in Gayan Perera, GAYYA

හද මන්දිරේ | Hada Mandire by Gayan Perera [2022]

හද මන්දිරේ
ඇදි සිතුවමේ
හැඩකාර මා අගභිසව
රාජධානියේ

මතකය අපේ ප්‍රේමාදරේ
නටබුන් වෙලා වැලලී ගියා
අතීතයේ

සිතකින් නොවේ
හඩවා වෙන්වී ගියේ
යදිමී සමා දනින් වැටී පාමුලේ

පවනේ දැවටී
සුළගේ හොරහින් සැගවී
සුවදුන් ආදරයේ
මතකය මා රිදවාවී

මතුදා සසරේ
හමුවේද බලා හිදිමී
කල පව් පලදී
අද මා තැවෙමී

කල පව් පලදී
අද මා තැවෙමී

කදුලැල් නෙතේ
නුඹයි පිසලුවේ
සල්ලාලවේ හාදකම් වලින්
තුති මා කලේ

අවලම් මගේ මිතුරන් වටේ
කල චෝදනා හංගන් හිතේ
කොහොම ඉවසුවේ

නෑ වැටහුනේ
මෝඩකම් මට
මාගේ උඩගුවේ
බිසව වී අද ඔබ වෙනකෙනෙකුගේ
මාළිගේ

පවනේ දැවටී
සුළගේ හොරහින් සැගවී
සුවදුන් ආදරයේ
මතකය මා රිදවාවී

මතුදා සසරේ
හමුවේද බලා හිදිමී
කල පව් පලදී
අද මා තැවෙමී
කල පව් පලදී
අද මා තැවෙමී
කල පව් පලදී
අද මා තැවෙමී

hada manire lyrics , hada mandire gayan perera lyrics , hada mandire gayan perera chords

banner

Leave a Reply