සිතින් මා නොසැලී | Sithin Ma Nosali by T. M. Jayarathna

සිතින් මා නොසැලී හිඳිද්දී
කඳුල නුඹ ඇවිදින්…
නිවා දැමූ ඒ නෙතේ පීඩා
නිබිඳිනූ මැනවී…

තනිව මා හඬනා වෙලාවේ
සැලී සැලී සීතේ…
වැටුණු මහා වරුසා මතක් වේ
නුඹ රැඳී දෑසේ…

තවම මා නොදුටූ සිනා කැන්
හමු නොවූ යාමේ…
කඳුල මට කරුණා කරන්නැයි
අයදිමී නිබඳේ…

සිතින් මා නොසැලී හිඳිද්දී
කඳුල නුඹ ඇවිදින්…
නිවා දැමූ ඒ නෙතේ පීඩා
නිබිඳිනූ මැනවී…

Amma Sandaki / අම්මා සඳකි – T.M.Jayarathne

අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී…
ඒ ඉර හදෙන් නුඹෙ ලෝකය එළිය වුනි..
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විදී..
පිය සෙනෙහසට කව් ගී ලැයැවුනා මදී..

සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ..
කුසයේ නොදැරුවත් දිවි බර මට රැදුනේ..
මහ මෙරකට උසයි දරු පෙම හදපතුලේ..
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ..

මවකට මුවාවී නුඹවෙත දිවි දුන්නේ..
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ..
පියසෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ..
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ..

අඳුරු කුටිය තුල | Anduru Kutiya Thula by T.M.Jayarathne

අඳුරු කුටිය තුල – දොරඟුලු ලාගෙන
ගයන ගීතිකා – යදින යාතිකා
දෙවියන් හට නෑසේ…
ඒ…දෙවියන් හට නෑසේ

පොළව කොටන තැන – පාර තනන තැන
ගිනියම් අව්වේ – මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ…
දෙවියෝ වැඩ ඉන්නේ…

බලන් කඩතුරා හැර දෑසේ..
බලන් කඩතුරා හැර දෑසේ..

සිනිදු සුනැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැහි හිරිගත පළදා
දෙවියන් රුව දක්නට හැක්කේ…
ආ…ආ…ආ….ආ………..

අඳුරු කුටිය තුල….

කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී
ගතනැඟි දාදිය සුවදින් සැරසී
දෙවියන් හා එක්විය හැක්කේ…
ආ…ආ…ආ….ආ………..

අඳුරු කුටිය තුල….

Soduru Athithaye / සොඳුරු අතීතයේ – T.M.Jayarathne

සොඳුරු අතීතයේ නිමල පැතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඇති…
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇති…

සොඳුරු අතීතයේ නිමල පැතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඇති…
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇති…

කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද
භවය පුරා ලඟ ඉන්න ඇති..
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇති..

සොඳුරු අතීතයේ නිමල පැතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඇති…
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇති…

නොසැලී නොතැවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇති…
ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමුවෙන්න ඇති…

සොඳුරු අතීතයේ නිමල පැතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඇති…
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇති…

Cover Version:

Sanasum Susuman / සැනසුම් සුසුමන් – T.M.Jayarathne

සැනසුම් සුසුමන් පාවීලා
සඳකැන් වතුරෙන් නෑවීලා…
තරුමල් අතරින් රිංගාලා
කොයි යන්නෙද මා තනිකරලා..

රෑ සඳ පානේ – සීතල පවනේ..
නාමල් අරණේ – ලා දළු සෙවනේ..
මා ලයකර ඔබගේ සුව යහනේ..
ගෙවූ අතීතය මතකද මිහිරි…
ගෙවූ අතීතය මතකද මිහිරි…

සැනසුම් සුසුමන්…

දෑසට පෙනෙනා – එකම රුවක් වෙයි
ඒ රුව මා නෙතු අංජනයයි…
ජීවන ගීතේ තනුව වයන්නෙමි
ඈ එනතුරු මා තනිවීලා..
ඈ එනතුරු මා තනිවීලා..

සැනසුම් සුසුමන්…