු පිසදා ඔබව සනවාලන්නම්
ආදරේ හිනාවෙන්න ආදරේ හඬයි
ජීවිතේ කා හටත් ඔහොමයි

සඳ පිණි දියේ හිම කුමරියේ
ජීවිත කැලේ පිපි මල් වැලේ
මා හා බැඳී ගිනි කාෂ්ටකේ
කඳු හෙල් දිගේ සැඩ මාරුතේ
ඔබ හමා යනවා අපි හමා යනවා

සෙනෙහස | Senehasa Dewolaki by Rookantha Gunathilaka

සෙනෙහස දෙවොලකි පුද නොහැකි
ඔබ නමටයි ඒ දොවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබ දෙසවන් ඇයි අඟුළු වැටී

සසරින් සසරට එකට බැඳී
මෙතුවක් ආ මග අද නැවතී
ආදරයට හිමි කඳුළු බිඳූ
සාගරයට මුසු වේද මතු

සෙනෙහස දෙවොලකි පුද නොහැකි
ඔබ නමටයි ඒ දොවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබ දෙසවන් ඇයි අඟුළු වැටී

කඳුලට සුසුමට ලෙන්ගතු වී
සැනසෙන්න ද මා කෙලෙස යළි
ජීවිතයම එක රැයක දුටු
සිහිනෙකි ප්‍රේමය බිඳුණු පසු

සෙනෙහස දෙවොලකි පුද නොහැකි
ඔබ නමටයි ඒ දොවොල හිමි
ආයාචනයට මසිත ගැයූ
ඔබ දෙසවන් ඇයි අඟුළු වැටී

rookantha gunathilaka songs,rookantha gunathilaka,rookantha gunathillake,rookantha goonathillaka,rookantha gunathilaka nonstop,rookantha gunathilaka original music,gunathilake,rookantha,sinhala old song,best of rookantha and chandraleka,sinhala songs,old songs,best of rookantha,sinhala,ekathuwa,collection,night music,song,songs,song collection,githa,geetha,singer,parani,parana,artist,eka pelata,old,calm,nice,sri lanka,miyuru gee,chandraleka,gee,new

සෙනෙහේ බැඳී | Senehe Bandi Eda by Rookantha Gunathilaka

සෙනෙහේ බැඳී එදා සැනසුම් සුවේ පතා
අප ලංවෙලා උන් නිසා ලෝකයේ බෝ දෙනා
කී කතා ඇසේ
සෙනෙහේ බැඳී එදා සැනසුම් සුවේ පතා

දිවිය ඔබේ කැළඹෙන දා
කදුළු සලා වැළපෙන දා
එළිය මැකී තනිවෙන දා
ළඟම ඇතේ ඔබගේ ලොවේ

සෙනෙහේ බැඳී එදා සැනසුම් සුවේ පතා
අප ලංවෙලා උන් නිසා ලෝකයේ බෝ දෙනා
කී කතා ඇසේ
සෙනෙහේ බැඳී එදා සැනසුම් සුවේ පතා

කඳුළු සලා නයන දැලේ
රැඳෙනු එපා සිහින දැලේ
කඳුළු නොයේ නෙතට මගේ
බඹරු නෙතේ සසල වුණේ

සෙනෙහේ බැඳී එදා සැනසුම් සුවේ පතා
අප ලංවෙලා උන් නිසා ලෝකයේ බෝ දෙනා
කී කතා ඇසේ
සෙනෙහේ බැඳී එදා සැනසුම් සුවේ පතා

සිනාකැන් මුවේ | Sinakan Muwe by Rookantha Gunathilaka

සිනාකැන් මුවේ මතකයේ රැව්දිදී
හැඟුම් පාවුනා ආකාහේ දුර ඇදී
සඳ පායන්නේ නැති රෑට අඳුරුයි වගේ
ඔබ මා එක්ක නැති හින්දා පාළුයි අනේ

අප හමුවුණ තැන මම ඉන්නම්
මතු දවසක ඔබ එනකං
ඔය සිනහව යළි මට දෙනකං
තනිපංගලමේ ඉන්නම්

මවා පෑ ඔබේ ආදරේ සිත වෙලී
පැතු පෙම් මැවූ සිහිනයේ නැවතුනි
තරු යායක් දිලිසෙන්නේ ඒ ඇස් වගේ
දුරමයි ඉන්නේ ළංවෙන්නේ නැතිදැයි සිතේ

අප හමුවුණ තැන මම ඉන්නම්
මතු දවසක ඔබ එනකං
ඔය සිනහව යළි මට දෙනකං
තනිපංගලමේ ඉන්නම්

අප හමුවුණ තැන මම ඉන්නම්
මතු දවසක ඔබ එනකං
ඔය සිනහව යළි මට දෙනකං
තනිපංගලමේ ඉන්නම්

සියුමැලි රෝස | Siyumali Rosa Male by Rookantha Gunathilaka

සියුමැලි සියුමැලි රෝස මලේ
මල් සමය නිමවේවිදෝ
මල් සමය කොයිවෙලේ නිමවේවිදෝ
සියුමැලි සියුමැලි රෝස මලේ

