මේ හිත නෑ පාළු | Me Hitha Na Palu by Dhyan Hewage ft. Yuki Navaratne

එක මල් දවසක් මේ
නෙක මල් දවසක් හීනේ
මේක හිරු දහසක් පෑයු රෑ මේ

අමතකයි සන්තාපේ
පවසටයි ගී කීවේ
නුඹටම වෙන් වූ මුලු රෑ මේ

දැතේ වෙලී මාගේ
ඉබේම ඈතට යන්නයි මේ
මේ ටික ⁣කාලේ ඉන්න මා හා

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

මගේ හිත මත සොයා ඉඩ දැන්
අසුන අරන් ඉඳගන්න
සිපගන්න ඒ සියුම් මුවින්
අල්ලගන්න තදින් මගේ අතින්
අපි ලංවෙන්න ඇති
අහන්න එපා දේවල් කියා ගන්න බැරි
නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි
රහසේ වූ දුක් සැනසූ කුමරී

මගේ හිතේ ඉඩ දැන්
නුඹේ අතින් හැඩවෙන සිතුවමකි
නුඹ එහි තියා මං
තනියම සරසන මිරිඟුවකි
යමු හෙමින් හොයා තැන්
විනිවිද යමු ඈත තරු අතරින්
නුඹ ලඟ නොවේ නම්

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

මනාලී | Manali by Yuki Navaratne ft. Ravi Jay [2022]

නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ල
නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල
නුඹමයි හිර කලේ පණ ගන්නට මේ හෙල්ල
නුඹ මට විද්ද හී අද මගෙ හිරවී

මනාලී මනාලී
මනාලී මනාලී මනාලී
මනාලී මනාලී මනාලී
මනාලී

එන්න සුලඟේ දැවටිලා
කොල්ලො ගනින් ඕක ඔතලා
නංගි ගන්නවද මේ පලා
ඔයා දන්නැද්ද මං වල්සරා

ඌ… රිදුනා නේද පැට්ටෝ
අනෙ දෙන්නෙපා මටනම් wrong talk
වෙන දැකලා නැත්තම් හොඳයි ශෝක්
ඇයි කලබල චුට්ටෝ
අනේ මට මෙහෙම හොඳා
එන්නකෝ සුවඳතියා
ලිඳ ලඟ කබරගොයා
මං වෙට්ටු දානවා

නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ල
නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල
නුඹමයි හිර කලේ පණ ගන්නට මේ හෙල්ල
නුඹ මට විද්ද හී අද මගෙ හිරවී

මනාලී මනාලී (මනාලී)
මනාලී මනාලී මනාලී
මනාලී මනාලී මනාලී
මනාලී

Written by Yuki & Ravi Jay

කවියක් වගේ | Kaviyak Wage by Eshan Samarasinghe x Yuki

කුලුදුලේ මේ භවේ
තුන්සිතේ වෙලී
ඔබේ සිනා ඉනාවක් සේ
සනසා නිතින්
මසිත නුවුනේ කවියක් වගේ
ප්‍රේමය මෙයැයි කියා දුනේ

නුරාගිනියේ
නුරාගිනියේ
සදවත ඔබමයි නුරාගිනියේ

ඔබේ කැල්මේ
ඔබේ කැල්මේ

මා සිත බැදුනේ නුරාගිනියේ
නුරාගිනියේ
නුරාගිනියේ

සිත ගෙනා සෙනෙහසින්
හීනයක බැදුනා
ඔබේ කතා මතකයන් සුවපත් කලා
භාවයෙන් භවේ මගේ හිත ඔබේ
ප්‍රේමය මෙයැයි කියාදුන්නේ

නුරාගිනියේ
නුරාගිනියේ
සදවත ඔබමයි නුරාගිනියේ

ඔබේ කැල්මේ
ඔබේ කැල්මේ

මා සිත බැදුනේ නුරාගිනියේ
නුරාගිනියේ
නුරාගිනියේ
නුරාගිනියේ

yuki navaratne,yuki navaratne new songs mp3,yuki nawarsathne new song,yuki new song,yuki beatz new song,yuki new songs,yuki nawarathne,yukibeatz all song,yukibeatz all songs,old sinhala song,yuki all song collection,yuki and ravi jay,yuki song collection,yuki ft ravi,sinhala new song 2023,yukibeatz,new best sinhala song,yuki,manoparakata,lassana sindu,ravi jay new rap,manoparak,new best sinhala song collection,raji jay,numbata mathakada,ravi jay

