ශාරධා | Sharadha by Lahiru Liyanage ft. Yasas Medagedara [2019]

දිසි හීන ගානේ උපනා විමානේ
ඇසි මීන තීරේ ඉගි තාල තේරේ
ආශා රසේ වෑහෙනා
නාරී දෙතොල් ලං වෙනා

දිසි හීන ගානේ උපනා විමානේ
ඇසි මීන තීරේ ඉගි තාල තේරේ
ආශා රසේ වෑහෙනා
නාරී දෙතොල් ලං වෙනා

කප් තුරක් සේම මා වෙලා
ඉගි සුසුම් සේල යා වෙනා
සුර ලොව ඉදන් ආවාද ශාරධා

නෙත් සරින් මාව ඇහැරවා
සද හැගුම් යායේ පා වෙනා
දෙව් ලොව හැගුම් මේවාද ශාරධා
කාරණා තේරුණා ශාරධා

උපමා කථාවේ දෙව් ලියය මාගේ
සැලෙනා නෙතේ සුව ගවසා ආදරේ
මියෙනා තුරාවේ සුර දේහී මාගේ
උපනා භවේ යලි බැදෙමු මේ වගේ
ඇසි පිය සේලේ සලා පැතු හීනේ සේයා මවා
දෙව් ලොව හැගුම් මේවාද ශාරධා
කාරණා තේරුණා ශාරධා

සෙනේහයේ ප්‍රතිමූර්තිය අම්මා | Senehaye Prathimurthiya Amma by Sahan Rashmika ft. Yasas Medagedara [2019]

සෙනේහයේ ප්‍රතිමුර්තිය සිහි කරනෙමි පෙම්මා
ලේ කිරිවුණු හදවත තුල දරුපෙම නැත නිම්මා
කඳුළු දරා සුසුම් දරා විඳි දුක් කන්ද රෑ දිවා
මෙතේ බුදුන් දැක නිවනට යනු මැන මගේ අම්මා

සාගර ජලය තරමට දුක වෙලාගෙන
දෑසේ කඳුළු රහසෙම බිම හෙලාගෙන
විශාකාව සේ පියවර තබාගෙන
නා කපනා වැහි බීරම දරාගෙන

ඈ හද මඩල දුක් ගිනිකඳ නිවේවා….
ගෙවෙන ගෙවෙන මොහොතෙම සැප වැඩේවා….
ආයුවර්ණ ප්‍රඤ්ඤා බල වැඩේවා….
අම්මට මගේ නිවනට දොර මැවේවා….

සංසාරිණී | Sansarini by Yasas Medagedara [2019]

කඳුලයි පවසන්නේ සැඟවූ ඒ ආදරේ
අදමයි මා දන්නේ නොකියූ ඒ ආදරේ

සඳේ මං කෙසේ කියන්නේ
හිතේ තියෙන ඒ ආදරය
මා මන්මත් කෙරූවා කියා ඔබ දුටූදා
නෙතේ වේදනා නිවෙන්නේ
ඔබේ රූ නිසා
හිත පාවෙලා දුර ගියා

පෙම් වර්ෂා වහී මා තෙමා
සිත් සංඛා නිවී යයි මෙදා

සංසාරිණී මගේ – නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ – ඔබ ඉන්නවා වගේ
සංසාරිණී මගේ – නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ – ඔබ ඉන්නවා වගේ

දේදුන්නේ පවා නැති සොබා රූපේ
හැංගෙන්නේ ඔබේ ලඟ තමා
කුළුඳුලේ මාගේ ප්‍රේමාදරේ
නේක වාරේ බැඳේ හදවතේ

පෙම් වර්ෂා වහී මා තෙමා
සිත් සංඛා නිවී යයි මෙදා

සංසාරිණී මගේ – නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ – ඔබ ඉන්නවා වගේ
සංසාරිණී මගේ – නන්නාඳුනන්නියේ
මා මවනා හීනයේ – ඔබ ඉන්නවා වගේ