ඔබද මා | Obada Ma by Shihan Mihiranga

ඔබද මා එපා කී ආදරේ
අද ඔබ මගේ සඳ සාවිය වීලා
මගෙ වූ තොල් පෙති අද වෙනකෙකු හට දීලා
ඔබට මා තවමත් ආදරෙයි

අද ඔබ මගේ සඳ සාවිය
ඔබට ආදරෙයි කී දවසේ
මතකයි ඔය ඇස් නැටුවා හොර රහසේ
මට ආදරෙයි කියා තොල් මත හාදුවක් තියා

ඔබද මා එපා කී ආදරේ
අද ඔබ මගේ සඳ සාවිය වීලා
මගෙ වූ තොල් පෙති අද වෙනකෙකු හට දීලා
ඔබට මා තවමත් ආදරෙයි

අද ඔබ මගේ සඳ සාවිය වීලා
මගෙ වූ තොල් පෙති අද වෙනකෙකු හට දීලා

ඔබ කවුරුද | Oba Kawuruda by Shihan Mihiranga

හිත ළඟ දඟ කරමින් හීන ගෙනාවේ
මා හිත කිති කවමින් සෙනෙහස පෑවේ

ඔබ දෙව්දුවක්ද මට කියන්න
සුර ලොවින් වැඩියද කියන්න
මගේ හිත නලවන කළඹන ඔබ කවුරුදෝ
මගේ හිත නලවන කළඹන ඔබ කවුරුදෝ
කවුරුදෝ

ඔය ඉන වට දැවටෙන සළුපට
වෙන්නට මට ආසයි
ඔය තොල්මත රැඳෙන්න බිඳුවක්
නවතින්නට ආසයි

ඔබ දෙව්දුවක්ද
හිත ළඟ දඟ කරමින්
ඔබ දෙව්දුවක්ද

මේ තරමට ආදරේ හිතෙන්න
මොනවද මට කිවේ
හොරෙන්ම හිත නුඹ ළඟ නැවතුනා
නෑ මටවත් දැනුනේ

ඔබ දෙව්දුවක්ද
හිත ළඟ දඟ කරමින්
ඔබ දෙව්දුවක්ද

ඔබ ගියා මා | Oba Giya Ma Sitha Handawa by Shihan Mihiranga

ඔබ ගියා මා සිත හඬවා
මා ලොවේ තනි කර දා
ඔබ දුකින් නොමිදුනු කිසිදා
මා ගියේ නෑ කිසිදා ඔබ හැරදා

පාළුවේ තනිවූදා මා ඔබේ සුවෙන් සැනසුවා
මගේ සඳේ ඔබ වියැකු දා මා හැරදා
තනිවුණා මා සිත හඬනවා
හැම කඳුලකින් පවා ඔබේ නම ඇසෙනවා

තනිවුණු හැමවේලේ මා නෙතු ඔබ ගැන විමසුවේ
මගේ නඟේ හැම භවයේම මා ඔබ පැතුවේ
තනිවුණා මා සිත හැඬේව්වා
මුළු ජිවිතෙන් ඔබේ සැනසුණු මා

ඔබ ගියා මා සිත හඬවා
මා ලොවේ තනි කර දා
ඔබ දුකින් නොමිදුනු කිසිදා
මා ගියේ නෑ කිසිදා ඔබ හැරදා

shihan mihiranga songs,shihan mihiranga new song,shihan mihiranga new songs,shihan mihiranga,ai napuru shihan mihiranga song,ai napuru shihan mihiranga,hada dauna shihan mihiranga,sinhala songs,best singhala songs,new sinhala song,new sinhala songs,sinhala new songs,sinhala songs 2023,ai napuru song,hitha hadana welawe,sinhala new songs mp3,new sinhala songs 2023,sinhala new songs 2023,sinhala sindu,sirasa super star songs,new songs

නෙතු කඩා හැලෙන | Nethu Kada Halena by Shihan Mihiranga

නෙතු කඩා හැලෙන තරුවක් වාගේ
මතකයි ඈ දෙව්ලියක් වගේ
තොල් මත පොපියන පිණිබිදු වාගේ
මතකයි මා හද නැටුවා රහසේ
මනාලියක් වී ඈ
අද මා අසලින් ඉන්නේ

