අම්මා | Amma by SANUKA [2016]

වලාකුලු මැදින් පාවි ආවා
පෙර බැදුනාවු සුවදක් දැනුනා
මා පැතු මගේ සෙනෙහේ ඔබමයි
ඔබේ හිතින් පැතු පුතුනා මමමයි
ඔබෙ දෑතේ නැලවීලා
සුලගිල්ලේ එල්ලීලා
මා පතනා ගමනේ සැමදා එලීයවීලා
රැජීණක් සේ ඉන්න සැමදා වැජබී
ජ්වන ගමනේ මාවත් පසුකරලා
බාදක බිදලා විකුමන් පාලා
ශාක්තියයි ඔබේ සෙනෙහේ බලයයි
උණුසුමයි ඔබේ නොසැලෙනා ආදරයයි…
මගේ දැතේ සවීය වීලා
මාගේ පණසේ රකිමි සැමදා
මා දිනනා දවසෙ සිත් සේ සතුටු වීලා
රැජීණක් සේ ඉන්න සැමදා අම්මා

දහම් කමල | Daham Kamala by Sangeeth Wickramasinghe

තෛලෝකාග්‍ර වූ සම්මා සම්බුදු පියාණෝ..
සියලු සත වෙත මෙත් කරුණා පා..
ශාන්ත මෝක්ෂ මඟ පහදා දී..
අද වැනි පුන් පෝදාක නැවත නොමියෙන් සේ..
අප බුදු පියාණෝ..
පිරිනිවන් පෑ සේක..

මල්ලව රජුගේ මල් උයනේ පිපි
මල් හැම පරවී වැටුනා
ශාක්‍ය සිංහ තුන් ලෝක සිවංකර
හිමි මුව කමලද වැසුණා
දහම් කමල මැලවිලා ගියේ
එනමුදු තවමත් සුවඳ තියේ

ආ..

ඇවිදින පැනයන ඉගිලෙන සව්සත
ඇයි මේ ශෝක වෙලා
දසදිග විහිදුව උතුම් දහම් හඬ
ඇයි අද නිහඬ වෙලා
දහම් කමල මැලවිලා ගියේ
එනමුදු තවමත් සුවඳ තියේ

වෙනදා දිලිසුන හිරුදෙවි අද නැත
වළාකුළින් වැහිලා
මේ තුන් ලෝකය කළ ආලෝකය
පහන ගියා නිවිලා
දහම් කමල මැලවිලා ගියේ
එනමුදු තවමත් සුවඳ තියේ

රාග ද්වේශ | Raaga Dwesha by SANUKA & Sangeeth Wickramasinghe

රාග ද්වේශ මෝහේ
තෘෂ්ණාවේ පැටලි මිනිසා
පෙරකම් විඳින්නේ ලෝකේ
සංසාර සයුරෙ ගිලිලා

රාග ද්වේශ මෝහේ
තෘෂ්ණාවේ පැටලි මිනිසා
පෙරකම් විඳින්නේ ලෝකේ
සංසාර සයුරෙ ගිලිලා

දහමේ හැටි දන්නෙ නැද්ද
සිතුවා එය වැරදි නේද
දහමේ හැටි දන්නෙ නැද්ද
සිතුවා එය වැරදි නේද
සොයන්නේ නෑ
බලන්නේ නෑ
සිතන්නේ නෑ
ලොව වැරදි මේ කියා
මාර්ගේ හොඳ හැටි තිබේය
දෑසා හොඳහැටි පෙනේය
කිම මේ බැඳිවල යන්නේ
මංමුලාවු එකෙකු සේ
මංමුලාවු එකෙකු සේ

රාග ද්වේශ..

