සුදු නෝනා | Sudu Nona by Gypsies with Sunil Perera

නෝනා මගේ සුදු නෝනා අලිවැඩේ මෙමට උනේ
බස් එක මගදී කැඩුනා ඒකයි මම පමා උනේ

අනේ ඔහේගේ පරණ පොත මම ඒක කියව ඇත
තමාගේ බිරින්දෑට ඔයේ බොරුකියනා එකයි කැත

ඔයා පිලි ගන්නේ නැත්ද මගේ නෑ කිසි වැරැද්ද
පුතාට ටොපි ගෙනාවා දැන් කෝ පොඩි පුතා නිදිද

නැති බොරු වෙනෙහෙ පපා අප රවටන්න එපා
කටගොන්නක් බීගෙන මින්පස්සේ මෙහෙ එන්න එපා

ඇත්තම ඔයාට කියන්නම්
ඔයා එය පිළිගන්නවා නම්

මිතුරෙක් අඩගහුවා පොඩි අඩියක් ගැහුවා
ඕකත් ලොකු වරදක්ද

මොකටද ඉතින් මගේ කට
ලජ්ජා නෙද්ද තමුසෙට

බස් එක නතර උනේ මිතුරා අඩගහුවේ
තැබැරුමක්ම ලගදිද

තරමක් ලේසිය දුන්නා
නෝනා මගේ කරටම එන්න

ඔව් මම අඩි ගැහුවා පරක්කු වී අවා
නෝනා දැන් කියන්නනේ මොකද
අනේ ඔයාගේ ලේසිය

ඔයාලටමයි වාසිය …..
ළමයි බලන්න ඕනා රෙදි හොදන්න ඕනා
තනියම අපට කරදර

ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි
ඔහෙලට උරුමයි එය දැන ගත්තොත් කදිමයි
ඔහෙලට උරුමයි එය දැන ගත්තොත් කදිමයි
ළමයි බලන්නයි ගෙදරට වැඩ කරගන්නයි
ඔයා කියන්නේ අපි දුක් විදින්න ඕනේ
ඔයලා විවාහ වෙන්නේ ඔහොම කියලද අනේ
ඔයාලා කසාද බැන්දේ ඔහොම කියලද අනේ
ඔයා කියන්නේ අපි දුක් විදින්න ඕනේ

අනේ කිරි පිටි හොයලා පෝලිම් වල දුක්විදලා
ලොක්කට වැදලා තමයි එන්නේ බේරිලා
අපේ බොසාට වැදලා තමයි එන්නේ
කිරි පිටි හොයලා පෝලිම් වල දුක්විදලා

පෝලිමේ මැද හිටියම පාඩු වෙනවද
ඒ තරුණියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද
ඒ තරුණියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද
පෝලිමේ මැද හිටියම පාඩු වෙනවද

කරුමෙට ඔය කට තමුසෙට ලැබුනට
කැත කට හතරට ඉරනට හිතේ මට

මගේ කට හතරට ඉරනට හිතුවට
මේ මට දෙන බේට තමුසෙට ලැබෙයි හෙට

දුවේ පුතේ මාකියනා දේ අහ ගන්න
කදුලක් නැති තැන සිනහව එද්ද බලන්න
දෙන්න ගන්න අත සමබර ඇතිනම් ඔන්න
විවාහ ජීවිතේ සරුයි අද දැනගන්න
විවාහ ජීවිතේ සරුයි අද දැනගන්න
දෙන්න ගන්න අත සමබර ඇතිනම් ඔන්න

තෝරන් බදින්නට | Thoran Badinnata by Gypsies with Sunil Perera

තෝරන් බදින්නට රබන් ගසන්නට
සුබ මොහොතක් ආවා …..
පැතුම් ලොවේ මල් සිහින සබැව්
අලුත් යුවල ආවා මල් අහුරක් ගෙන
දෙදෙනා තුරුළු තුරුළු වී සුපෙම් සිනහ පැවා

ජය මංගලම් වේවා…..