මා නෙතින් නෙලා ගත් මල අද මා හද ලග විකසිත වෙන්නේ
ඒ උණුසුම් සුසුමන් අද මා හද කිති කවමින් හිනැහෙන්නේ
මනාලියක් වී ඈ
අද මා අසලින් ඉන්නේ

නිල් දෑස් අගින් මුතු කෝල වූ වදන් හිත ලග දැවටෙන්නේ
ඔය නෙත් කොනින් කීව රහසට මා හිත කොහිදෝ ගෙන යන්නේ
ඒ උණුහුමට ලංව සුසුමන් අයදින නෙතු අග දිලිසෙන්නේ
මට තුරුළු වුණා ඈ සිත හංගාගෙන ලොවට හොරා රහසේ
මනාලියක් වී ඈ
අද මා අසලින් ඉන්නේ

මිතුරෙකු වාගේ | Mithureku Wage by Shihan Mihiranga

මිතුරෙකු වාගේ ආදරේ
තවකෙකු දේදෝ සංසාරේ
ලංවෙලා හිත් හදනා
පැහැදිලි අහසින්
දළ රැළි සයුරෙන් හෝ
කරදර වටලා සුවය දෙනා

හිතවත්කම් මුමුණලා
හද ගෙත්තම් කරගෙනා
වේදනා වැළදගෙනා
රකින්න වේ කඳුලින් ඒ ප්‍රර්ථනා
තාරුකා දිනාදෙන ගායනා

මනුසත්කම් බබළනා
සඳ වත්තම් කරගෙනා
චේතනා පැළදගෙනා
පැහැදිලි අහසින්
දළ රළු සයුරෙන් හෝ
කරදර වටලා සුවය දෙනා

හිතවත්කම් මුමුණලා
හද ගෙත්තම් කරගෙනා
වේදනා වැළදගෙනා
රකින්න වේ කඳුලින් ඒ ප්‍රර්ථනා
තාරුකා දිනාදෙන ගායනා

shihan mihiranga songs,shihan mihiranga new song,shihan mihiranga new songs,shihan mihiranga,ai napuru shihan mihiranga song,ai napuru shihan mihiranga,hada dauna shihan mihiranga,sinhala songs,best singhala songs,new sinhala song,new sinhala songs,sinhala new songs,sinhala songs 2023,ai napuru song,hitha hadana welawe,sinhala new songs mp3,new sinhala songs 2023,sinhala new songs 2023,sinhala sindu,sirasa super star songs,new songs

මිහිරාවියේ | Mihiraviye by Shihan Mihiranga

සිහිනයේ පාවෙලා ඇවිත් මා ළඟින් සැතපුනා
මා හදේ පෙම් කතා පොතේ, කතාවක් ලියැවුනා
සීතලේ ගතට ළංවෙලා රහසකුත් කොඳුරලා
ආදරේ සුවය මා සදා සිහිනයෙන් වින්දා

මිහිරාවියේ… සිහින කුමරි
මගෙ ආදරේ ඔබයි කුමරි
මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ

සමනල්ලු රෑනේ ඇවිත් සිහිනයම හැඩ කලා
ආදරෙන් කී කතා අසා අපි වටා පියැඹුවා
පෙම් සුවේ මිහිරි ආදරේ අපි එක්ක විඳලා
සමනල්ලු මල් රොන් සොයා පියඹලා දුර ගියා

මිහිරාවියේ… සිහින කුමරි
මගෙ ආදරේ ඔබයි කුමරි
මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ

සිහිනයෙන් අවදි වී ඉතින් මා ඔබව සෙව්වා
ඔබ සිටියේ නෑ මා ලඟින් ආයේ මා තනි වෙලා
සමනල්ලු රෑනේ ඔබත් පියඹලා ගියාදෝ
ආයෙමත් එන්නේ මා සොයා සිහිනයෙන් විතරදෝ

මිහිරාවියේ… සිහින කුමරි
මගෙ ආදරේ ඔබයි කුමරි
මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ

