in Amal Perera

හාදු සුළඟේ | Haadu Sulange by Amal Perera [2020]

හාදු සුළගේ දැවටිල්ලේ
මෝදු ඇල්මේ ඇවටිල්ලේ
දැනෙනා
හදට දැනෙනා
විකසිත සිහිනේ සරා

පිපුනාවේ පිපුනාවේ විහිදා
ඉපිලෙන්නේ කැල්මන් නුරා
මට හැගුනා
මට සිතුනා
මට කීවා රහසින් පවා

මල් පෙත්තෙ සියුමැල්ල
සිරුරම දවයි
ඉඩ නැද්ද විදගන්න දැන්

රත දත ඉරා
සිතියම් මකා
බඹරෙකු මල් පොද උරා

පිපුනාවේ පිපුනාවේ විහිදා
ඉපිලෙන්නේ කැල්මන් නුරා
මට හැගුනා
මට සිතුනා
මට කීවා රහසින් පවා

හිරි කොවන වදනකට
හැකිලෙන්නපා
කදුළැල් ඇයි
රූරා ගලා

හිනැහෙන්නකෝ
නැලවෙන්නකෝ
සතපාලා සනසන්නදෝ

පිපුනාවේ පිපුනාවේ විහිදා
ඉපිලෙන්නේ කැල්මන් නුරා
මට හැගුනා
මට සිතුනා
මට කීවා රහසින් පවා

හාදු සුළගේ දැවටිල්ලේ
මෝදු ඇල්මේ ඇවටිල්ලේ
දැනෙනා
හදට දැනෙනා
විකසිත සිහිනේ සරා

පිපුනාවේ පිපුනාවේ විහිදා
ඉපිලෙන්නේ කැල්මන් නුරා
මට හැගුනා
මට සිතුනා
මට කීවා රහසින් පවා

banner

Leave a Reply