නෑදෑ මිතුරන් වට වෙන්නේ
වෙඩි හඩ ඒ අතරින් එන්නේ
සතුටු කදුළු මද සිනහා ගලා එන
සුබ මොහොතක් අවා…..

තෝරන් බදින්නට රබන් ගසන්නට
සුබ මොහොතක් ආවා …..
පැතුම් ලොවේ මල් සිහින සබැව්
අලුත් යුවල ආවා මල් අහුරක් ගෙන
දෙදෙනා තුරුළු තුරුළු වී සුපෙම් සිනහ පැවා

ජය මංගලම් වේවා…..

රුව ගුණ නැණ ඇති දෝ දරුවන්
ලැබිලා පිරිලා යස ඉසුරෙන්
කිරි පැණි ඉතිරෙන පෙම් රස ඉතිරෙන
සුබ මොහොතක් ආවා……

තෝරන් බදින්නට රබන් ගසන්නට
සුබ මොහොතක් ආවා …..
පැතුම් ලොවේ මල් සිහින සබැව්
අලුත් යුවල ආවා මල් අහුරක් ගෙන
දෙදෙනා තුරුළු තුරුළු වී සුපෙම් සිනහ පැවා

ජය මංගලම් වේවා…..

අද දින සතුටෙන් ඉතිරේවා
අලුත් හඬක් හෙට බැබලේවා
අදත් හෙටත් ජීවිතය
සදා එක මගුල් ගෙයක් වේවා….

තෝරන් බදින්නට රබන් ගසන්නට
සුබ මොහොතක් ආවා …..
පැතුම් ලොවේ මල් සිහින සබැව්
අලුත් යුවල ආවා මල් අහුරක් ගෙන
දෙදෙනා තුරුළු තුරුළු වී සුපෙම් සිනහ පැවා

ජය මංගලම් වේවා…..

ඩාන්ස් විත් ජිප්සීස් | Dance with Gypsies (Nonstop) by Gypsies

ටික වේන්න නාලා කොන්ඩේ කඩාගෙන, යනවද සුරතලියේ
ටික වේන්න නාලා කොන්ඩේ කඩාගෙන, යනවද සුරතලියේ
මම බොහෝම ආසයි ,ප්‍රේමි සමගින් , දියේ බැස පීනන්න
මම බොහෝම ආසයි ,ප්‍රේමි සමගින් , දියේ බැස පීනන්න
අපි පීන පීනා ඉන්න අතරේදි ,ඔබේ මුව සිපගන්න

සිරිපාදේ සමනල කන්ද පෙනේ, ආලෝකය සමන්පුරේ
හඳපානේ මහා වන දිහා බලා ,සුදු රිදී කඳන් හමුවේ
සිරිපාදේ සමනල කන්ද පෙනේ, ආලෝකය සමන්පුරේ
හඳපානේ මහා වන දිහා බලා ,සුදු රිදී කඳන් හමුවේ

අර මහ මළුවේ ,සිරිපාද පියුම්, වැඳ සාදු කියා එනවා
අර මහ මළුවේ ,සිරිපාද පියුම්, වැඳ සාදු කියා එනවා
නාදේ ඇසෙන්නේ ඒ ගන්ටාරේ ,මේ උතුම් පෝදා…..
මේ උතුම් පෝදා…..

පිබිදේවි… (පිබිදේවි) පිබිදේවි… (පිබිදේවි)
පිබිදේවි… අළුයම සිරිනරඹා
පිබිදේවි… (පිබිදේවි) පිබිදේවි… (පිබිදේවි)
පිබිදේවි… අළුයම සිරිනරඹා

සූර්යා උදාවී ගෙන එන්නේ ,කාන්ති ප්‍රබෝධය ව්හිදෙන්නේ
නෙක පාටින් නුඹකුසය දිලෙන්නේ, අළුයම සිරි නරබා
නෙක පාටින් නුඹ කුසය දිලෙන්නේ, අළුයම සිරි නරබා

අපි නාමු විලේ ,බස පීනාලා එහි ඕලු කඩා එමුකෝ ….
ඕලු කඩා එමුකෝ ….
එන්න මගේ කමලාවෝ ,අපි නාමු විලේ බැස පීනා
එන්න මගේ කමලාවෝ ,අපි නාමු විලේ බැස පීනා
අපි නාමු විලේ බැස ,පීනාල එහි ඕළු කඩා එමුකො….
ඕළු කඩා එමුකො..

