ගිම්හානේ | Gimhane by DKM ft. YAKA [2020]

සුමිහිරි තැන්
මුව කොනකින්
සිපගත්තූ
ප්‍රියේ
මතකෙට ආ ඒ සමයයි
ආදර කතා

ගිම්හානේ වස්සානේ මං
මත් වී
ගිම්හානේ වස්සානේ මං
තනි වී

හදෙහි ඇදී
රූවරුනේ
සිතුවමකි නුඹ
ප්‍රියේ
නෙතග දිහා
මා බලනා
සැමවිටම හැගුනේ

ගිම්හානේ වස්සානේ මං
මත් වී
ගිම්හානේ වස්සානේ මං
තනි වී

නිම්න අඩවිය | Nimna Adaviya by DKM ft. YAKA [2020]

සරාගී නෙත් වලින්
බලන්නේ විගස දැන්
සෙමින් ලය පැද්දෙමින්
රුවක් ඇදෙනා සැනින්
සොරාගත් හදවතින්
සිරකර මත්පැන් වලින්
බිදුනු ඒ මල්පෙති අගින්
කරයි දැන් කාමකම්

අන්දකාරේ සමවැදිලා
විසිතුරු සළුපට පවා
නලගන නැටුමන් නටා
මගේ ලෙය බිදවටමිනා
නිම්න අඩවියේ සැරිසරා
පෙම් කරමුද අපි සැමදා
වේදනාවක කාවැදිලා
පෙම් කරමුද අපි සැමදා

පෙමින් මත් වූ කයින්
සුරතින් මිහිරක් දෙමින්
රාගයේ ගැඹුරට ගිහින්
සොයම් ඔබේ මිහිර දැන්
සොරාගත් හදවතින්
සිරකර මත්පැන් වලින්
බිදුනු ඒ මල්පෙති අගින්
කරයි දැන් කාමකම්

අන්දකාරේ සමවැදිලා
විසිතුරු සළුපට පවා
නලගන නැටුමන් නටා
මගේ ලෙය බිදවටමිනා
නිම්න අඩවියේ සැරිසරා
පෙම් කරමුද අපි සැමදා
වේදනාවක කාවැදිලා
පෙම් කරමුද අපි සැමදා

මීදුම් යහනේ | Meedum Yahane by Eroshan ft. YAKA [2020]

මීදුම් වලා යහනේ
තරුවන් නුවන් දිලිහේ
සප්නයක මා සිත
සිරවී හිදින්නේ

මල් පෙති සලා හිනැහී
මුව රද සිඹින්නේ
ආදරේ මනිමේඛලා
මනිමේඛලා

මල් මාවතේ හමුවූ
දෙනුවන් සොයාවී
ලිය තඹර දුටු නෙත
නැවතී බලාවී
සුරගනක දෝ නුඹ කියා

හැගුම් වරුසාවේ
තෙමෙන සියුමැලියේ
මහද මන්දිරයේ
රගන සදවතියේ

සිත් සයුරේ කිමිදී
යහනයේ සැතපෙන
ආදරේ මනිමේඛලා
මනිමේඛලා

මල් මාවතේ හමුවූ
දෙනුවන් සොයාවී
ලිය තඹර දුටු නෙත
නැවතී බලාවී
සුරගනක දෝ නුඹ කියා
සුරගනක දෝ නුඹ කියා

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

 

 

නුඹද බිම්බා | Nubada Bimba by YAKA ft. Chamod [2019]

සියුමැලි නුඹේ සිත
නොම හැදිනවූ
වැයූ වීණා ස්වර
නොතකා හැරූ
සංසාරයේ සද

කිදුරි බදු වූ
නුඹද බිම්බා
දෙවි මා ඒ පැතූ

දුවගිය මගේ ගමනේ
නුඹ මගහැරී
ඇයිද නොදනිම් එනමුත්
හදෙහී රැදී

හමුවන්න ඇත්නම්
යලි නුඹ මට
එතෙරව
සංසාරේ
ගංගාවෙන්
මා නුඹ හා

විදගන්න ජීවිතේ
රස තැන් තිබූ
වැටහී නොම නුඹේ
හද පෑරවූ
සොදුරියේ අද මා
පසුතැවෙනූ
නුඹද බිම්බා
දෙවි මා ඒ පැතූ

දුවගිය මගේ ගමනේ
නුඹ මගහැරී
ඇයිද නොදනිම් එනමුත්
හදෙහී රැදී

හමුවන්න ඇත්නම්
යලි නුඹ මට
එතෙරව
සංසාරේ
ගංගාවෙන්
මා නුඹ හා

 

Download the Official audio from here