in Rookantha Gunathilaka

හිරු සඳු අතරේ | Hiru Sandu Athare by Rookantha Gunathilaka

හිරු නැඟෙන්නේ කඳු අතරින්
ඔබේ රැස් අරගෙන
වැසි වැටෙන්නේ වළාකුලින් සීතල අරගෙන
පොළෝ තලේ පුද ලබන්න සුවඳ පඬුරු බැද
පහදා ගන්නට සිත අපේ ඔබේ පිහිට යැද

හිරු සඳු අතරේ බබළන රැස් පැතිරේ
ලබනා ඔබේ කරුණා අප සිත් හී රැඳුනා
හිරු සඳු අතරේ බබළන රැස් පැතිරේ
ලබනා ඔබේ කරුණා අප සිත් හී රැඳුනා

දුක සැප දෙක එක වාගේ තබා ගන්න සිත
දැනුම නුවණ අපේ හදට ලැබෙනවද
අතීතයෙන් අනාගතය වෙත යන ගමනට
ආලෝකය වී ජීවේ අත්වැල වනු මැන

හිරු සඳු අතරේ බබළන රැස් පැතිරේ
ලබනා ඔබේ කරුණා අප සිත් හී රැඳුනා
හිරු සඳු අතරේ බබළන රැස් පැතිරේ
ලබනා ඔබේ කරුණා අප සිත් හී රැඳුනා

banner

Leave a Reply