in Sinhala Rap

දෙවිවරු | Devivaru by Kamaj [2020]

හීන පොදි බැඳ ජීවිතේ ගැන
හාමතේ හිත ඉල්ලනා
සැනසීම මට අංශුවක් වත්
ලැබුනෙ නෑ අද වෙන තුරා

රෝද හතරෙන් වඩින රිශිවරු
පන්සලේ පලිලියෙ පුරා
ඉර්ධි බලයෙන් බැටරි පනදෙන්න
අපව රවටන අයියලා

කය පිනවන දේවල්
රස දනවන දේවල්
අප ගිජුවන දේවල්
යනකොට එනවා නම්, අවසානයෙදි මං

අහස උඩ අපි වඳින දෙවිවරු
ඉන්නෙ අපගේ පින් පතා
නිවන් යන්නට පින් එකතු කරගන්න
ඉන්නවා මනුසතා

ජීවිතේ ගොඩ ගන්න දඟලන
මල් විකුනනා නංගිලා
රෝද තුන උඩ ජීවිතේ ගැට
ගහගන්නවා මල්ලිලා

කය පිනවන දේවල්
රස දනවන දේවල්
අප ගිජුවන දේවල්
යනකොට එනවා නම්, අවසානයෙදි මං

අවසානයෙදි මං (අරගෙන යනවානම්)
අවසානයෙදි මං (ස්වර්ගයට යමු බ්න්)
අවසානයෙදි මං (මා ගෙනයාපන්)
අවසානයෙදි මං, අවසානයෙදි මං

banner

Leave a Reply