in Ajith Bandara

කදුලක් මෙතරම් | Kandulak Metharam by Ajith Bandara

කදුලක් මෙතරම් උණුසුම් බවනම්
දැන සිටියේ නෑ මීට කලින්
දෑස තෙමන්නට නුඹ රිදවන්නට
සිතුවේ නෑ මං තුන් හිතකින්
හැඩුවේ මා නෙතු ඔබේ නමින්

සිත මත පොපියන සීතල සිතුවිලි
එකිනෙක අහුලා දෝත දරන්
උදැසනක් සේ මා හමුවන්නට
දුවගෙන එනවද සිනා අරන්

කදුලක් මෙතරම් උණුසුම් බවනම්
දැන සිටියේ නෑ මීට කලින්
දෑස තෙමන්නට නුඹ රිදවන්නට
සිතුවේ නෑ මං තුන් හිතකින්
හැඩුවේ මා නෙතු ඔබේ නමින්

කාලය ඉගිලී මතකය අරගෙන
ඈත ගියොත් අප අපට හොරා
සිත් අසපුව ලග නුඹේ සුවඳ පොද
තියා යන්න යලි එන්න සිතා

කදුලක් මෙතරම් උණුසුම් බවනම්
දැන සිටියේ නෑ මීට කලින්
දෑස තෙමන්නට නුඹ රිදවන්නට
සිතුවේ නෑ මං තුන් හිතකින්
හැඩුවේ මා නෙතු ඔබේ නමින්
ඈතට නොගොසින් අතේ දුරින්
හිඳින්න සිත ලඟ සිනා සරින්

banner

Leave a Reply