in Neil Warnakulasuriya, Nelson Vass

දිය ඇල්ලට බෑ | Diya Ellata Ba by Nelson Vass

දිය ඇල්ලට බෑ මහවැලි ගංගාවට බෑ
මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ
මහ වැස්සට බෑ ඉන්දීය සාගරයට බෑ
මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ
බෝතලේ….. මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ
බෝතලේ….. මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ

උඹ හින්දා ඈට මා එපාලු
උඹෙ නැවුම් සුවඳ ඈට දුඟද වේලු
ඈ ගියදා මට නොදැනුණු පාළු
උඹ නැතිදා මට දැනේවී යාළු
මුළින්ම මට නුඹේ සිසිල දැනුණේ
ඇය වෙනකෙකුගේ පහස ලැබූ දවසේ
වෙන තුරුළක චපල එයා නැලවේ
උඹ තුරල් වෙලා ඉඳපන් මගෙ පපුවේ
බෝතලේ….. මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ
බෝතලේ….. මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ

උඹෙ යාලුවෝ ඔක්කොම මම වගේදෝ
චපල පෙමක අවසන් ප්‍රතිඵලේදෝ
භවෙන් භවය හොයාපු සැනසුමදෝ
උඹට එහා තව නිවනක් වේදෝ
ළඳකට බෑ පෙම් කරන්න සමසේ
උඹට හැකිය සලකන්නට එකසේ
ඒත් අඟහිඟකම් ඇති වුණදා නිවසේ
උඹත් මාව දාලා යාවි දුකසේ
බෝතලේ….. මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ
බෝතලේ….. මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ

දිය ඇල්ලට බෑ මහවැලි ගංගාවට බෑ
මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ
මහ වැස්සට බෑ ඉන්දීය සාගරයට බෑ
මගේ පපුවේ ඇවිලෙනා ගින්දර නිවාදමනු බෑ
බෝතලේ….. මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ
බෝතලේ….. මගේ බෝතලේ
නුඹ නොවෙදෝ මගේ පපුවේ ගිනි නිව්වේ

neel warnakulasuriya,non stop sunflower,derana sun flower,bakamuna sunflower,derana non stop,bakamuna non stop,sunflowers old,sunflower,nelson vaas,sunflower nonstop,best non stop,sun flower,all right nonstop,sunflower non stop,best sinhala song,ipaduna da patanma,attack showe,bakamuna show,bakamuna ground,new songs,oruwe nagala,musical show,bakamuna derana,diolog mega wasana,non-stop,new band,sirasa musical show,femous band,flash back live

banner

Leave a Reply