අද නම් මා හද | Ada Nam Ma Hada by Raween Kanishka & Kalpana

අද නම් මා හද
ඉවසුම් නෑ
සොයුරේ පෙම දැණුනා
හැගුමන් පායනවාදෝ
මංගල මුදු පළදා

එක ලේ පැහැයයි සිරැරේ පුරා
සොයුරේ නුඹ මගේ පණයි සදා

සතුටින් ඉනු මැන
දිවිය පුරාවට
නිදුකින් මතු සැමදා

අයදිම් සමාව මා සැමදා
සිදුවී ඇතොත් වරදක්
ඔබගේ ලගින්ම මා
මතු රැදි නොබිදී උතුම් හැගුමන්

පෙරුමන් පුරාන ආවදෝ
මා සොයුරුමේ සොදුරු.
මේ ලෙසින් අපි අපේම වී
සසරේ බැදී

සසරේ පුරාම මා පතනා
සොයුරේ ඔබයි සොදුරු
ඔබගේ දයාව ප්‍රේමය රැදි
මතකයි සෙනේ පිරුනූ

පෙරුමන් පුරාන ආවදෝ
මා සොයුරුමේ සොදුරු
මේ ලෙසින් අපි අපේම වී
සසරේ බැදී

සතුටින් ඉනු මැන
දිවිය පුරාවට
නිදුකින් මතු සැමදා
සතුටින් ඉනු මැන
දිවිය පුරාවට
නිදුකින් මතු සැමදා

නෙතු යුග විහිදා | Nethu Yuga Vihida by Lavan Abhishek

නෙතු යුග විහිදා සැනසිලා එක්වීලා
පතිනිය වීලා හැඩවීලා
යුග දිවි අරඹා පුබුදාලා හිනැහිලා
අතිනත පතලා ලංවීලා

මනමාලිය හිනැහේ මුව සරසා
සද වැනි වත දිදුලා
හැම දෑසම හිනැහෙන දිනයක සැවොම
ප්‍රිය තෙපුලින් වෙලුනා

දැනුනා හැගුනා මධු සාදේ ආශාවිසිරි
මංගල සේයාරු පිරුනා
සිතලා පතලා පැතු පැතුමන් නිසි සේ ඉටුවී
හදවත් ආශාවේ ගිලුනා

දෙහදක ආශා හමුවීලා ලංවීලා
සිතුවිලි සේයා මුසු වීලා
රන්හුය පටලා මුමුනාලා සැනසීලා
අඹරණ පලදා හිනැහීලා

මධු සමයට පිට වී හදවත් සසැලි
නව දිවියක් අරඹා
නව යුවලට සතුටින් සුබ පතමි
ආසිරි මල් අතුරා

දැනුනා හැගුනා මධු සාදේ ආශාවිසිරි
මංගල සේයාරු පිරුනා
සිතලා පතලා පැතු පැතුමන් නිසි සේ ඉටුවී
හදවත් ආශාවේ ගිලුනා

ආදරයේ ජීවිතේ
සෑම දා විදලා
ජීවිතේ මේ සතුටින්
ආදරේ කරමු

දැනුනා හැගුනා මධු සාදේ ආශාවිසිරි
මංගල සේයාරු පිරුනා
සිතලා පතලා පැතු පැතුමන් නිසි සේ ඉටුවී
හදවත් ආශාවේ ගිලුනා

උඩවැඩියා මලේ | Udawadiya Male by Lavan Abhishek | Sangeethe Teledrama Song [2020]

ඉර පුපුරනවාලු – තරු පූදින කාලේ
හඳ මිය යනවලු – තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා – මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා – අපි වාගේ

උඩවැඩියා මලේ – අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි – එක රෑනේ

මිරිගුව දැක සිහිනය ලග – නතරවී හිනැහෙමු
තටු පිරිමැද එක හීනෙක – රෑන වී පියබමු
තුරුලේ ලමැද පිරුණු ආදරේ – මගේ ජීවිතේ වාගේ

උඩවැඩියා මලේ – අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි – එක රෑනේ

ඉර පුපුරනවාලු – තරු පූදින කාලේ
හඳ මිය යනවලු – තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා – මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා – අපි වාගේ

උඩවැඩියා මලේ – අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි – එක රෑනේ

එක උරහිස ලග පිරිහිස – කුමරිය හිස සිබිමූ
උපදින හෙට එක මව් කුස – ආදරයේ නම කියමූ
තුරුලේ ලමැද පිරුණු ආදරේ – මගේ ජීවිතේ වාගේ

උඩවැඩියා මලේ – අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි – එක රෑනේ

ඉර පුපුරනවාලු – තරු පූදින කාලේ
හඳ මිය යනවලු – තරු දී දිලි අහසේ
දෙරණ පුරා පිපුනා – මල් සුවඳක් ආවා
ගිරි හිස මත තිබුනා – අපි වාගේ

උඩවැඩියා මලේ – අපි හැදුනේ වෙලී
මව් කුසයේ සබැඳි – එක රෑනේ

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here