අපේ කොල්ලෝ | Ape Kollo by Bathiya & Santhush ft. Yohani & etc

මුලු පිටියම දෙවනත් කර
ජයගමු නොසැලීම
පසු නොබසින අදිටන ගෙන
හැප්පෙමු පෙර සේම

ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ
ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ

අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ

වැට කඩුලු බ්ද කඩුලු ගමු
සිත සවිය කොට පිටිය ජය ගමු
වැටෙන තැන නැගිට යමු සිහ
නදින් මුළු ලොවම කලබමු

අද බබලන මුතු ඇට ඔබ
මත දුදලපු මුතු කැට එළි
රල බිදගෙන පෙරටම යමු
බාදක බ්ද ගෙන රට

හද ගැස්මන් නවතින තැන
නංවමු ජය රාවය
මුලු ලෝකෙම දන්නම නම
දිනවමු සැමදාම

ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ
ධජය ලෙලවන සිංහයෝ
හදවතේ අපේ වීරයෝ

අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ
අපේ කොල්ලෝ

හීන කතන්දර | Heen Kathandara by Sanka Dineth

හීන කතන්දර ඉවරයි
මං ඔයාට පාර කියන්නම්
මහ සයුරේ දිය ඉවරයි
දිය උල්පත ළඟ මම නවතින්නම්

ඇත්තයි මල් පරවෙනවා
තරුකැට කඩා වෙනවා
සරණයි කඳුළු වැටෙනවා
තුරු හිස මත ආයෙ පිපෙනවා
මං ඔය හිත සුවඳ කරනවා

හීන කතන්දර ඉවරයි
මං ඔයාට පාර කියන්නම්
මහ සයුරේ දිය ඉවරයි
දිය උල්පත ළඟ මම නවතින්නම්

පුදුමයි තරු ඇහැරෙනවා
අහස ම එළිය කරනවා
විරලයි ඇස් දන් දෙනවා
ඔය ඇස මට පාර කියනවා
මම මඟෙ හිත ඔයාට දෙනවා

හීන කතන්දර ඉවරයි
මං ඔයාට පාර කියන්නම්
මහ සයුරේ දිය ඉවරයි
දිය උල්පත ළඟ මම නවතින්නම්

ශාන්ත සිතුවිලි (Remake) | Shantha Sithuvili by Sanka Dineth

ශාන්ත සිතිවිලි මැව්නාවේ
බල බලා හැඩ ගංගාවේ
දෙදෙන සුපුරුදු ලැසි ගමනේ
සෑමදා වාගේ සෑමදා වාගේ

ශාන්ත සිතිවිලි මැව්නාවේ
බල බලා හැඩ ගංගාවේ
දෙදෙන සුපුරුදු ලැසි ගමනේ
සෑමදා වාගේ සෑමදා වාගේ

පාවෙන බක් මී මල් යහනේ
ආදරයේ රඟදෝ මැව්නේ
නෑසේ ළඟ සැනවුනු ශෝකේ
මිහිරනේ පෑවේ

සී පද රාවේ තොටියාගේ
සන්තාපේ සිතිවිලි මැකුනේ
මෝදුර පායා එන තරුවේ
රහසනේ කීවේ

ශාන්ත සිතිවිලි මැව්නාවේ
බල බලා හැඩ ගංගාවේ
දෙදෙන සුපුරුදු ලැසි ගමනේ
සෑමදා වාගේ සෑමදා වාගේ

ශාන්ත සිතිවිලි මැව්නාවේ
බල බලා හැඩ ගංගාවේ
දෙදෙන සුපුරුදු ලැසි ගමනේ
සෑමදා වාගේ සෑමදා වාගේ

හුස්මක් පවා | Husmak Pawa by Sanka Dineth ft. Nirasha Ekanayake

හුස්මක් පවා දැනෙන මේ රාත්රියේ
කොඳුරා කියාදෙන්න මට ආදරේ
දුල් නෙත් විදාලා රහසින් බලාලා
ඉමු ළං වෙලා මේ රෑ පුරා

පිනි මල් කඩා හැලෙන රෑ සීතලේ
මුමුණා කියා දෙන්න මට ආදරේ
දෙහදක් බැඳීලා සුසුමින් තෙමීලා
පෙම විඳිනවා රතු ලේ පවා

අඳුරේ පවා පේන තරු නෙත් දිහා
නොසැලී බලා ඉන්න හිතුනා සදා

හැඟුමන් වෙලී උන්නු සුසුමන් පවා
තුරුලේ තියාගනිමි මගේමයි කියා

ඔබේ ආදරෙන් මගේ ජීවිතේ
මුසපත් වෙලා කඳුලක් වුනා

හුස්මක් පවා දැනෙන මේ රාත්රියේ
කොඳුරා කියාදෙන්න මට ආදරේ
දුල් නෙත් විදාලා රහසින් බලාලා
ඉමු ළං වෙලා මේ රෑ පුරා

