ආලකමන්දා | Aalakamanda by Surendra Perera

ආලකමන්දා මාලක පන්නා
මෝහන දෑසින්
පාලා නුරා පා නුරා
පාලා නුරා පා නුරා
මා කැඳවනවද සුරතලියේ

දහසක් නොනිදා සිටියත් මුර ලා
සැඟවී එනවද
කාටත් හොරා හොරා
කාටත් හොරා හොරා
මා හා යන්නට හඳ පානේ

ඇසුවෙම් වරුණා දැකුමට ආවා
බෝ දුර ගෙවා දුර ගෙවා
බෝ දුර ගෙවා දුර ගෙවා
කෝ මට මොනවද දෙන්නේ

ඇසු දුටු පමණට සිහි මොළ සිඳුණද
සීගිරි පුරේ ගිරි පුරේ
සීගිරි පුරේ ගිරි පුරේ
ලියවිලි බිය හඳුණන්නේ

ආලකමන්දා මාලක පන්නා
මෝහන දෑසින්
පාලා නුරා පා නුරා
පාලා නුරා පා නුරා
මා කැඳවනවද සුරතලියේ

මින් පෙර නොදුටුව නූතන නගරෙට
හා හා පුරා හා පුරා
හා හා පුරා හා පුරා
කැන්දන් යන්නම් ළඳුණේ

පබ නොබඳිනු මැන අහසට මාළිග
මා නම් නොවේ මා නොවේ
මා නම් නොවේ මා නොවේ
නිරිඳුට පිටුපා යන්නේ

අහිංසක මාගේ හිත | Ahinsaka Mage Hitha by Surendra Perera

අහිංසක මාගේ හිත හඬවා අනන්තයට නුඹ හිනැහුණා
සිත් අහසම පුරවා කඳුළැල් වැහිපොද දී
ඔහුගේ ලෝකෙට වී රැවටුවා
ඔහුගේ ලෝකෙට වී රැවටුවා

අහසේ තරුකැට මෙතරම් සඳ තරමට නැහැ මනරම්
නුඹව පතන අය ඇති ඕන තරම්
එත් නැහැ කවුරුන්වත් නුඹට ආදර මෙතරම්
පෙති නොතලා සිපගන්නේ නෑ කව්රුත්
හරි ආදරෙන් මං තරම්

හිතක තියෙනා හැඟුමන් කියාදෙම්ද කොයි විලසින්
ගුලි වෙලා මාගේ හදවතින් කියා දෙනවද ආදරයෙන්
කඳුළු පිසදා සෙනෙහේ සිතින්
මියෙන තුරු මම ඉන්නම් ඔබේ ළඟින්
හරි ආදරෙන් මේ තරම්

අහිංසක මාගේ හිත හඬවා අනන්තයට නුඹ හිනැහුණා
සිත් අහසම පුරවා කඳුළැල් වැහිපොද දී
ඔහුගේ ලෝකෙට වී රැවටුවා
ඔහුගේ ලෝකෙට වී රැවටුවා

අනුරාගිනී | Anuragini by Surendra Perera

අනුරාගිනී දෑසේ වෙලී උන් කාලේ ගත වී ගිහින්
ළං වී ඇගේ තුරුලේ වෙලී මැවී හීනේ බොඳවී ගිහින්
වෙන් වී වෙන් වී මා ගාව නෑ ඈ රැඳී
දුක දීලා පිටුපා ගිහින්නේ
දුක දීලා පිටුපා ගිහින්නේ

ඈ නීල දෑසේ මා සෙව්ව සිහිනේ
කවදාක ආයේ හමුවෙන්නේ නෑනේ
කඳුලක් වුණාදෝ සුසුමක් වුණාදෝ
මගේ හීනේ සඳ රාජීණි
ළං වී ළං වී මා ගාව දැන් නෑ රැඳී
දුක දීලා පිටුපා ගිහින්නේ
දුක දීලා පිටුපා ගිහින්නේ

රෑ සීත යාමේ ඈ මා ළඟින්
දැවටිලා පෑවේ ආදර හැඟුම්
වරදක් වෙලාදෝ තරහා වෙලාදෝ
මගේ හීන සඳ මාලිනී
ළං වී ළං වී මා ගාව දැන් නෑ රැඳී
දුක දීලා පිටුපා ගිහින්නේ
දුක දීලා පිටුපා ගිහින්නේ

