හදේ කොතැනක හෝ | Hade Kothanaka Ho by Sunil Edirisinghe

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා
මුදා සුව දැහැනින්

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා
මුදා සුව දැහැනින්

සයුර ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ දවයි මා අද
තනිවෙනා මොහොතින්

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා
මුදා සුව දැහැනින්

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර යදින්නම්
ඔබ මැකී යනු මතකෙන්

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා
මුදා සුව දැහැනින්

සිතට සෙත් | Sithata Seth by Sanka Edirisinghe & Sunil Edirisinghe [2020]

සිතට සෙත්
මේ ඇයි යසසින්
සිත් පිනවන්නට

එකම මගෙක
ආලයමැයි සිතෙනා

තුරුනු වියේ මුල්
සියලු දෙනා
එමග ගොසින්
වැරදී දිවිපෙත
යසස නම් සිහිනෙකැයි
සිතනා

යසස් සොයා ගිය
මං දිවි අදුලක තුලදී
සිරවී ඇත්තේ අද මොක්මැයි
සිතෙනා
සිතෙනා

යදෙමෙන් බැදි ඒ
තුරුණු වියේ සිත්
මායා ලෝකෙක සිරවී

නිදොස් විය නොහැක්කේමැයි
සිතනා
සිතනා

සිතට සෙත්
මේ ඇයි යසසින්
සිත් පිනවන්නට

එකම මගෙක
ආලයමැයි සිතෙනා

තුරුනු වියේ මුල්
සියලු දෙනා
එමග ගොසින්
වැරදී දිවිපෙත
යසස නම් සිහිනෙකැයි
සිතනා

සසර ගමනට
සවිය වඩවනා
සසර ගමනට
දුරත් සපයනා

සසර ගමනට
සවිය වඩවනා
සසර ගමනට
දුරත් සපයනා

රන් දෙවොලින් | Ran Dewolin by Sunil Edirisinghe

රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ

රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ

හෑල්ලු ඔරු කඳ දිය මත පාවේ
නැත සිඳු පතුලේ කිමිදෙන්නේ
ජීවන ගමනේ බර කඳ නොදැනේ
සොම්නස් සයුරේ පාවෙන්නේ

රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ

ඔරුවට රුවලයි රුවලට ඔරුවයි
සුළං බදා එකටම යන්නේ
රැල්ල මතින් පෙණ තිල්ල නඟා
සැනසිල්ලේ යමු රන් දෙවොලේ

රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ

සිත් තුල දෙවියන් රජයන යාමේ
මෙත් සිත පෙම් සිත ලොව පැතිරේ
මාළුවනේ අපි යාලුවොනේ අද
පෙම් කෙලිමින් යමු දිය වතුරේ

රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ

රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ

රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සදාකාලික නොවූ ලෝකේ | Sadakalika Nowu Loke by Sunil Edirisinghe

සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්

මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුළින් සේදිලා
මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුළින් සේදිලා
ඔබේ වත නොව ඔබේ හදවත
පුරා සඳ සේ පෑදිලා

සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්

එදා ළඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ
එදා ළඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ
සදාකාලික නොවූ ලෝකයෙ
සදා කෙලෙස ද පෙම් බඳින්නේ

සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

කවුරුන්ද ඔබ මගේ | Kawurunda Oba Mage by Sunil Edirisinghe

කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ

දෙතොල් සලා මුදු සිනා
නගන්නෙමු
දෙනෙත් පුරා පිරි කදුලු
සලන්නෙමු…
දෙතොල් සලා මුදු සිනා
නගන්නෙමු
දෙනෙත් පුරා පිරි කදුලු
සලන්නෙමු…
හදවත් ගැහෙනා රිද්මය
අතරේ
සිතින් ගතින් එක්තැන්
වී ඉන්නෙමු

කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ

ප්රේමය ගොලු වී
හඩාවැටීලා
ඔබ හද මා හද රිදවන
මොහොතේ. .
ප්රේමය ගොලු වී
හඩාවැටීලා
ඔබ හද මා හද රිදවන
මොහොතේ. .
ජීවිතයට හුරු පැරදුම
හමුවේ
නොදොඩා ගොලු වී බලා
සිටින්නෙමු
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ
කවුරුන්ද ඔබ මගේ
කවුරුන්ද මා ඔබේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සීතල දිය පිරි | Seethala Diya Piri by Sunil Edirisinghe

සීතල දිය පිරි සුනිල විලයි.
ඒ විල මැද ඔබ සුවඳ මලයි .
ගිමන් නිවාලන සුළං රැලක් වී
ඔබේ සිනා මට පවන් සලයි.

