in Dilki Uresha, Nisal Fernando

හුස්මක් තරමට | Husmak Tharamata by Dilki Uresha [2020]

ආදරය හරියට
සුළග වගේ
හදවත නිවන්න වගේ
හදවත දවල අළු කරන්නත්
ආදරයට පුළුවන්

ඇහිපිල්ලමක්
යට ඔබව තියලා
රැකගත්තේ මං
මගේ නේද කියලා

එක මොහොතකින්
මගේ හිතම හොල්ලා
ඈතටම ගියේ
ඇයි මාව දමලා
ආදරෙයි ඔබට මං රත්තරං

හුස්මක් තරමට දැනෙනා
ආදරයක් ඔබ දුන්න
ඔබ නැති ජීවිතයත් මා
හීනෙන්වත් නෑ දැකලා

කවදත් වගේ
ඔබ භාවනාවක්
මට ඔබ තරම්
නෑ දැනුනේ කාවත්
ඇබ්බැහිවෙලා මම ඔබට තාමත්
ඔබ නැති හෙටක් මට නම් අපායක්
ආදරෙයි ඔබට මං රත්තරං

හුස්මක් තරමට දැනෙනා
ආදරයක් ඔබ දුන්න
ඔබ නැති ජීවිතයත් මා
හීනෙන්වත් නෑ දැකලා

මුලු ලෝකයක්
පීරාලා සෙව්වත්
මේ මං තරම් ආදාය කවුරුත්
හමුවෙන්නෙ නෑ මේ අහස යට නම්
අපි ආදරෙන් එක් වෙමුද ආයෙත්
ආදරෙයි ඔබට මං රත්තරං

හුස්මක් තරමට දැනෙනා
ආදරයක් ඔබ දුන්න
ඔබ නැති ජීවිතයත් මා
හීනෙන්වත් නෑ දැකලා

written by Nisal Fernando

banner

Leave a Reply