අරුණොදේ සියොතුන්ගේ ගී ගායනා
සිත හංගන මල් සමය නිමවෙන් නෑ
ඔබ ඈත මම ඈත අපි වෙන්වෙලා
මහ සාගරය අප වෙන්කළා
මල් සමය නිමවෙන් නෑ

සියුමැලි සියුමැලි රෝස මලේ
මල් සමය නිමවේවිදෝ
මල් සමය කොයිවෙලේ නිමවේවිදෝ
සියුමැලි සියුමැලි රෝස මලේ

අද ආදම ඔබේ කුමරී එයි එයි කියා
අනුරාගේ නෙතඟින් බලා
සිරියහනේ සුදු සේලේ එළලා
සඳවතිය ගිරි මුදුනෙන් සැඟවී ගියා

සියුමැලි සියුමැලි රෝස මලේ
මල් සමය නිමවේවිදෝ
මල් සමය කොයිවෙලේ නිමවේවිදෝ
සියුමැලි සියුමැලි රෝස මලේ

සුදු මුදු වැල්ලේ | Sudu Mudu Walle by Rookantha Gunathilaka

සුදු මුදු වැල්ලේ සුළඟ හමන්නේ ආදරේ
හිරිපොද වැස්සේ පින්න සලන්නෙත් ආදරේ
දිලි දිලී අහසේ නිවි නිවී රහසේ
මුතුකැ‍ට තරුවැල් අප‍ට කියන්නෙත් ආදරේ

මල් සුවඳ සොයා බඹරා එනවා
ආදරය සොයා ඔබ ළංවෙනවා
සමනල් රෑනේ පියඹා යනවා
මල්ගුමු දැකලා නැවතී යනවා
සෙනෙහේ සුවදේ සැමදා

සුදු මුදු වැල්ලේ සුළඟ හමන්නේ ආදරේ
හිරිපොද වැස්සේ පින්න සලන්නෙත් ආදරේ
දිලි දිලී අහසේ නිවි නිවී රහසේ
මුතුකැ‍ට තරුවැල් අප‍ට කියන්නෙත් ආදරේ

ලොව සැනසීමයි ලොව නැලවීමයි
ලොව ගැලවීමයි ආදරය තමයි
ඔබ හා එනවා ඔබ හා යනවා
දිවි තියෙන තුරා සිත සැනසෙනවා
සෙනෙහේ සැරදේ සැමදා

සුදු මුදු වැල්ලේ සුළඟ හමන්නේ ආදරේ
හිරිපොද වැස්සේ පින්න සලන්නෙත් ආදරේ
දිලි දිලී අහසේ නිවි නිවී රහසේ
මුතුකැ‍ට තරුවැල් අප‍ට කියන්නෙත් ආදරේ
මුතුකැ‍ට තරුවැල් අප‍ට කියන්නෙත් ආදරේ

සුර ගීයයි | Sura Geeyai by Rookantha Gunathilaka

සුර ගීයයි බිළිඳු හඬයි ඈත ඇසෙන්නේ
සුළං රොදයි මල් සුවඳයි එදෙසින් එන්නේ
රිදී සීනු හඬ පරදන ගීත ඇසෙන්නේ
කවුද මේ රෑ කන්කළු ගීතිකා ගයන්නේ

සුසිත් දනන්හට සාමය ලැබී දිනේවා
ලොව සව්සතහට සාමය ලැබී දිනේවා
මෙසේ දේවදූතයෝ සිරි ගීත ගැයූවා
බිළීඳු දෙවිඳු දිළිඳු පැලේ ලොව බිහිවූවා

ගොපළුන් සුසිරය ගෙන තාලයට පිඹිනවා
බැටළුන් කරපින්නාගෙන ඒ දෙස එනවා
සුර දුතු කැළ කියූ බිළිඳු කොහෙද අසනවා
බිළිඳුන් දුටු සැණින් වැටී වැඳ අයදිනවා

දරු නැලවිල්ලයි දැන් ඒ දෙසින් ඇසෙන්නේ
බිළිඳා මව් උකුලට වී සැපට නිදන්නේ
පිය අතට බර වී පිටු පසින් සිටින්නේ
මෙතනය ලොව රජවන දෙව් බිලිඳු උපන්නේ

සුර ගීයයි බිළිඳු හඬයි ඈත ඇසෙන්නේ
සුළං රොදයි මල් සුවඳයි එදෙසින් එන්නේ
රිදී සීනු හඬ පරදන ගීත ඇසෙන්නේ
කවුද මේ රෑ කන්කළු ගීතිකා ගයන්නේ

rookantha gunathilaka , rookantha chords , rookantha gunathilaka live , rookantha nonstop , rookantha songs , rookantha and chandraleka all songs , rookantha,best of rookantha,ekathuwa,rookantha gunathilaka,parana,rookantha gunathillake,rookantha goonathillaka,rookantha gunathilaka songs,rookantha gunathilaka nonstop,githa,best of rookantha and chandraleka,eka pelata,gunathilake,parani,geetha,rookantha gunathilaka original music,sinhala,old songs,sri lanka,collection,song,chandraleka,songs,sinhala songs,artist,song collection,sinhala old song,night music,old,new,nice,calm,singer,miyuru gee