දැන් සැපද | Dan Sapada by Wasthi Production [2022]

රෑ 10 වෙනකොට මම
ගොඩක් නිදි
ජනාදිපති නෙවෙයි මම
ගොඩක් මිටි
69 ලක්ෂෙට ගොඩක් සොරි
Very Sorry
Very Very Sorry

ලබ් ඩම්
හදවත ගැහෙනවා ලබ ඩබ් ඩබ්
යනකොට දැනෙනවා මගේ කරගන්නම්
එරමිනි මා බර වැස්සියේ
ජක් ජක්
කිට මරාගෙන ගමටම දෙමු කැටයම්

අනං මනං නං වානං
තුටුලට වී මට තව සැප ඕනා
බලං ඉන්නේ අන්දර වැට ලග
කෝ නෝනා
තප්පට ගානකට අපි යමුද කබානා

පලමු රබානක්
ගන්නෙපා ගානක්
අද වගේ හම්බෙමු
ලබන සුමානෙත්
ඉගිබිගි පානා
සෙක්සි බනානා
හවසට එනවද බට් ශෝර්ට් දාලා

අපෙ ආදරේ ගැන මාන්තරාවට
සාස්තරේ කිව්වා
උඹේ නේත්තරාවට හාන්සි වූ මට
මහන්සි නැහැ නෝනා

තොගෙ මෝස්තරේ හරි ආන්තරාවයි
මොනාද තව ඕනා

මනහාරියේ මගෙ යෝධියේ
මොනාද තව ඕනා
මනහාරියේ මගෙ යෝධියේ
සැපද තව ඕනා

සැපද
සැපද
සැපද
දැන් සැපද

සැපද
සැපද
සැපද
දැන් සැපද

සැපද
සැපද
සැපද
දැන් සැපද

අදින බිකිනි
මේ මාසේ නිකිනි
සුභ නිමිති බලං කමු ලපටි නිවිති
රන් කිකිලි
මූන නම් පැතලි
රහට සැදි කැවිලි
පැමිලි ගෙන සැනකෙලි බලා යමු

උඩ පැනගෙන
කෙරුවට ටික් ටොක්
රවුමට බෝලය වගේ පිං පොං
උරතලයට ඇති කලේ කිං කොං
යක්ක පුතෙක් වෙන්න දගලන්නෙ
බොල මොක්කුද බං මේ කොක්කු
රගනවා වාගේ අතදරු බබ්බු
අත බාල කරලම ගැහුවා තුරුම්පු
ආසද කන්න මේ පාර සෙරෙප්පු

මම මට්ටු නම් වෙන්නෑ
තට්ටු මොකො
හෙප්පුව දෙන්න වලිප්පුවඩෝ
වරොං බල සක්කර වට්ටමේ ශෝ
රට්ටු හිනස්සන කතා එපෝ

අපෙ ආදරේ ගැන මාන්තරාවට
සාස්තරේ කිව්වා
උඹේ නේත්තරාවට හාන්සි වූ මට
මහන්සි නැහැ නෝනා

තොගෙ මෝස්තරේ හරි ආන්තරාවයි
මොනාද තව ඕනා

මනහාරියේ මගෙ යෝධියේ
මොනාද තව ඕනා
මනහාරියේ මගෙ යෝධියේ
සැපද තව ඕනා

සැපද
සැපද
සැපද
දැන් සැපද

සැපද
සැපද
සැපද
දැන් සැපද

සැපද
සැපද
සැපද
දැන් සැපද

YouTube ඔස්සේ වීඩියෝව නරඹන්න | Watch the video on YouTube

මනබැන්දු කාරනාවක් | Manabandu Karanawak by Yuki Navaratne [2022]

මං දෙන්නම් හිත ගන්න මගේ
නුඹ දැක cross උනේ මගේ ඊතලේ
කලඹාවී ඇස් ළඟපාත ඉස්
කැරකේවි නුඹ ළඟ පිස්සු වගේ
අකලට මල් වැස්ස වගේ
වියලුනු තොල් තෙත් වුනා ආයේ
බෑ ළඟින් යන්න කැස්ස වගේ
හිනා වෙන්න ඔය ලස්සන
දෙන්නම් ඔය ඇස්

