in Daam Teledrama, Dhanith Sri

දාම් (Theme Song) | Daam (Theme Song) by Dhanith Sri [2020]

ගලා යයි දැන්
හිනා ගගුල
වසන්තයේ මල්
පිපී මනරම්

මගේ දූ නම්
මලක්මයි මටනම්

මලක් වීමට තිබෙන හන්දම
කියා දුන්නේ උදා ඉර නම්
තාත්තා එහි
ඉර තමයි රන්වන්

ආදරේ
අහසක් තරම් බව
නේද කීවේ
ඒත් අම්මා නැතිව කොහොමද
හිතාගන්නේ

ආදරේ අහසේ
උදා වෙන බව
හදයි දන්නේ

දූගේ අම්මා තමයි හද මත
හිනා වෙන්නේ

හැන්ගි මුත්තම්
සෙල්ලමත් මට
එපා වේවී

එන්න අම්මේ
මාව අමතක වෙලාවේ
දූගේ අම්මා
හීනෙනුත් තුරුලුව හිදීවී
හෙටත් රහසින්
බලං ඉමු හාදුවක් දී

ගලා යයි දැන්
හිනා ගගුල
වසන්තයේ මල්
පිපී මනරම්

මගේ දූ නම්
මලක්මයි මටනම්

මලක් වීමට තිබෙන හන්දම
කියා දුන්නේ උදා ඉර නම්
තාත්තා එහි
ඉර තමයි රන්වන්

banner

Leave a Reply