in Dinesh Gamage, Kanchana Anuradhi

දැනෙනා තුරු මා | Danena Thuru Maa by Dinesh Gamage ft. Kanchana Anuradhi

දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්
මියෙනා දිනයේ
කදුලක රස විදිමින්

නුඹගේ පහසේ
රහසක් වූ මාගේ
නොලියූ කවියේ
පද එකිනෙක බිදුනේ

දැනෙනා සෙනෙහේ
අයිතිය නැති මා
කවුරුන්දෝ කියලා ඇසුවා

අපගේ වරදේ
ගැඹුරක් දැනෙනා
දවසේ මොහොතක්
මං සිතුවා

නිල් පාටින් හැඩ
මේ අහස
ආදරේ දුක වින්දා ද

මා ගාවින් උන්
ඒ හීන
පාවෙලා යනවා
දුර ඈත

නැවත හමු නොවේන
සංසාර ගීයේ
හිතක
තනි මකනවා
අපගේ ප්‍රේමයට
පසුවදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා

දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්

වෙන්වී යන බව
දැන දැනම
තාම හිත ඉල්ලන
ඔය දෑත

අහස ගුගුරා කිව්
ඒ පුවත
තේරුනා මටනම්
කල් ඇතිව

නැවත හමු නොවේන
සංසාර ගීයේ
හිතක
තනි මකනවා
අපගේ ප්‍රේමයට
පසුවදන ලිව්වේ
කවුදෝ අපි සොයනවා

දැනෙනා තුරු මා
ඉන්නද නුඹ ගාවින්

banner

Leave a Reply