මිහිරාවියේ… සිහින කුමරි
මගෙ ආදරේ ඔබයි කුමරි
මා ජීවිතේ සදා සිහිනේ මිහිරාවියේ

පිණි පොද වැටෙනා | Pini Poda Watena by Shihan Mihiranga

පිණි පොද වැටෙනා අරුනැල්ලේ
පිණි ඉහිරුනු නුඹෙ ඒ සුදු ගවුමේ
මුතු කැට යට හිනැහුනු සුදු කෙල්ලේ
මට දෙනවද නුඹෙ හිත සුදු මැණිකේ

ආදරයෙන් පෑ සිනහා
මා හිත යට තවමත් ඇත ඇඳිලා
සෙනෙහස පවසාලා ළංවීලා
මා තුරුලේ නැළවෙනවද මැණිකා

රුහි කියා අමතා මා මෙසේ
හිත් කොනේ තිබුනු ඒ ආදරේ
තනිවන විට මා මගෙ ජීවිතේ
නුඹ මගෙනම් තනියක් නෑ හදේ

ළපටි දෙතොල් පොපියා මට නොකියා
හීන්සැරේ සිපගන්නට හිතුනා
හොරැහින් නොබලා මා දෙස බලලා
තුරුල්වෙලා ඉඳපන්කෝ මැණිකා

රුහි කියා අමතා මා මෙසේ
හිත් කොනේ තිබුනු ඒ ආදරේ
තනිවන විට මා මගෙ ජීවිතේ
නුඹ මගෙනම් තනියක් නෑ හදේ

රිදවනා ජීවිතේ | Ridawana Jiwithe by Shihan Mihiranga

රිදවනා ජීවිතේ හංගන්න කියලා
කකියනා හදවතින් ආදරේ හෙව්වා
නොහැඟෙනා මගේ ජීවිතේ කෝ කියා
හදිසියේ වගේ හීනෙකින් ඇහැරුණා
එනතුරු නුඹ මඟ බලන් හිටියා
තනිවෙනා හිත පරිස්සම් කරලා

මේ වගේ නම් නෑ ඉතින් මං කල්පනා කරලා
නෑ තවත් වෙන හීනයක් ඔය හිතින් මිදිලා
හෙමි හෙමින් හිත ඉල්ලනා
නොනිදනා හුස්මකින් ළඟ රැඳුණා

මේ තරම් කල් ජීවිතේ උන් පාළුවක් රැඳිලා
ආදරෙන් දෑතින් අරන් ඈතකින් තියලා
හෙමි හෙමින් හිත ඉල්ලනා
නොනිදනා හුස්මකින් ළඟ රැඳුණා

රිදවනා ජීවිතේ හංගන්න කියලා
කකියනා හදවතින් ආදරේ හෙව්වා
නොහැඟෙනා මගේ ජීවිතේ කෝ කියා
හදිසියේ වගේ හීනෙකින් ඇහැරුණා
එනතුරු නුඹ මඟ බලන් හිටියා
තනිවෙනා හිත පරිස්සම් කරලා

පෙරදා මැවු සිනා | Perada Mawu Sina by Shihan Mihiranga

පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ

පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ

මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ උනුසුම් හැගුම් සිරවී
ඔබගේ සෙනේ මවෙතින් මිදී ලතවෙවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු අයේ කිසිදා මෙසේ

පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ

මේ නීල තරු ගොල්ලේ සඳ පාලුවෙන් සරන්නේ
රෑ කලුවරේ ගිලෙන්නේ සිහිනෙ දසුන් බොද වී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී ගොලුවෙවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු අයේ කිසිදා මෙසේ

පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ

ඔබට ආදරෙයි මං | Obata Adarei Man by Shihan Mihiranga

ජීවිතයට නව පැතුමක් අරගෙන
ආදරයට ජීවිතය තිළිණ කළ
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්

හදේහි තෙරපෙන කඳුළු බිඳුවක්
සිත තුළ කොඳුරනවා
ඔබ සඳක්මැයි සඳ මගේදැයි
මා සිත විමසනවා
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්

වැයුණු තනුවක මිමුණු පදයක
ඔබේ නම කියැවෙනවා
මතු දිනයකවත් ඔබ මගේම වේදැයි
මා සිත විමසනවා
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්

ජීවිතයට නව පැතුමක් අරගෙන
ආදරයට ජීවිතය තිළිණ කළ
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්
ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්