මනබැන්දු කාරනාවක් මට කියපන්
මනබැන්දු කාරනාවක් මට කියපන්
ඉන්නට කියා මං නුඹව තියලා
නින්දෙම තියපන් නුඹම ඉඳලා
ඉන්නට කියා මං නුඹව තියලා
නින්දෙම තියපන් නුඹම ඉඳලා

නතර වෙන්න ඕන නෑ මං කාටත් කලින්
ඕන දේකට ඕන දෙයක් ඕන නෑ බං worry
මගේ පැත්තට මම ගේන්නම් ඕන තරම් පෝරී
තනියෙන් එපිට වුනේ උස්සගෙන කාටත් හොරෙන්
එයා පිට වී
තනිවෙන්න පෙම දම්
සැරසුනා ලෙන් ලෙන් මල්දම් සුදු පිරුමල්
තනියට ලංවෙන්නම්
මං වීර තරුවක් වෙන්නම් මගේ

පෙරුවකට ගැස්ම වගේ
වියලුනු තොල් තෙත් වුනා ආයේ
බෑ ළඟින් යන්න කැස්ස වගේ
හිනා වෙන්න ඔය ලස්සන
දෙන්නම් ඔය ඇස්

මනබැන්දු කාරනාවක් මට කියපන්
මනබැන්දු කාරනාවක් මට කියපන්
ඉන්නට කියා මං නුඹව තියලා
නින්දෙම තියපන් නුඹම ඉඳලා
ඉන්නට කියා මං නුඹව තියලා
නින්දෙම තියපන් නුඹම ඉඳලා

වසන්තේ | Wasanthe by Yuki ft. Ravi Jay [2021]

හන්තානේ පාරේ මල්වාරම් වාරේ
බඹරෝ මන් ආවේ මන් ආවේ හන්තානේ
හන්තානේ පාරේ මල්වාරම් වාරේ
බඹරෝ මන් ආවේ මන් ආවේ හන්තානේ

දැන් පාලුවෙන් අපි ලතැවෙන් නෑ
එන මාරුතෙන් අපි දිව යන්නෑ
හරි සීරුවෙන් කලබල වෙන්නෑ
මේ පාරනම් කරදරයක් නෑ

මා දැන මුත්තෝ අපි පැන ගත්තෝ
නන නා.. නා.. අපි නම් නා
මා දැන මුත්තෝ අපි පැන ගත්තෝ
නන නා.. නා.. අපි නම් නා

හීන ඉල්ලුවේ චිල් තමයි
හදවත කිව්වෙත් දැන් ඒකමයි
එන්න කන් දුන්නේ චිල් තමයි
හීන ඉල්ලන්නෙ චිල් තමයි

හීන ඉල්ලුවේ චිල් තමයි
හදවත කිව්වෙත් දැන් ඒකමයි
එන්න කන් දුන්නේ චිල් තමයි
හීන ඉල්ලන්නෙ චිල් තමයි

දසන්තේ ගියා මේ මගේ මේ මොනවගේ වසන්තේ
අනන්තේ කියාපං ඔහේ නැවතුමක් ඔහේ
හිත පාරන උන්ගෙන් දිව්වා
තිබහට බොන්නේ මේ ලපටි කුරුම්බා
මේ ගෙවන පය පොලොව ඉම්බා
තරු තුරුලේ ලෙන්ගතු හිත වින්දා
අද නෑ හෙට රෑ කොල නෑ
සිහි නෑ බොරු බෑ දන්නෙ නෑ
එන්න බෑ ආයේ නෑ යන්නෙ නෑ
තව බෑ ඇති දැන් මට බෑ
තව ගොතන්න එපා මට හදන්න එපා පදේ
වසන්තේ වගේ මේ මගේ හද ගියාවේ සුළගේ
මලක් වගේ ඉන්නේ මන්
ගොතන්න එපා හෙට හදන්න එපා පදේ

මා දැන මුත්තෝ අපි පැන ගත්තෝ
නන නා නා අපි නම් නා
මා දැන මුත්තෝ අපි පැන ගත්තෝ
නන නා නා අපි නම් නා

හීන ඉල්ලුවේ චිල් තමයි
හදවත කිව්වෙත් දැන් ඒකමයි
එන්න කන් දුන්නේ චිල් තමයි
හීන ඉල්ලන්නෙ චිල් තමයි

