in Bhashi Devanga

ඒ කාලේ | E Kale by Bhashi Devanga [2020]

හිත ඒ කාලේ වාගේ – මට මතකයි මගේ බාලේ
දුවගෙන යන්නට හිතෙනා මට ඒ වාගේ
ඔය ගුණදම් පිරි දෑතේ වෙලෙමින් මා සුව නින්දේ
මට දැනුනා ඒ සෙනෙහේ මාගේ අම්මේ


අද ආඩම්බරයෙන් කියනා…
අද මා මේ තැන නුබ හින්දා…
තනි නෑ නුබ මා ලග ඉන්නා…
මා ආදරෙයි ඔබ හා හා සැමදා…

අඩුවක් නැති පොඩි කාලේ – මතකයි මට හැම හීනේ
ඔහු නොකියා දෙන ආලේ – නෑ වචන ඒ තාලේ
මා අහසක් උසට ගියත් නුබ මා රජු වේ සැමකල්
ඒ උනුහුම මට දැනුනා මගේ තාත්තේ…

අද ආඩම්බරයෙන් කියනා…
අද මා මේ තැන නුබ හින්දා…
තනි නෑ නුබ මා ලග ඉන්නා…
මා ආදරෙයි ඔබ හා හා සැමදා…

banner

Leave a Reply