in Sanath Nandasiri

දේදුන්නේ පාට පාටින් | Dedunne Pata Pitin by Sanath Nandasiri

දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු
සන්ධ්යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ

දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු
සන්ධ්යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ

ගංගාවේ ගීතයක් වී
ගිම්හානේ මේඝයක් වී
සන්තාපේ අංගනාවී ඈ මාගේ නේදෝ
තුන්කල් දකිනා
ඇල්මෙන් රඳනා
තන්හාවකින් ළං ළං වෙනා

දේදුන්නේ පාට පාටින් ආදරේ බැන්දු
සංසාරේ වන්දනාවේ ප්රේමයේ ළන්දු
සන්ධ්යාවේ නිම් වළල්ලේ
මායාවී දෑස දැල්වේ
කවුරුන්දෝ ඈ නොවේදෝ
ඈ මගේ නේදෝ

රන් මෙවුලේ නෙත් රැඳේවි
පා යුග්මේ සිත් ඇලේවී
මල් යහනේ දේවතාවී ඈ මාගේ නේදෝ
දෑතේ පැටලී
කාමී අඳුරේ
කැන්දාගනී මෝහනය…

banner

Leave a Reply