in Rookantha Gunathilaka

කඳුලු බිඳක් මා | Kandulu Bindak Ma by Rookantha Gunathilaka

කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්

කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්

කුළුදුල් සෙනෙහස ඔබගේ
පුද කළ දා එකම සිතින්
ඔබ දෙගුරුන් නොපැතු මා
ලොව තනි වේ නම්

කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්

එක මඟ යන මුත් කිසිදා
හමු නොවෙනා දෙදෙනෙකු නම්
තනිවෙන්නම් සැමදා මා
ඔබ සැනසේ නම්

කඳුලු බිඳක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ ඇසින්
ආදරයේ අනුකම්පා
අයදින්නට එපා මගෙන්

banner

Leave a Reply