in Rookantha Gunathilaka

හද සැනසෙනවා | Hada Sanasenawa by Rookantha Gunathilaka

හද සැනසෙනවා රෑ තරු යායේ
සිත නලවනවා විසිතුරු ලීලේ
පායන්නකො ආයේ මේ මහ රෑ යාමේ
මගෙ රන් සුදු රන් සඳ පානේ

හද සැනසෙනවා රෑ තරු යායේ
සිත නලවනවා විසිතුරු ලීලේ
පායන්නකො ආයේ මේ මහ රෑ යාමේ
මගෙ රන් සුදු රන් සඳ පානේ

සීතේ තුරුල් වෙමූ
මීදුම පවන් සැලූ
කාලය හෙමින් ඇදෙයි ගෙවිලා
නැහැවෙයි සුපෙම් හැඟුම්
යාවේ සුසුම් පවන්
ඔබෙයි මගෙයි සැමදා
තරු කැට දිලිසෙනවා
ඔබ මට ලං වෙනවා

ආයේ හඬන්නෙ නෑ
සෝ ගී වයන්නෙ නෑ
ලඟින් ඉමී සැමදා
පෙම් ගී ගයන්නෙමී
නොසැලී හිදින්නෙමී
ආදරේ හින්දා
තරු කැට දිලිසෙනවා
ඔබ මට ලං වෙනවා

හද සැනසෙනවා රෑ තරු යායේ
සිත නලවනවා විසිතුරු ලීලේ
පායන්නකො ආයේ මේ මහ රෑ යාමේ
මගෙ රන් සුදු රන් සඳ පානේ

banner

Leave a Reply