බුදුගුණ දැන් මතක නැද්ද
මෙත් කරුණා වඩනු බැරිද
බුදුගුණ දැන් මතක නැද්ද
මෙත් කරුණා වඩනු බැරිද
දුකින් මිදී
පවින් මිදී
පමා නොවී
පිං පුරනු මතුවටා
පණනල මිරිඟුව වගේය
තණ අග පිණිබිඳු වගේය
කිම මේ බැදිවල යන්නේ
මං මුලාවු එකෙකු සේ
මං මුලාවු එකෙකු සේ

රාග ද්වේශ මෝහේ
තෘෂ්ණාවේ පැටලි මිනිසා
පෙරකම් විඳින්නේ ලෝකේ
සංසාර සයුරෙ ගිලිලා

රාග ද්වේශ මෝහේ
තෘෂ්ණාවේ පැටලි මිනිසා
පෙරකම් විඳින්නේ ලෝකේ
සංසාර සයුරෙ ගිලිලා

පරම ශාන්ත | Parama Shantha by SANUKA

පරම ශාන්ත මෙත් කරුණා
ආකර වූ මා හිමි
සකල ලෝක සත සසරෙන්
ගොඩලන්නට ගුරු වුණි

පරම ශාන්ත මෙත් කරුණා
ආකර වූ මා හිමි
සකල ලෝක සත සසරෙන්
ගොඩලන්නට ගුරු වුණි

ඔබ නිසාම වූ තෙමඟුල්
අද වැනි පුන් පෝ දිනේක
සාදු සාදු සාදු…
ඔබ නිසාම වූ තෙමඟුල්
අද වැනි පුන් පෝ දිනේක
වඳිමු පුදමු සරණ පතමු
සිප සිප ඔබෙ පා කමල්

පරම ශාන්ත මෙත් කරුණා
ආකර වූ මා හිමි
සකල ලෝක සත සසරෙන්
ගොඩලන්නට ගුරු වුණි

ලෝ සත අඳුරෙන් මුද වූ
ඔබෙ සදහම් ගුණ අනේක
සාදු සාදු සාදු…
ලෝ සත අඳුරෙන් මුද වූ
ඔබෙ සදහම් ගුණ අනේක
වඳිමු පුදමු සරණ පතමු
සිහිකර ඒ ගුණ උතුම්

පරම ශාන්ත මෙත් කරුණා
ආකර වූ මා හිමි
සකල ලෝක සත සසරෙන්
ගොඩලන්නට ගුරු වුණි

පරම ශාන්ත මෙත් කරුණා
ආකර වූ මා හිමි
සකල ලෝක සත සසරෙන්
ගොඩලන්නට ගුරු වුණි

අජපාල රුක්මුල | Ajapaala Rukmula by SANUKA

අජපාල රුක්මුල අප බෝසතුන්
අජපාල රුක්මුල අප බෝසතුන්
වැඩ සිටිනා සඳ ධ්‍යානෙ වඩා
වැඩ සිටිනා සඳ ධ්‍යානෙ වඩා
ආ…. ආ….

දේවි සුජතා පිදු ඒ කිරිපිඬු රැගෙනා
රුක් මූලෙන් නැගි අප මහ බෝසත්
ගංතෙර වෙත පා නැගුවා
ආ…. ආ….

හිස් සෝදා නා පිදු ඒ කිරිපිඬු වළඳා
එ රන් තලී උඩුගං බලා යැවූ
බුදුවෙමි යැයි කර පැතුවා
ආ….. ආ….

එරෙහිව ආ දස බිම්බර මරසෙන් පලවා
සව් කෙලෙසුන් නැසු මහසත් ගෞතම
පෙරුමන් ලෙස බුදු වූවා
ආ…. ආ….

අනිසය | Anisaya by SANUKA

අනිසය මෙනෙහි කළා බෝසත්
සසරෙහි දුක දැනිලා
ගිහිගෙයි දුක පෙනුනා නිමාක් නැති
ආශා ඉන් මැකුනා

අනිසය මෙනෙහි කළා බෝසත්
සසරෙහි දුක දැනිලා
ගිහිගෙයි දුක පෙනුනා නිමාක් නැති
ආශා ඉන් මැකුනා

මරඟනො නිදනා සැටි පෙනුනා
රාග චේතනා ඉන් නැසුනා

මරඟනො නිදනා සැටි පෙනුනා
රාග චේතනා ඉන් නැසුනා

අනිසය මෙනෙහි කළා බෝසත්
සසරෙහි දුක දැනිලා
ගිහිගෙයි දුක පෙනුනා නිමාක් නැති
ආශා ඉන් මැකුනා