(ලලලා ලලලා ලාලලා )

මේ ස්‍රීනේ අපේ ලංකාවේ ,සිංහලයා ,
ඔහ ඉංග්රීසිංගේ සිරිතට වී පිරියා
ඔයා සාය ගවුන් අද ගති නොව මලියා
ඔවා මේවා දැකලා පන යන තරමට මටම හිනා

ඔහාහා හා හා …….

නංගිලා ,මල්ලිලා ඉන්නවාදෝ බලා
දැන් එති මං එති දැන් කියා
පුංචි බෝනික්කල පාට පාට නිලා මන් ගෙනාවා කරත්තේ පුරා
සෙල්ලලම් බඩු ඕනේ… නම් එන්න අනේ මා සොයන්
ලාබයි හරි ලාබමයි… සෙල්ලම් බඩු මේ ගොඩයි

සෝබන හැන්දෑවේ සීතල මද පවනේ
ඔබ එන තුරා සිටියා
සුවද මලේ පෙම් කුසුමේ
සුවද මලේ පෙම්කුසුමේ
කීම ඔබ තව නාවේ
ඔබ කොතනද සොඳුරේ

ඇවිලේ සමදා රශ්මිය විහිදා ඉටි පන්දම තනියේ
බුදු ගෙයි පල්ලියේ හා දේවාලේ ශාන්ත සිරිය මවා
බුදු ගෙයි පල්ලියේ හා දේවාලේ ශාන්ත සිරිය මවා
සුළගට තිර සෙලවෙයි… එහි බුදු බන පලවෙයි
බොහොර සසරෙහි ජීවේ අපගේ නැ අහෝ තිර නෑ

තේ පැන් දින දින වැඩි වැඩි වේ බීමෙන් සිරුරට සැප වැඩි වේ
තේ පැන් දින දින වැඩි වැඩි වේ බීමෙන් සිරුරට සැප වැඩි වේ
සීනිද කිරි මුසු කර නිසි සේ සාදාගෙන පදමට රස සේ
සීනිද කිරි මුසු කර නිසි සේ සාදාගෙන පදමට රස සේ

ලලල ලලලලා ලලලලා ලලලලා ලලලලා

පොඩි ඇබේ වරුන්… ලොකු ඇබේ වරුන්… පොඩි ඇබේ වරුන් සොයලා
පොඩි ඇබේ වරුන්… ලොකු ඇබේ වරුන්… පොඩි ඇබේ වරුන් සොයලා
අවුරුද්ද පාසා යන්නේ අපි සෙල්ලමේ ඇබේ වරුන් සොයලා
අවුරුද්ද පාසා යන්නේ අපි සෙල්ලමේ ඇබේ වරුන් සොයලා

රන් මාල නැතේ ඇයටා… රන් තෝඩු නැතේ ඇයටා …
පට සේල නැත්තත්.. ඔයා හරිම හැඩයි මගේ
ලස්සන රන් එතනා ……
පට සේල නැත්තත්.. ඔයා හරිම හැඩයි මගේ
ලස්සන රන් එතනා ……

සුරලියකගේ වගේ රුවිනා.. ඇගේ ගති ගුණ හරි අගනා
පොඩි කාලේ ඉදන් මම අවේ සොයන් මගේ ලස්සන රන් එතනා

