in Gunadasa Kapuge

හන්තානේ කඳු | Hanthane Kandu by Gunadasa Kapuge

හන්තානේ කඳු දන ඇන නමදින
සිරි දළදා හාමුදුරුවනේ
ඔබ වහන්සෙ ළඟ ඉගෙන ගන්න ගිය
මගෙ දරුවා හාමුදුරුවනේ
පිරුවත අන්දා ඇස් දෙක පියවා
ගෙන ආවලු හාමුදුරුවනේ
දළදා නාමෙට උත්තර දෙනවද
මතු බුදු වෙන හාමුදුරුවනේ

ඇතුරිඳුනේ මේ සැතපෙන දරුවා
ලෙඩට බෙහෙත් නැති කෙනෙකුන් දෝ
වනන්තරේ වැඩි සෙනගට අහු වුන
මාරු වැල පෑගුන කෙනෙකුන්දෝ
මේ මගෙ පුතු බව අදහනු කෙලෙසද
ලෙඩකින් දුකකින් නැත පෙලුනේ
දාදිය විකුණන හොර මැර නැති අප
අකල් මරණ ගැන නැත දන්නේ

කාලය දීපය දේශය දන්නා
මතු බුදු වෙන හාමුදුරුවනේ
ධර්මය දැනගෙන එන්න ගියේ පුතු
හමුවුන නැති වග නැත දන්නේ
තුවාල සුදු රෙදි පටින් වසාගෙන
උඩුකුරු වී මේ සැතපෙන්නේ
ඒ දස ධර්මයෙ ගුණ කඳ නොවේද
කියන්න දැන් වත් ඇදුරිඳුනේ

banner

Leave a Reply