in Pramuditha Dissanayake, Yasas Medagedara

දිව්‍ය දේහි | Divya Dehi by Pramuditha Dissanayake [2020]

සිහින ගානේ සරා රූප ඡායා
නග්න දේහී නුරා දෑස මානා
ඉගි ලෝචනා මන මෝරනා
වයිවර්ණනා ඉගි රූරනා
සද සේද ආයේ මා රස සාදා
ලැසි තාල සේද ඈගේ සිත තෝරනා

දිව්‍ය දේහියේ
මන කලබා පෑ නුරා
ඈගේ දෑස මානේ
දිව්‍ය දේහියේ
මන කලබා පෑ නුරා
ඇගේ හීන කාවේ රූමතේහි

දැනුනා හැගුනා ලදුනේ
මනසේ සැනසේ ඉදුනීල ආශා
සේයා මවා
නොසිතූ විලසේ ලැබුනේ
සිතුසේ ගැවසේ ඉගු දෑස මා හා
ඡායා පවා
සිහින ගානේ මවා චේතනා
ප්‍රේම ආශා සදා වෑහෙනා

දිව්‍ය දේහියේ
මන කලබා පෑ නුරා
ඈගේ දෑස මානේ
දිව්‍ය දේහියේ
මන කලබා පෑ නුරා
ඇගේ හීන කාවේ රූමතේහි

ලමැදේ වෙලෙනා හැගුමේ
වැලැදේ සෙනෙහේ ඇගේ දෑත පාලා
කියනා කතා
ගගනේ දිලෙනා සදුනේ
ගැවසේ උපමා ඔබ ඒවී මා හා
සසරේ පුරා
සිහිනගා නේ මවා චේතනා
ප්‍රේම ආශා සදා වෑහෙනා

සිහින ගානේ සරා රූප ඡායා
නග්න දේහී නුරා දෑස මානා
ඉගි ලෝචනා මන මෝරනා
වයිවර්ණනා ඉගි රූරනා
සද සේද ආයේ මා රස සාදා
ලැසි තාල සේද ඈගේ සිත තෝරනා

හැම හැගීමක්ම
හැම විදීමක්ම
සාපේක්ෂ බව තේරුම්ගතිමි
ඉතින් ලබාගත් ආදරය
බලාගන්නා මිනිසුන් අඩු ලොවක
ආදරය ආදරයෙන් හැමදාම බලාගමු

banner

Leave a Reply