අනිසය මෙනෙහි කළා බෝසත්
සසරෙහි දුක දැනිලා
ගිහිගෙයි දුක පෙනුනා නිමාක් නැති
ආශා ඉන් මැකුනා

ගිහිගෙය හැර යන සිත් මැවුනා
දේවිය වෙත තම පා නැගුනා
සුරතල් පුතු තුරුලේහි හොවා
නිදනා සැටි දොර කවුළුවෙන් බලා

චන්න ඇමති සහ අසු කැඳවා
මහ රෑ ගිහිගෙන් නික්ම ගියා

චන්න ඇමති සහ අසු කැඳවා
මහ රෑ ගිහිගෙන් නික්ම ගියා

සැප නින්දේ | Sapa Ninde by Windy Goonatillake

සැප නින්දේ මායා බිසව්
සැතපෙන කල මල් යහනේ
සුදට සුදේ ඇත් පැටවෙකු
නෙලුම් මලක් සොඬින් දරන්
තුන් රවුමක් පැදකුණු කොට
දකුණු පසින් කුසතුළ වන්

දුටු සීනේ මේය කියා
පැවසූ රජුහට පසුදින
දුටු සීනේ මේය කියා
පැවසූ රජුහට පසුදින
බමුණන් ගෙන්වා රජතුම
විමසූ දුටු සිහිනෙහි ගුණ

සැප නින්දේ මායා බිසව්
සැතපෙන කල මල් යහනේ
සුදට සුදේ ඇත් පැටවෙකු
නෙලුම් මලක් සොඬින් දරන්
තුන් රවුමක් පැදකුණු කොට
දකුණු පසින් කුසතුළ වන්

පින්වත් පුත් රුවනෙක ගුණ
පෙනේය මහරජ සුභපල
පින්වත් පුත් රුවනෙක ගුණ
පෙනේය මහරජ සුභපල

පිළිසිඳුනා සිදුහත් බෝසත් මහසත්
මායා කුස

පිළිසිඳුනා සිදුහත් බෝසත්..
පිළිසිඳුනා සිදුහත් බෝසත්..
පිළිසිඳුනා සිදුහත් බෝසත්..
පිළිසිඳුනා සිදුහත් බෝසත්..

දෙව්බඹුන් | Dewbambun by SANUKA

ආරාධනා.. (ආ…)
ආරාධනා.. (ආ…)
දෙව් බඹුන් කළේ ආරාධනා..

දෙව් බඹුන් කළේ ආරාධනා
දෙව් බඹුන් කළේ ආරාධනා
සංතුසිත රාජයාව මන්දිරේ
බෝසත් විඳිනා කල සුරසැපා තුසිත දෙව්පුරේ

දෙව් බඹුන් කළේ ආරාධනා
දෙව් බඹුන් කළේ ආරාධනා
සංතුසිත රාජයාව මන්දිරේ
බෝසත් විඳිනා කල සුරසැපා තුසිත දෙව්පුරේ

මහසතා (මහසතා) බෝසතා (බෝසතා)
සව්සතා ගොඩලන්නට සිතා
දෙව් බඹුන් කළේ ආරාධනා

දෙව් බඹුන් රැස්වුණා
කල් බලා කතිකාවක් කළා
සසර දුක නිවාලන මඟක් සොයා
අඳුර දුරලනා දහම පෙන්වලා
බුදුවන්න කළේ ආරාධනා

පිළිගත් මෙම ඇරයුමා අපගෙ මහසතා
පිළිගත් මෙම ඇරයුමා අපගෙ මහසතා
පස් බැලුමන් බලමිණා
සන්තොසයෙන් ඉපිලුනා
පිළිගත් මෙම ඇරයුමා
අපගෙ බෝසතා

මහසතා (මහසතා) බෝසතා (බෝසතා)
සව්සතා ගොඩලන්නට සිතා
දෙව් බඹුන් කළේ ආරාධනා

දෙව් බඹුන් කළේ ආරාධනා
දෙව් බඹුන් කළේ ආරාධනා
සංතුසිත රාජයාව මන්දිරේ බෝසත්
විඳිනා කල සුරසැපා තුසිත දෙව්පුරේ