පිනි මල් කඩා හැලෙන රෑ සීතලේ
මුමුණා කියා දෙන්න මට ආදරේ
දෙහදක් බැඳීලා සුසුමින් තෙමීලා
පෙම විඳිනවා රතු ලේ පවා

හසකැන් මවා ඉන්න කෙහෙරැල් ලිහා
නුඹටයි මගේ හීන දෙන්නේ ලියා

පපුවේ නිදා උන්න මොහොතක් පවා
දැනුනා ළයේ ගැඹුරු සනසා තියා

මේ ආත්මයෙත් මතු ආත්මයෙත්
ඉමු ළං වෙලා මියෙනා තුරා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

ටැටූ වළලු | Tattoo Walalu by Sanka Dineth [2020]

පාලූ
ටැටූ වලලූ
සිපගත් දෙතොල්
හිරිගඩු පිපී කැකුලූ
ඈ රූ නෙතින් පෑරූ
පහසින් රහස් තිසරුන් කරයි පුබුදූ

කොදුරන්න
හීලෑ නොවූ හැගුම්
ඉදුරන් මුදා රැහැනින්
නැහැවෙන්න
තෙමී තෙමී ලමක් දියේ
මියැදෙන්න
තරු කැන් මුදා අහසේ

දෙතොලත්
සුසුම් සිරවූ
තහනම් රැයේ
නියගින් ලියූ කුරුටූ
හැරදුන් රහස් කදුලූ
මත් වී සැලෙන සලෙලුන් කලා උමතු

කොදුරන්න
හීලෑ නොවූ හැගුම්
ඉදුරන් මුදා රැහැනින්
නැහැවෙන්න
තෙමී තෙමී ලමක් දියේ
මියැදෙන්න
තරු කැන් මුදා අහසේ

පාලූ
ටැටූ වලලූ
සිපගත් දෙතොල්
හිරිගඩු පිපී කැකුලූ
ඈ රූ නෙතින් පෑරූ
පහසින් රහස් තිසරුන් කරයි පුබුදූ

කොදුරන්න
සනසන්න
කොදුරන්න
හීලෑ නොවූ හැගුම්
ඉදුරන් මුදා රැහැනින්
නැහැවෙන්න
තෙමී තෙමී ලමක් දියේ
මියැදෙන්න
තරු කැන් මුදා අහසේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

හදාගන්න නුඹ අතින්ම | Hadaganna Numba Athinma by Sanka Dineth [2014]

හදාගන්න නුඹ අතින්ම
බිඳුනු හිත මගේ
කියා දෙන්න කෙලෙසදැයි කියා
කියාගන්න බැරි උනාට
පෙරදිනක වගේ
සෑමදාම නුඹ මගේ කියා

හදාගන්න නුඹ අතින්ම
බිඳුනු හිත මගේ
කියා දෙන්න කෙලෙසදැයි කියා
කියාගන්න බැරි උනාට
පෙරදිනක වගේ
සෑමදාම නුඹ මගේ කියා

නුඹේ සුවඳ මා ළඟින් තියා
යලිත් එන්නෙ නැති උනත් ඔයා
හිතාගන්න බෑ තාම බෑ තාම බෑ
මේ තරම් නුඹ දුරයි මට කියා
මේ තරම් නුඹ දුරයි මට කියා

හදාගන්න නුඹ අතින්ම
බිඳුනු හිත මගේ
කියා දෙන්න කෙලෙසදැයි කියා
කියාගන්න බැරි උනාට
පෙරදිනක වගේ
සෑමදාම නුඹ මගේ කියා

හිතාගන්න බෑ තවම ඔයා
දුකක් දෙයිද මේ තරම් ඔයා
හිතාගන්න බෑ තාම බෑ තාම බෑ
මේ තරම් නුඹ දුරයි මට කියා
මේ තරම් නුඹ දුරයි මට කියා

හදාගන්න නුඹ අතින්ම
බිඳුනු හිත මගේ
කියා දෙන්න කෙලෙසදැයි කියා
කියාගන්න බැරි උනාට
පෙරදිනක වගේ
සෑමදාම නුඹ මගේ කියා
සෑමදාම නුඹ මගේ කියා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සුව විරුවා | Suwa wiruwa by Sanka Dineth ft. Kasun Kalhara | A Tribute to Healing Heroes [2020]

රටටම සුව සදන
බෝසත් ගුණ බෙදන
අප රැක ගන්නට
නිහඩව පෙරට යන
විරුවෙකි රට රකින

දගදිය කදුලු පවා
නොතකා රැයද දිවා
හදින් හදට ගම්
දොරින් දොරට මනුදම්
මුසුකොට පොවනා
සුව විරුවෙකි රට රකින

ප්‍රාර්ථනා සුව ප්‍රාර්ථනා
ඔබයි අපේ සුව විරුවා
ප්‍රාර්ථනා සුව ප්‍රාර්ථනා
ඔබයි අපේ සුව විරුවා

තෙරුවන් පිහිට ලැබෙන්නයි
දෙවියන් වටකොට ගන්නයි
මල් පිපෙන බිමක්
පන ගැහෙන රටක්
යලි හෙටක් සැබෑ කරන