පැලේ වසන රන් මලී… මගේ සොදුරු සිරිමලී
ඔබේ මිහිරි ගී ඇසි ඇසි මම සොයා එමි රන් මලී
ඔබේ දිළිදුකම යටයි සුදෝ… සැබෑ සොදුරු ගුණ නිසා
ඔබේ දිළිදුකම යටයි සුදෝ… සැබෑ සොදුරු ගුණ නිසා
ඔබේ සිනාවන් අගේ මටා… හෙලේ ඔටුන්නට වඩා
ඔබේ සිනාවන් අගේ මටා… හෙලේ ඔටුන්නට වඩා

වෙන්වෙලා ගියත් | Wenwela Giyath by Gypsies with Sunil Perera

වෙන්වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑ
සැමදේ ලැබුනත් ඔබ ලඟ මිස සතුට නෑ
මතු කවදාවත් මම ඔබ හැර යන්නෙ නෑ
ලොව කොහේ ගියත් මේ වගෙ තව රටක් නෑ

අතමිට සරුකර ගන්න සිතාලා
සිතකින් නොව ඔභ දමා ගියේ
ඔබ නැති පාළුව තනිකම දැනුනා
ලැබුනත් සැප සම්පත් පැතුසේ

දරු පැටවුන් හට මව් සෙනෙහේ සුව
දිව්‍ය පුරේ හෝ නෑ
සිරිලක් අම්මේ ඔබේ පෙම් උණුසුම
ලොව වෙන කොහෙවත් නෑ

වෙන්වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑ
සැමදේ ලැබුනත් ඔබ ලඟ මිස සතුට නෑ
මතු කවදාවත් මම ඔබ හැර යන්නෙ නෑ
ලොව කොහේ ගියත් මේ වගෙ තව රටක් නෑ

පිට දේශ මහ මන්දිර සෙවණේ
මා උන්නත් නාඩා හැඬුවා
ඔබ සමගින් සිටි දිළිදු පැලේ මට
රජහිටු මාළිග සුව දැණුනා

දරු පැටවුන් හට මව් සෙනෙහේ සුව
දිව්‍ය පුරේ හෝ නෑ
සිරිලක් අම්මේ ඔබේ පෙම් උණුසුම
ලොව වෙන කොහෙවත් නෑ

වෙන්වෙලා ගියත් ඔබ අමතක වුනේ නෑ
සැමදේ ලැබුනත් ඔබ ලඟ මිස සතුට නෑ
මතු කවදාවත් මම ඔබ හැර යන්නෙ නෑ
ලොව කොහේ ගියත් මේ වගෙ තව රටක් නෑ

නිලුපුල් සුවද උරා | Nilupul Suwada Ura by Gypsies with Sunil Perera

නිලුපුල් සුවද උරා
එන පවන් රෝද පාවෙලා
ඔබ නලවා පිනවලා සනසයි නම්
ඒ පවන් රෝද මා වෙන්නම්
ඔබ ලඟින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්..

ඔබේ රතගිලි තුලින් නෙලනා
කුසුම මා වෙන්නම්
ඔබට ආලෝකය ලබා දෙන
පහන මා වෙන්නම්
සිහින් ඉග හැඩ කරන ඔසරියේ
රැලි පොදක් වෙන්නම්
සුදුසු අතගෙන දිනෙක සැරසෙන
පෙම්වතා වෙන්නම්..
ඔබ ලඟින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්..

නිලුපුල් සුවද උරා
එන පවන් රෝද පාවෙලා
ඔබ නලවා පිනවලා සනසයි නම්
ඒ පවන් රෝද මා වෙන්නම්
ඔබ ලඟින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්
ඔබ ලගින් ඉන්නම්..