හීන ඉල්ලුවේ චිල් තමයි
හදවත කිව්වෙත් දැන් ඒකමයි
එන්න කන් දුන්නේ චිල් තමයි
හීන ඉල්ලන්නෙ චිල් තමයි

බොර දිය | Bora Diya by Yuki ft. Ravi Jay [2021]

පෙනෙනා කැඩපතේ දකිනා දෙවියන් දකිමි
මාවම දකිමි
දකිනා කැඩපතේ පෙනෙනා දෙවියන් මවමි
මාවම මවිමි

මුලාවට යා හැකි දුරකට
කෙනෙක් රවට්ටන ඒක පොඩි දෙයක් අද
කුමට ද සතුටක් රිදවා අන් හිත
විස්වාසය බිදුනු තැන ඉඳ පලක් නැත
කලුවරේ ඇවිත් කලුවරේ යන
මේ දෑස වසා ගන්න දින සදහට
මා යන්නේ සතුටෙන් මේ කය අත හැර
ඉතින් ගැලවුනා බොරුව ඔබෙන් සදහට
මං,

පෙනෙනා කැඩපතේ දකිනා දෙවියන් දකිමි
මාවම දකිමි
දකිනා කැඩපතේ පෙනෙනා දෙවියන් මවමි
මාවම මවිමි

ඇත්ත බොරු වෙන දින වෙනකන්ම බොරුව ඇත්ත
නොදැනිම අපි පාවිච්චි වෙනවා බොරුවක් රජ වෙන
වරෙන් මචන් සහෝදර ප්‍රේමෙන් අපි වැළදගන්න
කියලා තමා පටන් ගන්නේ මරා ගැනිල්ල
පණ දෙන්නම් බොට කිව්වට දෙන්න බැරි පන
දෙන එකා කිය කියා ඉන්නෑ දෙන දේ ගැන
උබ හිතුවද මේක වීර කතාවක් හිඳ
වචන story වෙනවා වීරයා වුණු කල
කාපු බීපු තැන කාපුවා යන්නේ වනසලා
වටේ පලාතම කුණු වපුරලා
කුණු ගොඩේම තව ඉන්න බැරි හින්දා
ආවා මගේ පාරක් මම හොයා
එවිට උබ කිව්වා එවිට උබ කිව්වා
අන්න අරූ වෙනස් වෙලා
වෙනස් වුණේ නෑ මම
කැත උබලගෙ සිතුවිලි මාව වෙනස් කලා
සමාවෙන්න ගැලූ ගග බොර වුණා
දියෙන් මම ආවා ගොඩ
දිනෙක දකින්න ඕනේ නෑ දෑසට සිදෙන
හැටි නුඹේරළ පෙල
ඉතින් යන්නද මන් ඉතින් ගැලවුනා මන්
නැවත නොයෙන්නට
දෑස වසා ගත්තා මන් මනසින් නැවත නැවත
පිබිදෙන

පෙනෙනා කැඩපතේ දකිනා දෙවියන් දකිමි
මාවම දකිමි
දකිනා කැඩපතේ පෙනෙනා දෙවියන් මවමි
මාවම මවිමි

පෙම් තාලම් | Pem Thaalam by Gavin Andrew ft. Yuki [2021]

අවාරයේ ආ වියවුල් හිත නොවන සේම ඉවසුම්
මගේ හිතේ කෙටි නැවතුම් යළි යළිඳු දේවි විමසුම්
විරාගයේ හිත දුහුලැල් වේවිදෝ නේක පැටලුම්
ජීවිතේ වූ හරසුන් පෙම පසිඳලාවි පැහැදුම්

ඒ දෑසෙන් කීව පිළියම්
මේ ප්‍රේමෙන් ගේන සැනසුම්
අල්තාරෙන් ආව ඇමතුම්
නවතයි මගේ හිතේ දෙදුරුම්

නිම්නාදෙන් ගේන හිනැහුම්
රෑ හීනෙන් පේන පැහැදුල්
මංතීරේ රෑක දිරි දුන්
හැඟුමෙන් වේවි හිතම නිරවුල්

තුන්‍ යමේ නුඹ කෙරේ
මුදු මදනල් පෙම් තාලම්
මැදියමේ තුන්හිතේ
පිළි රැව් දෙයි හරි දේවල්

සීරුවෙන් මෘදු හැඟුම්
සිර කරවා මා නොඑන මන්සලෙන්
හිත හංගං මං සල්ලාපයේ
ස්නේහයෙන් ආදරෙන්

