in Kaizer Kaiz, Sanjula Himala, Sinhala Rap

දැනුනු ආදරේ | Danunu Adare by Sanjula Himala ft Kaizer Kaiz [2021]

ආදරේ හීනයක් සැබෑ උනත් නැතත්
දවස ගානේ ගලනවා පොදි බැදන්
නුඹව මට මහ මෙරක්
අයිති වූවත් නැතත්
මගේ හිනේ ඔබමයි දකින්නේ මැරෙනකන්

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
යලිත් මකපු ආදරේ

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
මා හද කැලබූ ආදරේ

ලියන්න ලියන්න උඹ ආයේ මැකුවා
හිත හැදෙන්න හැදෙන්න උඹ ආයේ කැඩුවා
මං එල්ලෙන්න එල්ලෙන්න උඹ මාව හැලුවා
ඒත් මේ කාලකන්නියට උඹ නැතුවමත් බැරුවා

ගැලපුවේ ගැලපෙන්නැති හදහනක්
දැණ් හදවත තනිකර මලගමක්
යන්නත් කලින් එක මැරිලා දින හතක්
උඹ ආයෙත් එනවා පොරවගෙන හමක්

කොච්චර දැගලුවත් නවත්තන්න
මේ ප්‍රේතයා ආසම කටක් කන්න

මියෙන හදට පොඩි පනක් ගන්න
ගිහින් උනේ උඹේ ආදරේ මැරුම් කන්න
ඇයි ඇයි රිද්දන්න ආස
විදිනවා බලං ඉද්දී මං නුඹේ පහස

එලිකරපං කෙල්ලේ ඒ රහස
වචනෙකින් දුකයි සතුටයි දෙකම දෙන රහස

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
යලිත් මකපු ආදරේ

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
යලිත් මකපු ආදරේ

මේ හිතට දැනුන ආදරේ
මේ හිත හෙව්ව ආදරෙ
ලෙයින් ලියපු ආදරේ
යලිත් මකපු ආදරේ

banner

Leave a Reply