පිටස්තරයා | Pitastharaya by Kasun Kalhara | The Romantic Opera [2009]

රත්රියේ…
ඇවිස්සෙන ප්රේමයේ…
මඟ නොමඟ ගිහිං…

හදවතේ… පිටස්තරයා…
ගිණිසිළුව දැක දහවලේ…
ආදරේ… ලුහුබඳින කාලේ…
හදවතේ… පිටස්තරයා…
එකම සැනසුම ජීවිතේ
නොලැබී.ලැබී. ඔබ ලැබීමයි…
ප්රේමයේ… පළමුවෙන් ආවයි
එනිසාම සසලයි නිසලයි
රාත්රියේ… ඇවිස්සෙන ප්රේමයේ…
මඟ නොමඟ ගිහිං…
හදවතේ… පිටස්තරයා…
ගිණිසිළුව දැක දහවලේ…
ආදරේ… ලුහුබඳින කාලේ…
හදවතේ… පිටස්තරයා…

පරම පිවිතුරු ප්රේමයේ
නොනැසී නැසී ඔබ පැතීමයි…
ප්රේමයේ දේවතා රුව ඔබයි
එනිසාම ළඟයි තව දුරයි
රාත්රියේ… ඇවිස්සෙන ප්රේමයේ…
මඟ නොමඟ ගිහිං…
හදවතේ… පිටස්තරයා…
ගිණිසිළුව දැක දහවලේ…
ආදරේ… ලුහුබඳින කාලේ…
හදවතේ… පිටස්තරයා…

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

රෑ අහසින් | Ra Ahasin by Kasun Kalhara | The Romantic Opera [2009]

රෑ අහසින් වැටෙනා
බිංදු බිංදු පිණි බිංදු
නොපිපි මල සොයනවා
මුවා වී ඉන්න එපා
හරි සීතලයි
සීතලයි පින්න

සිපගන්න බයින් මහ පොළොව
පිණි බිංදු හඩනවා
නිම් නාද දී
දෙතොලතර ඉඩදෙන්න
නවාතැන් පල වෙන්න
හරි සීතලයි පින්න

අනෝරා පිනි යටින්
තෙමි තෙමී ඇවිදින්ම
ගිනි නැගෙනා ආත්මය
පිනිදියෙන් දෝවන්න
සිරුරතර ඉඩදෙන්න
නවාතැන් පල වෙන්න
හරි සීතලයි පින්න

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

රෝමාන්තික ඔපෙරාව | Romanthika Operawa by Kasun Kalhara | The Romantic Opera [2009]

හේමන්ත නිද්රාවේ,
ගිලෙන හැන්දෑවක
නිසල තාවයේ මතුවෙන්නේ
ඔබේ දෑස පත්ලේ ඇවිලෙන,
ප්රේම අද්යාශ යයි
සිහිනේ උමතු නිම්නේ, මා හුදෙකලාවේ නොහෙලා
ආදරේ දෙවඟන හැම රාත්රියකම,
හැම හිමිදිරියක, හැම දහවලකම
වෙලී ගයන්න එනු මැනා සොප්රනෝ හඬින්

රෝමාන්තික ඔපෙරාවේ,
හි සියුම් නාද සන් රචනයේ,
හැම ස්වරයකින් ම වෑ හේන්නේ,
ඔබේ මගේ නොනිම් ප්රේමය යි.

සඳ දිය දහරාවේ, පෙඟෙන ලැමේ දෙයද,
නග්න තලාවේ මතු වෙන්නේ
ඔබේ සියුමැලි සිරුරේ උමතු ආලිංගනය යි
සිහිනේ උමතු නිම්නේ,
මා හුදෙකලාවේ නොහෙලා
ආදරේ දෙවඟන සදහට ම එකට,
එක ආදරයක එක මිහිරියාව ක
ගිලී රඟන්න එනු මන දිනුම් මතින්

රෝමාන්තික ඔපෙරාවේ,
හි සියුම් රංග වින්න්යාස යේ,
හැම රැඟුම කින්ම මැවෙන්නේ,
ඔබේ මගේ නොනිම් ප්රේමය යි.
රෝමාන්තික ඔපෙරාවේ,
හි සියුම් නාද සන් රචනයේ,
හැම ස්වරයකින් ම වෑ හේන්නේ,
ඔබේ මගේ නොනිම් ප්රේමය යි.
හැම රැඟුම කින්ම මැවෙන්නේ,
ඔබේ මගේ නොනිමි ප්රේමයයි.

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here