ඔබ ලස්සනයි | Oba Lassnai by Gypsies with Sunil Perera

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි
ආඩම්බරයි මට හරි ආඩම්බරයි
ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි

ඔබ මඟ යන විට සුලලිත ගමනට
කවුරුත් ආසා කරන්නේ
සුරංගනාවක් දැකලා වාගේ
සමහරු හැරි හැරි බලයි
ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි

ඔබ ලස්සනයි නෙත් දෙක නිලුපුල් වගෙයි
ඔබ ලස්සනයි තොල් පෙති නා දළු වගෙයි
ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි

ප්‍රිය සාදයකට මා හා ගිය විට
රැජිණක සේ ඔබ දිලෙන්නේ
මලකට ලංවන බඹරුන් වාගේ
කවුරුත් ඔබ වෙත ඇදෙන්නේ
ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි

ඔබ ලස්සනයි මට ඔබ හරි ලස්සනයි
ආඩම්බරයි මට හරි ආඩම්බරයි
ඔබ ලස්සනයි කවුරුත් ඔබ දෙස බලයි
මගේ හිත බයයි ඔබ නැතිවේදෝ බයයි

මගේ දිගට හැඩට | Mage Digata Hadata Thibunu by Sunil Perera

මගේ දිගට හැඩට තිබුණු කොණ්ඩේ ටික ටික ගැලවෙනවා
ලස්සනට තිබුණු රැවුලත් දැන් ටික ටික සුදු වෙනවා
අනේ මොකක් නමුත් ලොකු වෙනසක් ටික ටික සිදුවෙනවා
ටික ටික මං ටික ටික වයසට යනවා
ටික ටික මං ටික ටික වයසට යනවා

ඉස්සර මට සුනිල් අයියා කියලා කිව්වා තමයි
දැන් කියන්නේ අංකල් මට තරුණ ගෑණු ළමයි
හිතට දුක්ක ඇති වුණාට ඇත්ත ඒක තමයි
අයියෝ තරුණ වෙන්න බෙහෙතක්
ලොව තිබුණා නම් හොඳයි නේද
ඕවා ඔහොම තමයි
හිතට දුකයි තමයි හැබැයි ඕවා ඔහොම තමයි

සුනිල් අයියා මොකද නිකං නාකි වෙලා වගෙයි
සමහර අය එහෙම කියුවේ නෝන්ඩියට තමයි
අනේ දත් සෙට් එක බඩට යන්න දෙකක් දෙන්න හිතයි
හැබැයි ගෝරි වලට පැටලෙන්නත් දැන් පොඩ්ඩක් බයයි
ඕවා ඔහොම තමයි ඕවා ඔහොම තමයි
හැබැයි ගෝරි වලට පැටලෙන්නට මෙයාට දැන් බයයි

කෑම බීම බැලන්ස් කළොත් පරෙස්සමට හොඳයි
කොලෙස්ටරෝල් සුගර් ප්‍රේෂර් ලෝක ලෙඩක් තමයි
ගෙදර නෝනා හිතේ බයට කරු කුරුවක් දමයි
අනේ ඒ වුණාට මගේ වැඩ ගැන දන්නේ එයා තමයි
ඕවා ඔහොම තමයි ගෙදර නෝනා ඔහොම තමයි

දැන් drink එකක් දාගන්නෙත් කිරලා මැනලා තමයි
සිගරට් උගුරක් බිව්වත් ඒක හොරෙන් තමයි
පරණ වුනත් මගේ එන්ජිම තාම තිතට දුවයි
හැට පැන්නත් වඳුරා හලෝ යන්නේ උඩින් තමයි
ඕවා ඔහොම තමයි
වයසට යනකොට කව්රුත් කිව්වේ ඔහොම තමයි

අයියෝ හැමදාමත් තරුණ වෙන්න හිතන අයත් ඇතේ
ඉස්සර නම් එහෙම තමයි තිබුණේ මගෙත් හිතේ
ඔය දැඟලුවාට ඉහට අරන් ඉලන්දාරි මතේ
අයියෝ නවත්තන්ඩ බෑ වයසට යන එක නම් පුතේ
ඒක ඇත්ත තමයි ඒක ඇත්ත තමයි
කවදාහරි අප හැමටත් ඔහොම වෙනවා තමයි