හිත සනසා පාන එක බැල්මකින්
ආනන්දෙන් හිතම නිවේ
තුන්‍ යමේ නුඹ කෙරේ
මුදු මදනල් පෙම් තාලම්

කියන්න හිතං ඉන්නවා නම් by A Ryan ft. Ravi Jay & Yuki [2021]

මං හෙටත් ශෝක වේ ශෝක වේ
දැං උනත් ආදරේ නැද්ද හිතුවේ

නිහඩ හැම රෑම මා නුඹව හොයලා
සිහින පාරැවක මා සයුරෙ ඇදුනා

මගෙ හිත තරැ වගෙ නිවුනා
නැතිවුනු තැං ගැන හිතලා
රතුවුනු දෙනයන රිදුනා
නුඹ ගැන මට කලකිරැනා

මිනි මිනි පොද ගත වැදුනා
යටි හිත නුඹවම හෙව්වා
රතු වුන දෙනයන රිදිලා
මතකය හිමිහිට ඇඩුවා

මදුසමයේ වෙලාවෙදි
නුඹ මට කියන්න හිතං ඉන්නවානං
මගෙ දෑස නොබලා මගෙ අත අල්ලං
නුඹ කදුලු පිරැන දෑසින්
නුඹෙ පතිවත කෙලෙසුවා
අතීතෙ කුමරා මා ලග නැති කාලෙදි
මං ඉන්නද වාවා ගෙන ඒ වචන
මුලු ජීවිත කාලෙම මං හිටියා
එනකං දැනෙනා ආදරයක්
නුඹෙගෙන් ඒ සෙනෙහෙ තමා ඕනා
නෑ කිසිවක් මට වෙන ඕනා
මගෙ ආදරෙ වැඩි උනා වැඩි නේද
නුඹ විශ්වාස කලා මං වැඩී නේද
කම් නෑ ලැබීමනං ඒක නුඹ සතුටින් ඉන්නයි මට ඕන
ඒ වරදට සමාව මං දුන්නම
මං හරි පිරිමියෙක් වගෙ බොට දැනුනද
ඒ වේදනාව දන්නේ මම
කදුලට එන්නේ මතකෙ කඩාගෙන
මං ඉන්නේ අතරමැදි කලාපෙක
හිර කරගෙන මේ මහා පීඩනය
මට ඇත්තට ආදරෙ කලානං නුඹ
පතිවත දුන්නෙ වෙනෙකුට කොහොමද හාහ්

මගෙ හිත තරැ වගෙ නිවුනා
නැතිවුනු තැං ගැන හිතලා
රතුවුනු දෙනයන රිදුනා
නුඹ ගැන මට කලකිරැනා

මිනි මිනි පොද ගත වැදුනා
යටි හිත නුඹවම හෙව්වා
රතු වුන දෙනයන රිදිලා
මතකය හිමිහිට ඇඩුවා

සුදු කොළයක | Sudu Kolayaka by Anjitha Kuruppu ft. Yuki [2021]

සුදු කොළයක මම ලියමී ප්‍රේමෙන්…
කියවන්න එනවාද රහසින්…
අල්පයක් නොවටින හිතට…
පවසන්න ප්‍රේමයේ වත්කම්……

කළුපාට දුම් පිරුණු අහසින්…
හිත කියන කවි ලියමී ඒ පාටින්…
කවි දකින්නට එනවාද වැව ලගට…
නිවෙන දැවෙනා සිහින අතරින්…..

නුඹ හමුවුණු සෙංකඩගල අහසින්…
ගීයක් කරමු ඒ කවිපෙල ප්‍රේමෙන්…
හඟවන්න නුඹ නැති කල්පයම…
අහස කරනා පෙමක ගෙත්තම්….

නුඹ ගාව නැවතිච්ච හිතකින්…
මම ලියමී නුඹ අත්හල අතකින්…
පෙම් ගමනක ශේෂය අවසානේ…..

සුදු කොළයක මම ලියමී ප්‍රේමෙන්…
කියවන්න එනවාද රහසින්…
අල්පයක් නොවටින හිතට…
පවසන්න ප්‍රේමයේ වත්කම්……

සුදු කොළයක මම ලියමී ප්‍රේමෙන්…
කියවන්න එනවාද රහසින්…
අල්පයක් නොවටින හිතට…
පවසන්න ප්‍රේමයේ වත්කම්……