in T.M.Jayarathne

ජීවිතේ අමා දරා | Jiwithe Ama Dara by T. M. Jayarathne

ජීවිතේ අමා දරා උල්පත රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා

අද රෑ මල් උයනේ නෑ ඔබේ හඬ ඇසුනේ
පිපි කුසුම් මල් යහන් තුලට වී
කොව්ලනේ නාඩන්නේ



ජීවිතේ අමා දරා උල්පත රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා

ඈත නිල්වන් ගුවනේ පියාබනා ලිහිණියනේ
මට කියන් තෙපි සොයා යන ලොවේ
සෝ තැවුල් රැදුනේ…

ජීවිතේ අමා දරා උල්පත රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා

හමන පවනේ සඟවා මගෙ පාලුව රහසේ
ඇත එවා ඔබ සොයා ගියා ලඳේ
මීවිතේ රස උතුරා…

ජීවිතේ අමා දරා උල්පත රස උතුරා
කෝ සුපෙම් හස කැලුම් රස හැඟුම්
මීවිතේ රස උතුරා

banner

Leave a Reply