අනුරාගිනී දෑසේ වෙලී උන් කාලේ ගත වී ගිහින්
ළං වී ඇගේ තුරුලේ වෙලී මැවී හීනේ බොඳවී ගිහින්
වෙන් වී වෙන් වී මා ගාව නෑ ඈ රැඳී
දුක දීලා පිටුපා ගිහින්නේ
දුක දීලා පිටුපා ගිහින්නේ

අපේ වෙලා | Ape Wela by Surendra Perera

අපේ වෙලා දුර ගමනක් යන්නට
කතා කරනවා ඇහුණා
මගේ වෙලා ළඟ ඉන්න අහද්දී
ආඩම්බර හිත රිදුණා
මං ඇඳි රුවෙ නැති මගේ හිත අරගෙන
ඔයා ඇවිත් ළඟ රැඳුණා
දරාගන්න බැරි ආදරේ හින්දම
ආයෙත් එන්නම හිතුණා

කියාගන්න බැරි ආදරයක් හිත
හැංගිලා තිබුණා අපේ වෙලා
අහස අඬද්දී දුක හිතුනෙම නැති
හිත ඇයි ඔච්චර වෙනස් වෙලා

හුස්ම වැටෙන තුරු ළඟින් ඉන්න තව
හිතත් කියනවා මතක් වෙලා
හිතාගන්න බැරි ආදරයක් ළඟ
ඔයා මගේ හිත වෙනස් කළා

ආයෙත් රැවටෙන්න බෑ | Ayeth Rawatenna Ba by Surendra Perera

ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ
පාළුයි ඉවසන්න බෑ කම්නෑ තවමින් සිතුම්
කොහේදෝ තරහා වී ගියේ නම් මුලා වී
ආයෙත් ඔබ ඕනෑ නෑ
ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ

අහසේ තාරුකා තරම් ආදරේයි කියා
මැව්වනේ පෙම් මාළිගාවන්
අහසේ තාරුකා තරම් ආදරේයි කියා
මැව්වනේ පෙම් මාළිගාවන්
පයට පෑගෙන දුහුල්, දුහුල් මීදුමක් ලෙසින්
බිඳ දැම්මේ නුඹමයි සිනා
ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ

නිහඬ කල්පනාවකින් හිතට ළං වෙලා
දුන් හීනේ තනි වී එදා මා
නිහඬ කල්පනාවකින් හිතට ළං වෙලා
දුන් හීනේ තනි වී එදා මා
කඳුළු උහුලනා තරම් අතරමං වෙලා නෙතින්
ඇහුණා ද ළඳුනි එදා

ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ
පාළුයි ඉවසන්න බෑ කම්නෑ තවමින් සිතුම්
කොහේදෝ තරහා වී ගියේ නම් මුලා වී
ආයෙත් ඔබ ඕනෑ නෑ
ආයෙත් රැවටෙන්න බෑ ස්නේහේ පැටලී ඔබේ

ඇයි ද මන්දා | Ai Da Manda by Surendra Perera

ඇයි ද මන්දා දෑස් හංගා නිහඩ වී ඔබ ඉන්නවා
හීන කැන්දා දුන්නු හින්දා ඉන්න බැහැ මං ළංවෙලා
නින්ද නැහැ අප වින්ද පෙම ගැන හිතනවා මුළු රැය පුරා
දැනෙනවානම් ඔබට මේ දුක ඉන්නේ නෑ තව සැඟවිලා

හිත රතු කඳුලැලි සඟවා නෙතු අග නුඹේ රුව රැදුනා
අප පෙම් සෙනෙහස බිඳ දාලා නුඹ වෙනතක සුව වින්දා
ඉන්න බෑ මේ දුක දරා වෙනුවුනේ ඇයි කියා කිව්වේ නෑ නුඹ එදා

ඇයි ද මන්දා දෑස් හංගා නිහඩ වී ඔබ ඉන්නවා
හීන කැන්දා දුන්නු හින්දා ඉන්න බැහැ මං ළංවෙලා
නින්ද නැහැ අප වින්ද පෙම ගැන හිතනවා මුළු රැය පුරා
දැනෙනවානම් ඔබට මේ දුක ඉන්නේ නෑ තව සැඟවිලා

