පව් නොපිරේවා
අකීකරු රත්තරනේ
මැව්වට ජාලා කඳුලු බිඳු
මේ දෙනෙතේ
හදවතට එකඟව
යමක් තියෙනවා කියාගන්න
මට ඔබකෙරේ
ඔබ නැතුව මම ඉන්නෙ කොහොමද
කියා හිතාගන්න බෑ හෙට දිනේ
නොකිලිටි සයුරක
ගැඹුරුම පතුලක
මුතු අහුරක් තරම් දිදුලන
ඔබෙ මතකය ලඟ
අසරණ උන මට
හරි වෙහෙසයි බලා පෙරමග
මතුපිටින් සිනහා වෙන්නම්
ඇතුලතින් තුරුලු කර තනිකම
පූජාසනයක සඟවා
සුරැකිව අද මෙන් මතු අනාගතයට
ඔබ වෙනුවෙන් කල පිවිතුරු සෙනෙහස
තිබුණාදෙන් හිතේ නිසලව
සමු අරන් යන්න එහෙනම්
වාසනාවන්තියක් අසලට
Leave a Reply