ප්‍රාර්ථනා සුව ප්‍රාර්ථනා
ඔබයි අපේ සුව විරුවා
ප්‍රාර්ථනා සුව ප්‍රාර්ථනා
ඔබයි අපේ සුව විරුවා
ප්‍රාර්ථනා සුව ප්‍රාර්ථනා
ඔබයි අපේ සුව විරුවා
ප්‍රාර්ථනා සුව ප්‍රාර්ථනා
ඔබයි අපේ සුව විරුවා

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

කල්ප කාලයක් | Kalpa Kaalayak(Remake) by Sanka Dineth ft. Meena

කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක්‌ වගේ මා ගාව පායලා
කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක්‌ වගේ මා ගාව පායලා
දෑසේ නෑවෙනා මදහාසේ කාරණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා

මල්ගාව රොන් සොයන කාලේ
මං ආව හින්දාද රහසේ
මල්ගාව රොන් සොයන කාලේ
මං ආව හින්දාද රහසේ
නෙත් පහසේ ගෑවුනා සිත් අහසේ යාවුණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා

හද ගැස්ම මගෙ හුස්ම වාගේ
හැම තිස්සෙ ඔබ ඉන්නවානේ
හද ගැස්ම මගෙ හුස්ම වාගේ
හැම තිස්සෙ ඔබ ඉන්නවානේ
නෙත් පහසේ ගෑවුනා සිත් අහසේ යාවුණා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා
ඉනාවක් ගෙනා ඒ මුවේ මල් හිනා

කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක්‌ වගේ මා ගාව පායලා
කල්ප කාලයක් පුරා සංසාර චාරිකා
හීනයක්‌ වගේ මා ගාව පායලා

රිදෙන නොරිද්දන | Ridena Noriddena by Sanka Dineth [2017]

රිදෙන නොරිද්දන කමිමුල් අවුස්සලා
කියඹු ලතා ඇයි මාව කොනිත්තලා
ආදර සැලසුමි සිහින නෙවෙයි කිසිදා
ගැහෙන්න දෙව්ලිය පපුවේ හුස්ම තියා
මා ඇවිලිලා ඈ නිවෙනවා
ඈ ඇවිලිලා මා නිවෙනවා

උණුසුමි දෙතොලේ හැගුමන් කිති කවනා
සද නැති රෑ තරු සියොලග කතා කලා
අත අතනෑරම නොනිදා පහන් කලා
නිදි නැති මැදියක උණුහුම ඉපැද්දුවා
මා ඇවිළිලා ඈ නිවෙනවා
ඈ ඇවිළිලා මා නිවෙනවා

උරහිසේ හිස තියන් ආදරේ කියනවා
වේදනා ඇස් දෙකේ ඇවිළිලා
මා නිවෙනවා ඈ නිවෙනවා
ඈ නිවෙනවා මා නිවෙනවා

වරක් දැක්කොත් | Warak Dekkoth by Sanka Dineth [2019]

වරක් දැක්කොත් ඈ
රැයෙත් නින්දක් නෑ
සුපෙම් සක්මන් පෑ
සුරම්‍ය සඳක්ය ඈ

වරක් දැක්කොත් ඈ
රැයෙත් නින්දක් නෑ
සුපෙම් සක්මන් පෑ
සුරම්‍ය සඳක්ය ඈ

ගිම්හානෙ හීනේ ඈ පායාලා
සන්ධ්‍යාවේ ආදර රූ මවනා
ගිම්හානෙ හීනේ ඈ පායාලා
සන්ධ්‍යාවේ ආදර රූ මවනා

වරක් දැක්කොත් ඈ
රැයෙත් නින්දක් නෑ
සුපෙම් සක්මන් පෑ
සුරම්‍ය සඳක්ය ඈ

නෙතු මානා
ඉගි පානා
දග දානා සද ඕනා
දිවි දීලා ඔබෙ වේවා සැමදා

ඔබෙ චායා
සද පායා
දුටු සේයා මන මායා
මනලෝලී රුව මා සනසා

හීනේ හැගුම් වස්සන්නා
කොපුල් මත් වෙන්නා
හැගුම් මත් වෙන්න
දෙතොල් ගාවන්න
ප්‍රේමණීය රෑ

ගිම්හානෙ හීනේ ඈ පායාලා
සන්ධ්‍යාවේ ආදර රූ මවනා
ගිම්හානෙ හීනේ ඈ පායාලා
සන්ධ්‍යාවේ ආදර රූ මවනා

වරක් දැක්කොත් ඈ
රැයෙත් නින්දක් නෑ
සුපෙම් සක්මන් පෑ
සුරම්‍ය සඳක්ය ඈ

වරක් දැක්කොත් ඈ
රැයෙත් නින්දක් නෑ
සුපෙම් සක්මන් පෑ
සුරම්‍ය සඳක්ය ඈ

written by Sanka Dineth