දෙව් බඹුන් කළේ ආරාධනා
දෙව් බඹුන් කළේ ආරාධනා
සංතුසිත රාජයාව මන්දිරේ බෝසත්
විඳිනා කල සුරසැපා තුසිත දෙව්පුරේ

මහසතා (මහසතා) බෝසතා (බෝසතා)
සව්සතා ගොඩලන්නට සිතා
දෙව් බඹුන් කළේ ආරාධනා

දෙව් බඹුන් කළේ ආරාධනා
දෙව් බඹුන් කළේ ආරාධනා
දෙව් බඹුන් කළේ ආරාධනා

මායා දේවිය | Maya Deviya by Sanuka x Windy

කුමුදු ලලනො පිබිදි නටන
සඳුගෙ රශ්මියෙන් තෙමී
වෙසඟ පෝය දිනය මේය
සිරිය පැතිරි දස දෙසේ

කුමුදු ලලනො පිබිදි නටන
සඳුගෙ රශ්මියෙන් තෙමී
වෙසඟ පෝය දිනය මේය
සිරිය පැතිරි දස දෙසේ

මායා දේවිය මව්පියො දැකුමට
සපිරිවරා යන අතරමඟේ
ලුම්බිණි සල් උයනේ සිරි දැකුමට
ආශා ඇතිවිය පින් මහිමේ

අරුණෝදය නැග එනා
ගිරා කොවුල් නද දෙනා
අරුණෝදය නැග එනා
ගිරා කොවුල් නද දෙනා
මොණරු බමරු එකට නටති
ප්‍රීතියෙන් පිනා පිනා
මොණරු බමරු එකට නටති
ප්‍රීතියෙන් පිනා පිනා

මායා දේවිය..

කුසුම් සිරිය වෙසක් සිරිය
දසත විහිදුනා නොමින්
කුසුම් සිරිය වෙසක් සිරිය
දසත විහිදුනා නොමින්
තුන්ලෝ ඒකාලෝකව
සිරිය පැතිරුණා පිනෙන්
තුන්ලෝ ඒකාලෝකව
සිරිය පැතිරුණා පිනෙන්

පුන් වෙසඟේ සාලවනේ
සාල මුලේදී උතුම්
පින්බර පින් පුතෙක් ඉපිද
සත් පියුමන් මත වැඩී

පුන් වෙසඟේ සාලවනේ
සාල මුලේදී උතුම්
පින්බර පින් පුතෙක් ඉපිද
සත් පියුමන් මත වැඩී

අග්ගෝ හමස්මි ලෝකස්ස
ජෙට්ටෝ හමස්මි ලෝකස්ස
සෙට්ඨෝ හමස්මි ලෝකස්ස
අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝ

තිලොවට තිලකවු | Thilowata Thilakawu by SANUKA

බුද්ධං සරණං ගච්චාමි
ධම්මං සරණං ගච්චාමි
සංඝං සරණං ගච්චාමි
තිසරණ සරණං ගච්චාමි

තිලොවට තිලකවූ අසමාන සමවූ
සැමදේ දත් මහ වියතාණෝ
මෙත් කරුණා මුදිතා ආකරයකි
ලෝක සිවංකර හිමිපාණෝ

පාරමිතා දම් සපුරා ගනිමින
කෙලෙස් නසා බුදු බව ලද්දේ
මොහඳුර දුරුකර භව ඝනඳුර හැර
දහම් අමා වැසි වැස්වූයේ
දහම් අමා වැසි වැස්වූයේ

තෙමඟුල් දින ඔබ වෙනුවෙන් පේවි
පස් පවු මුලිනුපුටා ලනසේ
අමා නිවන් සැප පතා නමාමී
තිලොවග මුණි පාකමල් පියේ
තිලොවග මුණි පාකමල් පියේ

තිලොවට තිලකවූ අසමාන සමවූ
සැමදේ දත් මහ වියතාණෝ
මෙත් කරුණා මුදිතා ආකරයකි
ලෝක සිවංකර හිමිපාණෝ