in Janith Iddamalgoda

දුටු දා ඉඳලා | Dutu Da Indala by Janith Iddamalgoda [2017]

දුටු දා ඉඳලා මගේ මන බැන්ඳු
නෙතු දාහක් ළඟ මතකයේ රැන්දු
මට මොකටද හෙට ඔය සුර ළන්දු
මම කියන්නේ දැන් ඔබටයි සින්දු
අද නිදියන්නේ හෙට යළි ඇහැරෙන්නේ
හැමදාමත් මා ඔබව පතා
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල

බාල කාලේ හම්බවෙච්ච රෝස පෙම්බරි
දෑත අරන් ළඟම ඉන්න තාම නම් බැරි
ඈත පේනවද අපේ පාර නම් හරි
නොනිදා ඉන්න එපා හීන යාවී මගහැරි
දෙන්නාම එකම පන්තියේ
මතකයි එදා පෑ සනහා ප්‍රේමවන්තියේ
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල

මගේ ගාව හිටි හැටි ඉඩ නොදී වැටෙන්න
තෑගි කරපු ආදරේ තරමටම විටින්න
ලොව නැත කිසිවක් මව්පිය සෙනෙහේ හැරෙන්න
ඔබයි රැජිණ වැටුණොත් මගේ හිසට ඔටුන්න
දෙන්නාම එකම පන්තියේ
මතකයි එදා පෑ සනහා ප්‍රේමවන්තියේ
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල

දුටු දා ඉඳලා මගේ මන බැන්ඳු
නෙතු දාහක් ළඟ මතකයේ රැන්දු
මට මොකටද හෙට ඔය සුර ළන්දු
මම කියන්නේ දැන් ඔබටයි සින්දු
අද නිදියන්නේ හෙට යළි ඇහැරෙන්නේ
හැමදාමත් මා ඔබව පතා
මටයි ඕනෑ ඔය සිනහා රැල්ල
හැඩයි කෙල්ලේ නුඹේ මුදු කෙහේ රැල්ල

written by Amila R Nandasena

banner

Leave a Reply