සිහින පෙනුනත් ඔය යන එන සුවඳ නෑ රැදිලා
ආදරෙන් මට තුරුළු වී ළඟ තනි කලා පෙරදා
ඉන්න බෑ මේ දුක දරා වෙන්වුනේ ඇයි කියා කිව්වේ නෑ නුඹ එදා

ඇයි ද මන්දා දෑස් හංගා නිහඩ වී ඔබ ඉන්නවා
හීන කැන්දා දුන්නු හින්දා ඉන්න බැහැ මං ළංවෙලා
නින්ද නැහැ අප වින්ද පෙම ගැන හිතනවා මුළු රැය පුරා
දැනෙනවානම් ඔබට මේ දුක ඉන්නේ නෑ තව සැඟවිලා

වැහි පබළු සැලී | Wahi Pabalu Sali by Surendra Perera

වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී
මම නෙතු නොපියා හිඳිමී

වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී
මම නෙතු නොපියා හිඳිමී

ළැම සළු ඉහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් හෙළමී
ළැම සළු ඉහිරී නෙතු මතම වැදී
උන්මාද සුසුම් හෙළමී
සිහිනෙන් දකිමී… සිහිනෙන් දකිමී
මල් කිණි මම සිඹින හැටී

වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී
මම නෙතු නොපියා හිඳිමී

රතැඟිලි සුවදී හිස පිරිමදිමි
ඔබ දැක මුනිවත රකිමී
රතැඟිලි සුවදී හිස පිරිමදිමි
ඔබ දැක මුනිවත රකිමී
මම පෙම් බඳිමී… මම පෙම් බඳිමී…
සිහිනෙන් ඔබෙ සුව විඳිමී

වැහි පබළු සැලී ඉඟි කරනා හැටි
දෙව්දුව ඇසිපිය ගසතී
මග දෙපස රැඳී ඔබ දෙසට හැරී
මම නෙතු නොපියා හිඳිමී

written by Upul Shantha Sannasgala

නෑවෙන්න සේදෙන්න | Nawenna Sedenna by Surendra Perera

නෑවෙන්න සේදෙන්න පිනි වැස්සේ
තරු පොකුරු අමුණන්න රෑ තිස්සේ
ඇහිඳින්න පළඳින්න මල් දුනුකේ
මා එක්ක එනවාද මයෙ මැණිකේ

නිල් දෙනෙත කිසි දිනයක රතු නොකරමි
රළු පොළොව මත මල් පියලි අතුරමි
කළ වැරදි කිසි දිනයක යළි නොකරමි
මා දෑස වාගේම ඔබ රැකගමි

හෙළු කඳුළු මුතු මාලයක් සේ ගොතා
සරසවමි ඔබගේම ගෙළ පළඳවා
ජයගනිමි හැමදාම දුක පරදවා
වෙන් නොවමි කිසිදාක ඔබ හැර දමා

හීනයක් වගේ | Heenayak Wage by Surendra Perera [2012]

තාමත් මුණ ගැහුණෙ නැතත් ඇස්‌ දෙක ඔබේ
හිතට හිතක්‌ ළං වීලා කල්පයක්‌ වගේ
දැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක්‌ වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ

මේ පිරිමි රළු පපුවේ ගැස්මන් පවා
ඔය හිතට කා වැදිලා සිහිනෙන් පවා
දුරින් ඉන්න බෑ මටනම් එන්න පණ මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ

හිත් පොඩියේ තනි වෙච්ච පෙම් අදෝනා
පවසන්න හති ඇරලා තුරුලට වෙලා
දුරින් ඉන්න බෑ මට නම් එන්න පණ මගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක්‌ වගේ

තාමත් මුණ ගැහුණෙ නැතත් ඇස්‌ දෙක ඔබේ
හිතට හිතක්‌ ළං වීලා කල්පයක්‌ වගේ
දැනෙන තරම් ළඟ නැති පාළුව අනන්තය වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක්‌ වගේ
තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගේ