in 2FORTY2 Maathra

එනවාද යලි සොයලා | Enawada Yali Soyala by 2FORTY2 [2021]

කොතැන සිටියද මගෙන් මිදිලා
තාම නුඹ ගැන හිතෙනවා
දෑත සිපගත් දිනය සිහිවී
දෑස රහසෙම තෙමෙනවා
නුඹ දුන්නු සෙනෙහස දුන්නු විදියම තව හිතේ රැදිලා
යලි එන්න හිතුනොත් එන්න සිපගමි
නුඹ තුරුළු කරලා

එනවාද යලි සොයලා
හිදිමි නැවතී නුඹම පතලා
යනවාද අත් පටලා
පෙරදි වාගේ තුරුළු වීලා

මගේ හිතේ හැන්ගිලා හිටිය හැටි
තවත් දැනෙනවා
ජීවිතේ නැවතුනා ගියපු දින
මගේ ලොවෙන් පියඹලා
ඇසුනා නම් මාරුතේ ඒ ගී ඔබටයි සදා

එනවාද යලි සොයලා
හිදිමි නැවතී නුඹම පතලා
යනවාද අත් පටලා
පෙරදි වාගේ තුරුළු වීලා

ඔය අතින් අල්ලලා ඇවිද ගිය ගමන් සිහිවුනා
ආදරෙන් දුන් සිතින් දුකම දී
නුඹ මගෙන් දුර ගියා
ඇසුනා නම් මාරුතේ ඒ ගී ඔබටයි සදා

එනවාද යලි සොයලා
හිදිමි නැවතී නුඹම පතලා
යනවාද අත් පටලා
පෙරදි වාගේ තුරුළු වීලා

banner

Leave a Reply