in Thilan Dhanushka

ධූම වර්ෂා | Dhuma Warsha by Thilan Dhanushka [2021]

මන්දාකිණියේ බබළවනා නිල් තරුවක් වී රෑ අහසේ අන්ධකාරය මැදින් පීරා නුඹ සොයා ආවා

මා සිවු ලොවේ හිණිමං තනාලා රාගයෙන් නුඹ හා වෙලීලා රුදුරු මායිම් නියම් ගෙවාලා නුඹ සොයා ආවා

යාත්‍රිකයා හමුවේ මේඝ වර්ෂා පවා බිඳුනේ
සක්වලින් පැමිණෙනා දිනයේ ධූම වර්ෂා පවා
නැගුනේ

පාවී එන්නම් ඔය දෙනෙත් සොයා මං රහසේ
සැගවී යාදෝ නුඹ සඳුගේ හද තුරුලේ
මා එනතෙක් හැකිදෝ ඉන්නට කිඳුරේ
දැක ගන්නට පමණයි මගෙ මේ ගිනි ගෙන දැවෙනා ආදරේ

හමනා මේ සුලගේ තවරා එයි සෙනෙහේ
කුමරි සිනහවෙන් මා වෙත හෙලනා ඒ බැල්මේ
සඳ අයිතිය දැරුවත් මට අහිමි වූවත්
පවුරක් නෑ මා කෙරේ යන්නම් මගෙ සිහිනයන්
කොදෙව්වේ

තරු කුමරී හිමි ආලයටයි අඹරේ
නෑ වරමක් මා හට ඒ රිදුමන් සිහිනේ
ලෝ පරදාලා මේ යන ගමනේ
මා සිත පරදාලා බිඳුනාවේ

පාවී එන්නම් ඔය දෙනෙත් සොයා මං රහසේ
සැගවී යාදෝ නුඹ සඳුගේ හද තුරුලේ
මා එනතෙක් හැකිදෝ ඉන්නට කිඳුරේ
දැක ගන්නට පමණයි මගෙ මේ ගිනි ගෙන දැවෙනා ආදරේ

banner

Leave a Reply