මා සතුටින් බව | Ma Sathutin Bawa by Gypsies with Sunil Perera

මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
එය වැරදී ළඳුනේ
නිතරම කඳුලෙනි මා පසුවන්නේ
මට අයිතිය කඳුලයි
මට අයිතිය කඳුලයි

පාළුව තනිකම මට වද දෙන විට
කෙලෙසද ඉවසන්නේ
කියන්න සොඳුරිය
කියන්න සොඳුරිය
ඇයි මට මෙහෙම උනේ

මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
එය වැරදී ළඳුනේ
නිතරම කඳුලෙනි මා පසුවන්නේ
මට අයිතිය කඳුලයි
මට අයිතිය කඳුලයි

මා අමතක කොට ඔබ ගත නව මග
ඔබ හට සුව දෙයි නම්
කුමක් උනත් මට ඒ ගැන කම් නැත
තනිවම මා ඉන්නම්

මා සතුටින් බව ඔබට පෙනෙයි නම්
එය වැරදී ළඳුනේ
නිතරම කඳුලෙනි මා පසුවන්නේ
මට අයිතිය කඳුලයි
මට අයිතිය කඳුලයි

ලස්සන ඇස් දෙක | Lassana As Deka by Gypsies with Sunil Perera

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා
නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා
සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
මට හිතවත් වේවීදෝ රූ ලදේ

ඔබ මගේ සිහිනයයි මතකයේ රුව ඔබයි
ගීතයක් වෙලා මුවින් පාවෙලා යන්නේ
ආදරේ හදවතේ නිහඩවී තැවෙන්නේ
ලස්සන …. ලස්සන ඇස්දෙක

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා
නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා
සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
මට හිතවත් වේවීදෝ රූ ලදේ

ඔබ මගේ සිහිනයයි මතකයේ රුව ඔබයි
ගීතයක් වෙලා මුවින් පාවෙලා යන්නේ
ආදරේ හදවතේ නිහඩවී තැවෙන්නේ
ලස්සන …. ලස්සන ඇස්දෙක

ලස්සන ඇස් දෙක මාදෙස නොබලන්නේ ඇයි කියා
නිරතුරු මා සිතුවිලි විමසන්නේ ඒ ඇයි කියා
සකුරා මල් පිබිදෙන රට ඉපදීලා ඇති ඔයා
මට හිතවත් වේවීදෝ රූ ලදේ

හැමදේම වෙන්නෙ | Hamadema Wenne Hodatai by Gypsies

හැමදේම වෙන්නෙ හොදටයි
හැමදේම වෙන්නෙ අපටයි
දුක්වෙන්නෙපා ලතැවෙන්නෙපා
හැමදේම වෙන්නෙ හොදටයි

ක්ලාක් කෙනෙක් ලෙස කොම්පැනියක මම
රස්සාවක් කෙරුවා
කොම්පැනි ලොක්කා කේලම් අහලා
මාව දොට්ට දැම්මා
ජොබ් එක ගහල ගියා යන එනමං නැතිව ගියා
ඔහොම ඉන්නකොට බිරිදගේ කීමට
පොඩි කඩයක් ඇරියා
ටික ටික දියුණු වුනා සැප සම්පත් හැම ලැබුනා
එදා ජොබ් එකෙන් මාව අස් කලේ
හොදටයි මට හිතුනා
මගේ හොදටයි මට හිතුනා

හිතන පතන හැමදේම ඒ ලෙසින් බෑ ඉටුකරගන්න
නොසිතූ දේ සිදුවුනත් ජීවිතේ ඉවසීමෙන් ඉන්න
කළබල වෙන්න එපා කිසිවිට බිය වන්න එපා
එන හැමදේටම ආත්ම ශතක්තිය ඇතිව මුහුණ දෙන්න

හදවතට සවන් දෙන්න ඒ අනුව වැඩකරන්න
හොදදේ කෙරුවොත් විපතක් සැපතට
පෙරලෙනවා ඔන්න
ඒ බව දැනගෙන ඉන්න