in Nisal Gamage

චාරු දේවී | Chaaru Devi by Nisal Gamage [2019]

ඇස් කොනින් නුරා බැලුම්
දෙතොල් අගින් සිනා කැළුම්
මන්දහාස මුවග වෑහෙනා
නින්ද නේන හේතු සෑදෙනා..

ඇස් කොනින් නුරා බැලුම්
දෙතොල් අගින් සිනා කැළුම්
මන්දහාස මුවග වෑහෙනා
නින්ද නේන හේතු සෑදෙනා..

ළමැද යහනේ හිස තියා
හිඳිමි දෙවුරේ අත තියා
සුහදිනීයේ ලං ලං වෙලා
හිසම පිරිමැද සනසනා
සුවයටම නතුවෙමි සිතා
ස්නේහ වර්ශාවෝ ඉතිරෙනා
නුඹම වේ මා රාජිණි
සංසාර ගමනේ හා බැඳී
නිම් නොවූ ස්නේහයේ හොවා

උදුල සඳවත දැක නිති
පියුමුපුල නොබලා ඉමි
චාරු දේවී මා සනසනා
සිහින හැම ඔබ හා බැඳී
ලොවම ඔබ වෙනවා දැනී
ආල සන්තානේ ඉතිරෙනා
හිඳිනෙමි මා ආදරී
සංසාර ගමනේ හා බැඳී
නිම් නොවූ ස්නේහයේ හොවා

banner

Leave a Reply