සීතල දිය පිරි සුනිල විලයි.
ඒ විල මැද ඔබ සුවඳ මලයි .

අසරණ වී මා ජීවිත කතරේ
අන්ධකාරයේ සැරිසැරුවා
ඔබේ නිහඬ නෙත ඈත සිතිජයෙන්
උදාවෙලා මට අත වැනුවා

සීතල දිය පිරි සුනිල විලයි.
ඒ විල මැද ඔබ සුවඳ මලයි .

දෑසට නොපෙනෙන ඝන නිල් අඳුරේ
ඔබේ හදින් මා දෙස බැලුවා
දෑසට නොපෙනෙන මා හද පතුලේ
සුන්දරතාවය ඔබ දුටුවා

සීතල දිය පිරි සුනිල විලයි.
ඒ විල මැද ඔබ සුවඳ මලයි .

ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව සිය දහසක් මල්
මා වට කර හැමතැන පිපුණා

සීතල දිය පිරි සුනිල විලයි.
ඒ විල මැද ඔබ සුවඳ මලයි .
ගිමන් නිවාලන සුළං රැලක් වී
ඔබේ සිනා මට පවන් සලයි.

සීතල දිය පිරි සුනිල විලයි.
ඒ විල මැද ඔබ සුවඳ මලයි .

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

එක යායේ | Eka Yaye by Sunil Edirisinghe

එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා
ගෙට ආ කල ටිකිරි ලියා
නුඹ වේවිලු කබර ගොයා
ළිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
දළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී
එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා
වළට වැටුණු එකා යකා
වළටම ඇද ගනු මිසකා
වළෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
නෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී
කසාදෙ නං කසාය හරි තිත්ත බේතක
එක යායේ කකා වැටී
එකා වගේ එකට හිටී
එක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
නාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
අපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා

පැන මඩ කඩිති | Pana Mada Kadithi by Sunil Edirisinghe

පැන මඩකඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමා‍රෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඩුවමක් පැතූ

රන් මසු පටපිළී අභරණ උරන වෙලා
සමන් පිච්ච කැකුළිය ගෙයි මිලිණ වෙලා
ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමි‍නේ ඇත බිතු සිතුවමක් වෙලා
ැන මඩකඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

රන් සමනළයෝ | Ran Samanalayo by Sunil Edirisinghe

රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා
රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා

මීදුම් සළුවේ තුරු මල් උයනේ
කොයි යන්නේ පියඹා
රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා
පෙම්බර ආල හිතේ ගී නොවෙදෝ ගැයුවේ
මොළකැටි බාල වියේ ඒ හුරතල් කොතැනේ
මව් දෑතින් මිදුණාදෝ
යෞවනයේ මත් වීදෝ

රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා
රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා

ලද මනමාල හිතේ ආදරයේ සුවඳේ
තව නොදිටීද ලොවේ ජීවිතයේ අරුමේ
මල් යහනා පැතුවාදෝ
ඒ යහනා හමුවේදෝ
රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා
රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා

මීදුම් සළුවේ තුරු මල් උයනේ
කොයි යන්නේ පියඹා
රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා

සඳ මල පිබිදුනු | Sanda Mala Pibidunu by Sunil Edirisinghe & Nanda Malani

සඳ මල පිබිදුනු
නිල් කඳුරැල්ළක…
රන් තරු පොකුරක
මල් ඇතිරිල්ලක…
හසරැල් කැල්මක
දුක් කඳුළැල්ලක…
තනිවෙමු දෙසිතෙහි
එක සිතිවිල්ලක…

හඩා වැටෙන විට නෙතුයුග තෙත්වී….
සිනා පොදක් වෙන්නම්…
සිනා නඟන විට පැතුමන් දැල්වී….
කඳුළින් සුරකින්නම්…

සඳ මල පිබිදුනු
නිල් කඳුරැල්ළක…
රන් තරු පොකුරක
මල් ඇතිරිල්ලක…
හසරැල් කැල්මක
දුක් කඳුළැල්ලක…
තනිවෙමු දෙසිතෙහි
එක සිතිවිල්ලක…

වියෝ දුකට සුසුමට මඟ අවුරා….
හදේ ළැඟුම් ගන්නම්…
රැදී නිබඳ පණ නළමෙන් දැවටී….
දිවි ඇති තුරු ඉන්නම්…

සඳ මල පිබිදුනු
නිල් කඳුරැල්ළක…
රන් තරු පොකුරක
මල් ඇතිරිල්ලක…
හසරැල් කැල්මක
දුක් කඳුළැල්ලක…
තනිවෙමු දෙසිතෙහි
එක සිතිවිල්ලක…