නුඹ මුල්ම ප්‍රේමයයි
මගේ නොවන හීනයයි
මේ නගරේ මතක බෝමයි
නුඹ හීනයක් සඳේ
අතරමං වෙලා වගේ
මගෙ සෙනෙහේ රැඳුනාවේ
තුහින මල් පිපුණාවේ
වස්සානේ ඍතුවේ
නිම නොවේ ඒ ප්‍රේමේ කවදාක හෝ හදේ
නුඹ අතැර මම කොහොම යම්දෝ සඳේ
නුඹ අන්සතු මලක් තමයි
මට සදාකල්ම අහිමි
දැන් මට ඔය දෑත දුරයි
සංසාරෙට දුක උරුමයි
නුඹ අන්සතු මලක් තමයි
මට සදාකල්ම අහිමි
දැන් මට ඔය දෑත දුරයි
සංසාරෙම නුඹයි මමයි
නුඹ නතරවෙයි ඉතින්
මම සසල වෙයි සිතින්
රෑ සඳ සිසිලේ මගේ හීන දැවුනා
උණුහුමේ නුඹව මා දමා
හුදෙකලාවේ මා තනි උනා
නුඹ අතැර මම කොහොම යම්දෝ සඳේ
නුඹ අන්සතු මලක් තමයි…
written by Dilan Gamage