නිම් හිම් සෙව්වා | Nim him Sewwa by W. D. Amaradewa

නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී, යුගයෙන් බැඳි යුගයේ
ලංවී වෙන්වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ



දිවියේ ආශා, ගැඹුරින් ගැඹුරේ
ළයගින් සනහා, අපමයි තැවුනේ
ජන්මෙන් ජන්මේ රැව්දීලා
ඔබ මා නෙතඟේ රැඳුනා

ඉර හඳ සේ මා, පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
අතරින් පතරේ වියැකීලා
සටනින්, අද මා දිනුවා

නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී, යුගයෙන් බැඳි යුගයේ
ලංවී වෙන්වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ

සඳ හොරෙන් හොරෙන් | Sanda Horen Horen by W. D. Amaradewa

සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා

කඳුළු බිඳු ගලා සඳේ, තුරු ලතා පුරා
සියොලඟම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී, ම්…
ම හද වියරුවෙන්

සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා

කියඹු වැල් ලිහී ඔබේ, මාරුතේ සැලී
කොපුල් තල ගැටී, මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා, ම්…
ඔබේ සිසිලසින්

සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා සිටිනවා

පෙර දිනයක මා | Pera Dinayaka Ma by W. D. Amaradewa

පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා

නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන
දයාව වෑහෙනවා
නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා

හිරුට සදුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
හිරුට සදුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදහා ගන්නට බැරි ලෙස රූසිරු
කෙමෙන් මැකී යනවා

එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පුබුදිනවා
එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පුබුදිනවා
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා
පෙර දිනයක මා පෙම් කළ යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

තණ්හා ආශා | Thanha Asha by W. D. Amaradewa

තණ්හා ආශා
තණ්හා ආශා ඔලොගු කරේ ලා
මඟ තොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ
ඒ… සැපත සොයන්නද මේ යන්නේ
කතරේ… ඒ…
ගිනිගත් වැලි තලයේ
තණ්හා ආශා

උතුරන ගංගා නියඟය ආදා
උතුරන ගංගා නියඟය ආදා
වියළී යනවා ගහකොල මැලවී
වියළී යනවා ගහකොල මැලවී
මල් හට ගන්නා වසන්තයම නෑ
මල් හට ගන්නා වසන්තයම නෑ
හැමදා…
අප යන මේ ගමනේ
තණ්හා ආශා

අඳුරෙන් ගැළවි
එළිය සොයන්නෝ
හැමදා අඳුරේ අඳුර දකින්නෝ
අඳුර දකින්නෝ
දිවියේ සාරය
දිවියේ සාරය මෙපමණි ඇත්තේ
අඳුරේ… ඒ…
අප හැම වල්මත් වී
තණ්හා ආශා

සැපත විනෝදේ උපත කඳුළ වේ
විපත පියා වේ මේ ලොව සැපතේ
සැපත විනෝදේ උපත කඳුළ වේ
විපත පියා වේ මේ ලොව සැපතේ
පිය පුතු දෙදෙනා එකටයි ඉන්නේ
කිසිදා… ආ…
නැත උන් වෙන් වන්නේ

තණ්හා ආශා ඔලොගු කරේ ලා
මග තොට නොබලා වගතුග නොසොයා
එළිය දකින්නද මේ යන්නේ
ඒ… සැපත සොයන්නද මේ යන්නේ
කතරේ… ඒ…
ගිනිගත් වැලි තලයේ
තණ්හා ආශා

ආරාධනා | Aradhana by W. D. Amaradeva

ආරාධනා
ආරාධනා

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය සතුට
රැගෙන යළි වඩින්න
ආරාධනා
ආරාධනා

නෙළු සුපෙම් කැටයම් හද පවුරුතලාවේ
මැකී ගියාදෝ – කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනේ අනාථ වූ දා
සෙනේහයේ සත් පියුමන් යළිඳු පිපේවා
ආරාධනා
ආරාධනා

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ
ඔබේ උණුසුමේ යළිදු උපන්නෙම්
බිඳුණු එවන් රජ දහනින් සමුගෙන යනදා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා
ආරාධනා

මින්දද හීසර | Mindada Heesara by W. D. Amaradewa

මින්දද හීසර වැදී සැළෙන හද
නංවන දුක් ගී ඔබට ඇසෙනවද
නන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන් සඳ
මින්දද හීසර වැදී සැළෙන හද
නංවන දුක් ගී ඔබට ඇසෙනවද
නන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන් සඳ

තුරඟෙකු පිට නැගි නීල වලාකුළු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ
තුරඟෙකු පිට නැගි නීල වලාකුළු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ
පිබිදුනු දෑසින් බලා හිඳිමි මම
පිබිදුනු දෑසින් බලා හිඳිමි මම
කුසුම් සිනා කැන් හද පුරවා

මින්දද හීසර වැදී සැළෙන හද
නංවන දුක් ගී ඔබට ඇසෙනවද
නන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන් සඳ

මෙතුවක් කල් මුව මඬල වසා සිටි
අන්ධකාර සළු පටින් මුදා
මෙතුවක් කල් මුව මඬල වසා සිටි
අන්ධකාර සළු පටින් මුදා
නෙත් මිණි පහනින් පහන් කරනු මැන
නෙත් මිණි පහනින් පහන් කරනු මැන
අනාගතේ මන් පෙත පාදා

මින්දද හීසර වැදී සැළෙන හද
නංවන දුක් ගී ඔබට ඇසෙනවද
නන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන් සඳ